https://translationbooksinsinhala.blogspot.com/

Monday, August 20, 2018

හඳුනානොගත් මළසිරුර (2 පරිච්ඡේදය) - Whose Body? By,Sayers, Dorothy Leigh

හඳුනානොගත් මළසිරුර

2 පරිච්ඡේදය

"විශිෂ්ටයි බන්ටර්" අගනා හාන්සි පුටුවට බර වෙමින් පීටර් සාමිවරයා පැවසීය. "අැත්තටම මටවත් එ්ක එ් තරම් හොඳින් ඉටු කරන්න බැරි වෙන්න තිබුණා. මට කියන්න වචන නැහැ. ඔබ මට වටිනා පුස්තකයක් ගෙන අාවා. එ් වගේම £60 ක් මට ඉතිරි කරලා දුන්නා. එ් මං වුණා නම් මං ඔය සේරම වියදම් කරන්න ඉඩ තිබුණා. අැත්තටම එ්ක අයිති විය යුත්තේ ඔබටයි. කියන්න ඔබට මොනාද ඕනෙ? ඔබගේ කාර්යාලයට මොනවා හරි ඕනෙද? නැත්නම් ෆ්ලැට් එකේ මොනා හරි වෙනසක් කරන්න කැමතිද?"

"අැත්තටම ඔබ හරිම කරුණාවන්තයි ... ස්වාමීනි" වීදුරුව පරණ බ්රැන්ඩිවලින් පුරවන ගමන් සේවකයා පැවසී්‍ය. 

"එ්කට කමක් නෑ බන්ටර්. අැත්තටම ඔබ ඉතාම විශ්වාසවන්ත අයෙක්. ඉතින් කියන්න මොනාද ඔබට ඕනෙ? මොකද මනුස්සයො මේ බ්රැන්ඩි හලන්නෙ? ... මොකද කාමරේ තියෙන එළිය මදිවෙලාද?"

"සමාවෙන්න සර් මගේ කාච වල තත්ත්වෙ එච්චර හොඳ නැහැ." ඔහු ශාන්තව පැවසීය. මට එ්ක හදාගන්න තිබුණා. පුළුල් කෝණයක් තියෙන කාච ගැළපෙන්න ඉඩ තියෙනවා. මං ළඟ තියෙනවා එ් ලැයිස්තුව. ස්වාමීනි ... මේ බලන්න" ඔහු තම සාක්කුවෙන් ලැයිස්තුව රැගෙන තම ස්වාමියා වෙත මහත් උනන්දුවෙන් යුතුව ලබා දුනි. පීටර් සාමිවරයා එය උනන්දුවෙන් යුතුව කියවා බැලීය. ඔහුගේ මුවට දුර්වල සිනාවක් නැගුණි. 

"මොකක්ද මේක මට තේරුම් ගන්න බෑ" ඔහු කීය. "මේ වගෙ පුංචි වීදුරු කෑල්ලකට £50ක් යනවද? විහිළුවක් වගෙ. බන්ටර් මට මතක විදිහට ඔයා මට කිව්වෙ අර කියවාගන්නවත් බැරි පරණ භාෂාවකින් ලියලා තියෙන කිළිටි පරණ පොතට ඔයා £750ක් ගෙව්වා කියලා නේද? එහෙම නේද?"

"අැත්තටම මං එ් විදිහට අදහස් කළේ නෑ ස්වාමීනි"

"මේක හරිම අසාධාරණයි නේද?"

"නෑ ස්වාමීනි"

"අැයි ඔබ කලින් මට මේ ගැන කිව්වෙ නැත්තෙ?"

"මගෙ ස්වාමීනි .... වොර්තින්ග්ටම් අාර්යාව සඳහා වන රාත්‍රී භෝජන සංග්‍රහයට ඔබට ගොඩක් වියදම් කරන්න වුණා. අැත්තටම එ්ක ඔබේ බලතල තවත් වැඩි කරන්න උදව් වෙන දෙයක්"

"එ්ක ඔබේ අදහසක් විතරයි බන්ටර්. මං දන්නවා වොර්තින්ග්ටන් අාර්යාව ගැන මං මීට වඩා සළකා බලන්න ඕනෙ. එ් වෙනුවෙන් මං මගෙන් කෙරෙන්න ඕනෙ අනෙක් යුතුකම් අමතක කරන්න ඕනෙද? කියන්න බන්ටර්"

"නෑ ස්වාමීනි"

"ම් ... කෝෆි එක නම් මරු. කොහොමද මෙච්චර රහට හදන්නෙ ...... ඉක්මනින්ම ගිහින් ඔයාගෙ අැස් කාච හදාගන්න"

"ස්තූතියි මගෙ ස්වාමීනි"

"කෑම කාමරයෙ ඔයාගෙ වැඩ ඉවරද?"

"තාම නෑ ස්වාමීනි"

"හොඳයි ඉවර වුණ ගමන්ම එන්න. මට ගොඩක් දේවල් ගැන කතා කරන්න තියෙනවා ... ඕහ් .... කවුද මේ ...?"

දොර සීනුව නාද වන ශබ්දය අැසෙන්නට විය. 

"මේ වෙලාවෙ මං දකින්න අකමැති කෙනෙක් වුණොත් මං ගෙදර නෑ කියලා පිටත් කරන්න"

"මං එ් විදිහට කරන්නම් ස්වාමීනි"

පීටර් සාමිවරයාගේ පුස්තකාලය ලන්ඩනයේ තිබූ අගනාම කාමරයක් විය. කහ හා කළු පැහැයෙන් එය දිස් වුණි. එහි පොත් රාක්ක දුර්ලභ පුස්තකයන්ගෙන් පිරී තිබුණි. එහි තිබූ පිටු හා දිගු සෝපාව ඉතා මනරම් විය. කළු පැහැති දරුවෙකු සිතුවම් කරන ලද ඉතා අගනා චිත්‍රයක් කොනක විය. චිමිනිය මත තබා තිබූ මල් බඳුන් තද රතු හා රත්තරන් පාට මල්වලින් අලංකාර කොට තිබුණි. මෙම මනරම් කාමරයේ සිට නොවැම්බරයේ කලාතුරකින් දක්නට ලැබෙන නිමක් නොමැති මීදුම දෙස තරුණයාගේ දෙෙනත් යොමු වී තිබුණි.

"පාකර් මහත්තයා අැවිත් ඉන්නවා ස්වාමීනි" බන්ටර් ගේ හඬ අැසුණි. 

පීටර් සාමිවරයා මහත් ප්‍රීතියකින් හැරී බැලුවේය. 

"ඔබව දක්නට ලැබීම හරිම සතුටක්. කොච්චර අයහපත් කාලගුණයක්ද අද තියෙන්නෙ. එහෙම නේද? බන්ටර් ඉක්මනට ගිහින් මෙතුමාට ඔබේ අනර්ඝ කෝපි එක හදාගෙන එන්න. එ් වගේම සුරුට්ටු ගේන්නත් අමතක කරන්නෙපා. ඕහ් ... පාකර් .. මං හිතනවා ඔයාගෙ ජීවිතේ නම් අපරාධවලින් පිරිලා අැති. ගෙවල් ගිනි තැබීම්, මිනීමැරුම්වලින් නම් අඩුවක් නැතුව අැති. මායි බන්ටර්යි කරන්නෙ කම්මැලිකමේ මත්පැන් බිබී ඔහේ කාලය ගතකරන එක. මෙන්න ඔබ අැවිත්. අද රෑට නම් ගොඩක් රසවත් දේවල් කතා කරන්න පුළුවන් අපට. ඔබ දන්නවද මං සර් රැල්ෆ් බ්රොක්ලිබරි ගේ වෙන්දේසියෙන් ඩැන්ටි හා කැක්ස්ටන් ෆෝලියෝ කියන විශිෂ්ට කෘති මිලට ගත්තා. අැත්තෙන්ම බන්ටර් කේවල් කරලයි එ්වා මිලට ගත්තෙ. එ් අගනා මෙහෙයට මං ඔහුට අැස් කාච අරගන්න උදව් කරනවා. ඔහු සතුටට  ගීයක් මිමිණීය. "අැත්තටම මගේ සතුටට එකතු කරන්න ඔබේ පැත්තෙනුත් යමක් තියෙනවද? ... මේ ... මළසිරුරක් වගෙ දෙයක් ...."
ඔහු ගීයක් මුමුණමින් අැසක් වසා පාකර් වෙත ඉඟි කළේය. 

"අහ් ..." පාකර්ගේ මුවින් පිටවිය. "මට දැනගන්න ලැබුණා ඔබ ක්වින් කැරොලයින් මන්දිරය පැත්තෙ කරක්ගැහුවා කියලා. මට සග් මුණගැහුණ වෙලාවෙ ඔහු එ් ගැන මට කිව්වා. ඔහුගෙ නම් එ් ගැන වැඩි කැමැත්තක් නෑ. අසාධාරණ අතපෙවීමක් විදිහටයි ඔහු එ්ක දකින්නෙ." යි පාකර් කීය. 

"මං දන්නවා ඔහු එහෙම කියයි කියලා" යි පීටර් සාමිවරයා පැවසීය. "මං හරි කැමතියි ඔහුව අවුස්සන්න. ඔහු නිතරම හරි රළු ස්වභාවයක් පෙන්වන්නෙ. අර මොකක්ද නම ... ම් ... අාහ් ...  ග්ලැඩිස් ... අන්න එ් දැරිවියත් අත්අඩංගුවට අරන් කියලා ස්ටාර් පත්තරේ සිරස්තලයකින් මං දැක්කා. ඕහ් ... අපි මෙතෙන්ට වෙලා කියවා කියවා ඉද්දි සග් අරහෙ එයාගෙ රාජකාරිය අකුරටම කරනවා." යි පීටර් සාමි පැවසීය. 

"අැත්තම කියනවා නම් මාත් එ් පැත්තෙ ගියා. තිප්ස් මහත්තයාගෙ විශිෂ්ට නාන බඳුන බලන්න මටත් අවස්ථාව ලැබුණා. අැත්තෙන්ම මං එහෙ ගියෙ එ් අර සර් රූබියන් ලෙවි වත්ද කියලා බලන්න. නමුත් එ් ඔහු නෙමෙයි." පාකර් මහතා පැවසීය. 

"සර් රූබියන් ලෙවි ... පොඩ්ඩක් ඉන්න .. මට මතකයක් තියෙනවා මං එ් ගැන සිරස්තලයකින් කියෙව්වා වගෙ ... එ්ත් අැත්තටම මං එ් ගැන වැඩි අවධානයක් යොමු කළේ නෑ."

"හොඳයි ... අැත්තටම එ්ක ටිකක් අමුතු දෙයක්. අැත්තටම එ්ක වෙන්න පුළුවන් දේකුත් නෙමෙයි. අද උදේ ඉදන් තමයි ඔහු අා ගිය අතක් නැත්තෙ. අැත්තෙන්ම ඔහු අද මිලියන ගාණක් වටින මූල්‍යමය ගනුදෙනුවක් සඳහා රැස්වීමකට සහභාගී වෙන්නයි කටයුතු සූදානම් කරලා තිබිලා තියෙන්නෙ. මට එ් ගැන නම් සම්පූර්ණ විස්තර ලබාගන්න බැරි වුණා. එ් වුණාට මං දන්නවා ඔහු එ් වගෙ ගනුදෙනුවකට අත පෙව්වා නම් ඔහුට අනිවාර්යයෙන්ම හතුරො ගොඩක් හැදෙනවා. එ් හින්දම මේ නාන බඳුනෙ පළහිලව්ව අාරංචි වෙච්ච ගමන්ම මං එහෙ දිව්වා ... හරියටම එ් ඔහුද කියලා තහවුරු කරගන්න. අැත්තටම මට පෙනුණ විදිහට නම් එ් ඔහු නෙමෙයි. හොඳම දේ තමයි අර සග් නම් හිතාගෙන ඉන්නෙ එ් ඔහුමයි කියලා. ඔහු හරිම දරුණු විදිහට කටයුතු කරලා තියෙන්නෙ. දන්නවාද ඔහු කරලා තියෙන වැඩේ. ඔහු අසරණ ලෙවි අාර්යාවට විදුලි පණිවිඩයක් යවලා අැවිත් මළසිරුර  හඳුනාගන්න කියලා. කොහොම වුණත් රූබියන් මහත්තයාට තිබුණෙ පොඩි යුදෙව් හැඩහුරුකමක්. මේ නාන බඳුනෙ හිටිය හාදයා නම් කොහෙත්ම ඔහු වෙන්න බෑ. එ් ගැන නම් කතා දෙකක් නෑ. හැබැයි පුදුමෙ කියන්නෙ එ් හාදයාට රැවුලක් දාලා ගත්තා නම් ඔහු අැත්තෙන්ම රූබියන් මහත්තයා වගේ වෙන්න තිබුණා. ලෙවි අාර්යාව නොහිටින්න වෙන අයෙක් ඔහුව අඳුරාගන්න අාවා නම් අන්වාර්යයෙන්ම එ් ඔහු යැයි කියා රැවටෙන්න ඉඩ තිබුණා."

"ඔව් මං හිතනවා ඔබ හොයාගත්ත දේවල් ගැන ඔබ සෑහීමකට පත්වෙලා අැති"

"අැත්තෙන්ම ඔව්. සග්ගෙ විකාර කතා මං ගණන් ගන්නෙ නෑ."

"සග් නම් මහ අමනයෙක්." පීටර් සාමිවරයා පැවසීය. "ඔහු පොත්වල ඉන්න රහස් පරීක්ෂකයෙක් වගෙ. හොඳයි ... මං ලෙවි ගැන නම් මුකුත් දන්නෙ නෑ. එ් වුණාට මං අර මළසිරුර නම් දැක්කා. අැත්තටම එ්ක හරි අමුතු දෙයක් තමයි ... බ්රැන්ඩි ටිකක් ගන්නවාද?"

"මට මොකුත් හිතාගන්න බැරිව ඉන්නෙ. මේ පැටලුණ නූල් බෝලෙ ලෙහා ගන්න මට ඔබේ උදව් ඕනෙ කරනවා, විම්සෙ"

"බන්ටර් මෙහි හිටියට කමක් නෑ නේද? ඔහු අගනා හාදයෙක්. ඔහුට යමක් විශ්ලේෂණය කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා. ඔහු අපිට ප්‍රයෝජනවත් වෙයි. එහෙම නේද බන්ටර්?"

"එහෙමයි ස්වාමීනි"

"ඔය කෙහෙල්මල් වැඩේ නතර කරලා මෙන්න මෙහෙ එනවා අපිත් එක්ක පොඩි අඩියක් ගහන්න"

"අැත්තෙන්ම ස්වාමීනි"

"පාකර් මහත්තයා කිය කියා හිටියෙ අතුරුදහන්වෙච්ච ධනපතියෙක් ගැන. ඔව් එ් ගැන නම් කිසිම සැකයක් නැහැ. මේ බලනවා ... අැත්තටම ඔහු කොහෙද අැත්තෙ? ඔහු කොහෙ හරි හැංගිලාවත්ද දන්නෑ. අපිව මුලා කරන්නත් එක්ක. ඕහ් ... ඔහුට ස්තූතිවන්ත වෙන්න මෙන්න අපිට කුතුහලය දනවන යමක් තියෙනවා"

"අැත්තටම මට ඔබට සම්පූර්ණ කතාව කියන්න බැරි වුණානෙ." යි පාකර් කීය. "මේක අැත්තටම සරල කාරණයක් නෙමෙයි. සර් රූබියන් ඊයෙ රාත්‍රියේදී මිතුරන් තිදෙනෙක් එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙලා තියෙනවා. රාත්‍රී කෑමෙන් පස්සෙ මිතුරන් තිදෙනා රංගශාලාවට පිටත් වෙලා. නමුත් ඔහුට වැදගත් විගණන කටයුතු වගයක් කරන්න තියෙනවා කියලා සර් රූබියන් එහි යෑම ප්‍රතික්ෂේප කරලා. මට එ් ගැන නම් වැඩි විස්තර හොයා බලන්න බැරි වුණා. කොහොම වුණත් ඔහු නැවත නිවසට ගිහින් තියෙනවා. පාර්ක් වීථියේ නොම්මර 9. 12 වෙද්දි ඔහු එහි ළඟා වෙලා."

"කවුද ඔහුව දැකලා තියෙන්නෙ?"

"කෝකියා. ඔහු එ් වෙලාවෙම තමයි නිදාගන්න අැඳට ගිහින් තියෙන්නෙ. එවිටම වාගෙ ඔහුට පියවර හඬ අැහිලා තියෙනවා ... සර් රූබියන් ඔහුගෙ කෝට් එකයි කුඩෙයි රඳවලා ඉහළ මාලයට නැගලා. මතකනෙ එදා රෑ වැස්ස. ඊට පස්සෙ ඔහු අැඳුම් මාරු කරලා නිදා ගන්න ගිහින්. නමුත් උදේ බලද්දි ඔහු එහි නෑ. එච්චරයි." යි පාකර් බලාපොරොත්තු සුන් වූ අාකාරයෙන් දෑත් අැඹරීය.

"එච්චරයි ... අැත්තටම එච්චරද? ... වෙන කිසිම හෝඩුවාවක් නැද්ද?" පීටර් සාමිවරයා උනන්දුවෙන් විමසීය. 

"නමුත් ... අැත්තෙන්ම ඔව් ... එච්චරයි. ඔහුගෙ සේවකයා එතුමාට කතා කරන්න එද්දි ඔහු එහි ඉඳලා නෑ. නමුත් ඔහු නිදා ගත් බවට ලකුණු තිබිලා. ඔහුගෙ රාත්‍රී අැඳුමත් අනෙක් හැම අැඳුමක්මත් එහි තිබිලා. අමුතු දේකට තිබුණෙ පිළිවෙළකට නැමූ පුටුවක් වෙනුවට අපිරිසිදු පුටුවක් නෙසැළකිලිමත් ලෙස අැඳ පාමුල දමා තිබීමයි. එ්කනම් සර් රූබියන්ගෙ පිළිවෙළ නෙමෙයි. එ්කෙන්ම පේනවා ඔහු යම් මානසික කැළඹීමකින් ඉඳලා තියෙනවා කියලා ... පිරිසිදු කළ කිසිම අැඳුමක් නැති වෙලා නෑ. අඩුම තරමෙ කිසිම සපත්තු කුට්ටමක්වත් නැති වෙලා නෑ. ඔහු පැළඳගෙන හිටිය සපත්තු කුට්ටමත් වෙනදා විදිහටම අඳින කාමරේ තිබිලා තියෙනවා. ඔහු සාමාන්‍ය පරිදිම දත් මැදලා පිරිසිදු වෙලා තියෙනවා. ඔහුගෙ ගෘහසේවිකාව උදේ 6.30ට පමණ නිවස අස්පස් කරන්න අැවිත් තියෙන්නෙ. අැය දිව්රනවා ඊට පස්සෙ කිසිම කෙනෙක් අාවෙ ගියෙ නෑ කියලා. අපිට හිතාගන්න තියෙන්නෙ රැ දොළහත් උදේ 6ත් අතර මේ යුදෙව් ධනපතියට පිස්සු හැදිලා ඔහුගෙ උපන් අැඳුමෙන්ම හිමිහිට නිවසින් එළියට අැදිලා සීතල අඳුර තුළ අතුරුදහන් වෙලා කියලයි. නැත්නම් අර ඉන්ග්ලොඩ්ස්බ් පුරාවෘත්තයෙ එන කාන්තාව වගෙ මොහුත් අැඳුම් උනා දමා වාෂ්ප වෙන්නැති."

"ඉස්සරහා දොර අගුලුදාලාද තිබිලා තියෙන්නෙ?"

"මං හිතුවා ඔබ ඔය ප්‍රශ්නය අහයි කියලා. මාත් පැය ගාණක් එ් ගැන කල්පනා කළා. අැත්තටම හරිම අමුතුයි. සාමාන්‍ය පිළිවෙළට වඩා වෙනස්. සේවිකාවන් කිහිප දෙනෙක් රංගශාලාවට ගිහින් තියෙනවා. ඔවුන් නැවත පැමිණ නැතැයි සිතා සර් රූබියන් දොර අගුලු දාලා නෑ. මීට කලිනුත් එහෙම කරලා තියෙනවාලු."

"එහෙමද? ... වෙන මුකුත් තියෙනවාද?"

"අැත්තටම එච්චරයි ... මේ පොඩි නොවැදගත් දෙයක් විතරයි තව තියෙන්නෙ"

"අැත්තටම .. මං දැනගන්න කැමති එ් සුළු නොවැදගත් කරුණු ගැන තමයි." පීටර් සාමිවරයා පැවසීය. "අැත්තෙන්ම ගොඩක් වෙලාවට මුළු සිද්ධියෙම රහස හැංගිලා තියෙන්නෙ ඔය සුළු නොවැදගත් දෙය අැතුලෙ වෙන්න පුළුවන්. මොකක්ද එ්ක?"

"සර් රූබියනුයි ලෙවි අාර්යාවයි එකිනෙකාට ගොඩක් අාදරෙන් හිටිය යුවළක්. එකම කාමරේ තමයි පාවිච්චි කරලා තියෙන්නෙ. මං කලිනුත් කිව්ව විදිහට අැය මේ වෙද්දි වෙෙද්‍ය උපදෙස් මත මුහුදු ගමනක නිරත වෙලා ඉන්නෙ. ඉතින් සර් රූබියන් යුවළ අැඳේ තනියමයි නිදාගෙන තියෙන්නෙ. ඔහු මේ දවසෙ සාමාන්‍යයෙන් ඔහු නිදන පැත්තෙ නෙමෙයි අනිත් පැත්තෙ බිත්තියට ගොඩක් ළඟින් නිදාගෙන තියෙන්නෙ. එහෙම නැත්නම් කොට්ට දෙකක් එකට තියලා මැදින් නිදාගෙන තියෙනවා. අැගේ ගෘහපාලිකාව ගොඩක් බුද්ධිමත් යුවතියක්. අැය අැඳ හදන්න එද්දි මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. අැත්තටම මේක හොඳ හෝඩුවාවක්. ඊට පස්සෙ ඔවුන් පොලීසිය එන තුරු එහි කිසිම දෙයක් අල්ලලාවත් නෑ."

"සර් රූබියන් හා සේවක සේවිකාවන් හැර වෙන කවුරුත් මේ නිවසේ නැද්ද?"

"නෑ. ලෙවි අාර්යාව අැගේ සේවිකාව හා දියණිය සමඟයි පිටත් වෙලා තියෙන්නෙ. ඔහුගෙ අාවතේවකරු, කේකියා, ඔහුගෙ කෑම මේසයෙ කටයුතු බලාගන්න තැනැත්තා, ගෘහ පාලිකාව හා කුස්සියෙ වැඩ කටයුතු බලාගන්න සේවිකාවයි විතරයි ඉන්නෙ. මං පැයකටත් වැඩිය ඔවුන්ගේ ඕපාදූපයි දුක්ගැනවිලියි අහන්න කාලෙ නාස්ති කළා."

"ඊට පස්සෙ ඔබ මොකද කළේ?"

"සර් රූබියන්ගෙ අඩි සලකුණු ඔස්සෙ හෝඩුවාවක් හොයාගන්න උත්සාහ කළා. කෝකියා ඔහුව අවසානෙට දුටුව තැන ඉදන්. අැත්තටම මට හරිම ප්‍රහේලිකාවක් මේක. මට වෙලාවකට හිතෙනවා ඔහු අැතුලට අැවිත් නෑ. අැඳට ගිහිනුත් නෑ. අාපහු ගිහිනුත් නෑ."

"ඔහු වෙස්වලාගෙනවත්ද?"

"මං එ් ගැනත් හිතුවා. එ්කත් වෙන්න පුළුවන්. නමුත් එ්ක හරිම අමුතු දෙයක්, විම්සෙ. පළාතෙ පිළිගත්ත මහත්මයෙක්, මෙච්චර වැදගත් ගනුදෙනුවක් තියෙන අවස්ථාවක කාටවත් කිසිම දෙයක් නොකියා කොහෙවත් යයිද?"

"... එ් වගේ වැදගත් ප්‍රභූවරයෙක් කාටවත් කිසිම දැනුම්දීමක් නොකර, මැදියම් රාත්‍රියේදී වෙස්වලාගෙන, ඔහුගෙ ඔරලෝසුවවත්, මුදල් පසුම්බියවත්, චෙක්පොතවත් නොගෙන නිවසින් පිටවෙලා යයි කියලා ඔබ හිතනවාද? අඩුම තරමෙ ඔහුගෙ උපැස්යුවලවත් අරගන්නැතිව? ඔහුට කොහෙත්ම දුර පේන්නෑ. කන්නාඩි පාචිච්චි කරන්නැතිව ඔහුට එක අඩියක්වත් තියන්න බෑ."

"එ්ක නම් ගොඩක් වැදගත්" විම්සෙ කුතුහලයෙන් පැවසීය. "ඔයාට හොඳටම විශ්වාසද ඔහු ළඟ වෙනත් උපැස් යුවලක් තිබුණෙ නෑ කියලා?"

"ඔහුගෙ අාවතේවකරු කියපු විදිහට නම් ඔහු ළඟ කන්නාඩි කුට්ටම් දෙකක් තිබිලා තියෙනවා. එකක් කන්නාඩි මේසෙ මත තිබිලා හම්බුණා. අනෙක සුපුරුදු පරිදි ලාච්චුවේ සුරක්ෂිතව තියෙනවා."

පීටර් සාමිවරයාගේ මුවින් සිවුරුම් හඬක් පිටවිය. 

"ඔබ මාව අවුල් කරනවා පාකර්. අඩුම තරමෙ ඔහු සිය දිවි නසා ගන්න එළියට ගියත් ඔහුට උපැස් යුවල පළඳින්නම වෙනවා."

"අැත්තටම ඔබ හිතනවද ඔහු සියදිවි නසා ගන්න අැති කියලා. පාරට ගිය ගමන්ම වාහනේක හැප්පිලා මැරෙන්න අැතිද. එ්ක වෙන්න බෑ. මොකද මං හැමදාම රිය අනතුරු පිළිබඳ වාර්තා ලබාගන්නවා. එ් අතර සර් රූබියන් නැති බව සහතිකයි. අනිත් එක ඔහු දොරේ යතුරත් අරගෙනයි ගිහින් තියෙන්නෙ. එ්කෙන් ඔප්පු වෙනවා ඔහු අාපහු එන්න හිතාගෙනයි ඉඳලා තියෙන්නෙ කියලා."

"ඔහුත් සමඟ රෑ කෑමට සිටි පුද්ගලයින් ඔබට මුණ ගැහුණෙ නැතිද?"

"ක්ලබ් එකේදි ඉන් දෙන්නෙක් මට මුණ ගැහුණා. ඔවුන් කිව්ව විදිහට සර් රූබියන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉඳලා තියෙනවා. කිසිම සිත්තැවුලක් තිබෙන බවක් පෙනිලා නෑ. එ් වගේම ලෙවි අාර්යාව ඉක්මනින්ම මුණ ගැහෙන්නයි ඔහු සැලසුම් කරලා තිබිලා තියෙන්නෙ. සමහර විට එ් මේ එන නත්තලේ දි විතර ... එ් වගේම ඔවුන් අතරින් අයෙක් වන වින්ඩ්හැම්හි අැන්ඩර්සන් කියන පුද්ගලයත් එක්ක පසු දින උදේට කරන්න හිටිය ව්‍යපාර ගනුදෙනුව සම්බන්ධයෙනුත් ඔහු මහත් උනන්දුවකින් ඉඳලා තියෙන්නෙ."

"එ් කියන්නෙ අඩුම තරමෙ රෑ 9 වෙනකන් ඔහුට අතුරුදහන්වීමට කිසිම හේතුවක් තිබිලා නෑ"

"අැත්තෙන්ම ... එහෙම නැත්නම් ඔහු කිසිම කරදරයක් නැති ගානට හොඳ තාත්ත්වික රංගනයක යෙදිලා තියෙනවා. කොහොම වුණත් ඔහුගෙ රෑ කෑමෙන් පස්සෙ විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රියත් පාන්දර 5.30ත් අතර තමයි මොනා හරි සිද්ධ වෙලා තියෙන්නෙ."

"හොඳයි ... බන්ටර්" පීටර් සාමිවරයා කීය. "මොකක්ද ඔබට මේ ගැන හිතෙන්නෙ?"

"අැත්තටම මටත් පැහැදිලිව යමක් කියන්න අමාරුයි. මෙහි යම් අමුත්තක් තිබෙනවා. ඔහු දත් මැදීම, අැඳුම් මාරු කිරීම වගෙ එ්වා පුරුද්දට කරන්න අැති. නමුත් ඔහු හොඳ සනීපෙන් හිටියා කියන්න එ්වා ප්‍රමාණවත් නෑ. එ් වගේම ඔහුගෙ සපත්තු එළියෙන් තියන්නත් ඔහු අමතක කරලා නෑ. මේ කරුණු දෙක ගැන තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නෙ, ස්වාමීනි"

"ඔබට එ් ගැන යම් පෞද්ගලික අදහසක් තියෙනවා වගෙ .. බන්ටර්" පීටර් සාමිවරයා කීය.
"මට මෙහි යම් අමුත්තක් දැනෙනවා. මේක හරිම සිත් අැදගන්නා සුළු දෙයක් පාකර්. මේ බලන්න ... මට ඔබේ වැඩවලට අැඟිලි ගහන්න වුවමනාවක් නෑ. එ්ත් මං හරිම කැමතියි හෙට අැවිත් එ් නිදන කාමරය පොඩ්ඩක් බලන්න. මට ඔබගෙ වැඩ ගැන කිසිම සැකයක් නෑ. එ්ත් පෞද්ගලිකව මං එ් ගැන හොයා බලන්න කැමතියි. කරුණාකරලා බැහැ කියන්න නම් එපා ... තව බ්රැන්ඩි ටිකක් ගන්න .. ඔන්න බෑ කියන්න නම් එපා"

"ඔව් අැත්තෙන්ම ඔබට අැවිත් බලන්න පුළුවන්. මට වඩා යමක් ඔබට හොයා ගන්න පුළුවන් වෙයි." ඔහුගේ සංග්‍රහයන්ට කෘතඥවෙමින් පාකර් පැවසීය. 

"පාකර් ... මගෙ මිත්‍රයා ... ඔබ නම් ස්කොට්ලන්ඩ්යාඩ් එකට අාඩම්බරයක් ... අර සග් නම් මහ මෝඩ අමනයෙක්. ඔහු අර මළසිරුර ගැන මොනා කරනවාද දන්නෑ."

"සග් මට කිව්වා ඔහු හුස්ම හිරවීමකින් මියගිහින් තියෙන්නෙ කියලා. වෙෙද්‍යවරයා එ් ගැන තහවුරු කරලා. එ් වගෙම ඔහු කියලා තියෙනවා එ් දිනකට හෝ දින දෙකකට පෙර මිය ගිය අයෙක් කියලා. එ් වගෙම ඔහු පනස්වියේ පමණ පසු වූ යුදෙව් ජාතිකයෙක් බවත් වෙෙද්‍යවරයා කියා තිබෙනවා. සග් නම් හිතාගෙන ඉන්නෙ මළසිරුර කාටත් හොරෙන් ජනෙලෙන් රිංගලා නානකාමරේට අැවිත් කියලා. නැත්නම් ඉස්සරහා දොරෙන් ගෙට අැතුලු වෙලා ගෙදර අයටත් කතාකරගෙනම නාන කාමරේට යන්න අැති. එ්කනෙ අර අසරණ දැරියව අත්අඩංගුවට අරන් තියෙන්නෙ. ඔහුට තිප්ස්වත් අත්අඩංගුවට ගන්නයි වුවමනා වෙලා තියෙන්නෙ. අැත්තටම තිප්ස් මහත්තයා ඊයෙ දවසෙම ගෙදරින් පිටවෙලා ඉඳලා තියෙන්නෙ. ඊයෙ රෑ 10.30 වෙද්දිත් ඔහු අැවිත් ඉඳලා නෑ. ඉතින් මං සග්ට මතක් කළා මේ මනුස්සයා දිනකට හෝ දෙකකට කලින් මැරුණු කෙනෙක් බව. එහෙම නොවෙන්න ඔහු මෙලහටත් තිප්ස් මහත්තයාව අත්අඩංගුවට අරගෙන. කොහොමත් හෙට වෙද්දි ඔහුව අත්අඩංගුවට ගනියි. අර ගෙත්තමේම ඉන්න මහලු කාන්තාවට නම් මේ වෙන දේවල් තේරුම් ගන්න බැරි වෙයි."

"අැත්තටම අර පුංචි හාදයා එහි නොහිටිය එක හොඳට ගියා. එ්ක හොඳට ගියා." පීටර් සාමිවරයා කීය. "ඔබ සග්ට තදින් ඉඳලා වෙෙද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වුණ කරුණු එ් මෘගයාට කියලා දීපු එක හොඳයි. ඔබට මතකද අර චෙල්ස් තේ කඩේ පළහිලව්ව? එ් වගේම වෙෙද්‍ය ශිෂ්‍යයො හයදෙනාගෙ ප්‍රශ්නෙ? අභිරහස් පෙට්ටියෙ පළහිලව්ව වගෙ අසාමාන්‍ය පරීක්ෂණවලදි වුණ දෙවල් ඔබට මතකනෙ. 

"ග්ලැයිස්ටර්යි ඩික්සන් මෑනුයි විනිසුරුවන් ඉදිරියට පැමිණෙව්වා මතකද? ඔබට දිව්රලා කියන්න පුළුවන්ද තින්ග්හම්ටයිට් වෙෙද්‍යවරයා කියන විදිහට මරණයෙන් පැයකට පස්සෙත් සිරුරෙහි වෙව්ලීමක් සිද්ධවෙන්න පුළුවන් කියන එක. අවුරුදු ගානක මගෙ අත්දැකීම් අනුව නම් එ්ක විය නොහැකියි. නමුත් මොනා කරන්නද මෙය යුක්තියේ අධිකරණයයි. පාර්ලිමේන්තු මැතිවරණයක් නෙමෙයි. ඉතින් අපිට එ් වැඩවලට අැඟිලි ගහන්න බෑ. මොනා වුණත් නීතියට අනුව වෙෙද්‍ය තින්ග්හම්ටයිට් ජීවත්ව හෝ මරණයට පත්ව ඉන්න ඕනෑම පුද්ගලයෙකුට ගරු කරනවා." කියා පහත් වී හඬනඟා සිනාසුනි. "මහත්මයා මෙය සිනහවට කාරණයක් නෙමෙයි තමයි. අැත්තටම මගේ අනුග්‍රාහකයා ඔහුගෙ ජීවිතේ ගැන හොඳටම කළකිරිලා හිටියෙ. මහත්මයා කිසිම සැකයක් නෑ. එ්ක තමයි අපරාධයට මුල. මං අායෙත් ඔබෙන් අහනවා ඔබට වගකීමෙන් දිව්රන්න පුළුවන්ද .. කිසිම සැකයක් නැතිව අසතුටින් හිටිය කාන්තාවක් බ්‍රහස්පතින්දා හවස වෙද්දි මරණය වැළඳ ගනියි කියලා? මට දැන ගන්න ඕනෙ වෙන්නෙ අැත්තටම සිදුවිය හැකි දේ ගැනයි මහත්මයා. අපි රෝමානුවන් නෙමෙයි. අපි නියම ඉංග්‍රීසි මිනිස්සු. ඔබට බ්‍රිතාන්‍ය ජූරි සභාවක් ඉස්සරහට ගිහින් කිසිම මනුස්සයෙක්ව වැරදිකාරයෙක් කරන්න බෑ ... පැහැදිලි සාක්ෂි නැතිව"

"මාත් හිතනවා ඔහුගෙ නිගමන වැරදියි තමයි" පාකර් කීය. 

"අැත්තෙන්ම ඔව්. නමුත් ඉන් වෙන අපකීර්තිය ගැන ඔහුට ගාණක් නෑ." යි කියමින් විම්සෙ නැගිට ගොස් පොත් රාක්කයෙන් වෙෙද්‍ය නීති විද්‍යාව පිළිබඳ පොතක් තෝරා ගත්තේය. "රිගර් මෝර්ය්න් මේ ගැන ගොඩක් දුරට කතා කරලා තියෙනවා. මෘග සිතුවිලි අැති වීම ගැනත් ඔහු ගොඩක් විස්තර කරලා තියෙනවා ... මරණයෙන් පැය 5ක් 6ක් ගත වන විට මළසිරුරෙ බෙල්ල හා හකු තද වෙන්න පටන් ගන්නවා. මේ තත්ත්වය ගොඩක් පරීක්ෂණවලදි අපි දැකලා තියෙනවානෙ. නමුත් යම් යම් හේතු මත එ් කාලය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එහෙම නේද පාකර්? ... මරණයෙන් මිනිත්තු තුන හමාරකින් සිරුර අඩපණ වෙනවා. නමුත් විශේෂ අවස්ථාවකදි මේ තත්ත්වෙ මරණින් පැය 16 වනතුරු පමා වෙන්න පුළුවන්. දින 21ක ට පස්සෙ නම් කොහොමත් නෑ. දෙවියනි ... මාංශ පේශිවල තත්ත්වය, උණ වගෙ අසනීපයක්, පරිසරයෙ උෂ්ණත්වය වගෙ තව ගොඩක් කරුණු තියෙනවා ... මේ වගෙ දේවල් නිසා කලින් කියපු දේවල් වෙනස් වෙන්න පුළුවන්. කොහොමවුණත් ඔබට සග් එක්ක වාද කරන්න මේවා යොදාගන්න පුළුවන්. ඔහු නම් මේවා ගැන අහලවත් නැතිව අැති." යි ඔහු පොත පසෙකට විසි කරමින් කීවේය.

"හොඳයි අපි අාපහු අදාළ කාරණයට යමු. මළ සිරුර ගැන ඔබගෙ අදහස මොකක්ද?"

"හොඳයි" රහස් පරීක්ෂකයා කීවේය. "තාමත් මට මේක ප්‍රහේලිකාවක්. ඔහු පොහොසත් පුද්ගලයෙක් වගෙ. නමුත් ස්වෝත්සාහයෙන් දියුණු වූ අයෙක්. එ් වගේම ඔහුට වාසනාව තිබිලා තියෙනවා මේ තත්ත්වයට දියුණු වෙන්න."

"අහ් ... ඔබට ඔහුගෙ අතෙහි රළු බව පෙනිලා වගෙ. මං හිතුවා ඔබට එ්ක මගනොහැරෙන්න අැති කියලා"

"ඔහුගෙ කකුල් දෙකේම දියබුබුළු මතුවෙලා තිබුණා. එ් කියන්නෙ ඔහු තද පාවහන් පැළඳ ඉඳලා තියෙනවා."

"මාත් එ් බව දුටුවා." පීටර් සාමිවරයා කීය. "එතරම් ධනවත් පුද්ගලයෙක් අැයි එ් වගේ අපහසු සපත්තු ජෝඩුවක් පළඳින්නෙ? එ්ක ටිකක් අමුතුයි නේද?"

"අනේ මන්දා ... එ් දියබුබුළු සළකුණු දවසකට දෙකක් හෝ තුනක් පරණයි. සමහර විට ඔහු රෑ මැදියමේ නගරයට ගිහින් අාපහු එන්න වාහනයක් නැතිව ගොඩක් දුර පයින් අැවිදගෙන අාවද දන්නෑනෙ."

"එහෙම වෙන්නත් පුළුවන්"

"එ් වගේම ඔහුගෙ පිටුපස හා එක් කකුලක පොඩි රතු පැල්ලම් වගයක් තිබුණා. මට එ්වා නම් ගණන් කරන්න බැරි වුණා."

"මාත් දැක්කා එ්වා"

"ඔබ මොකක්ද එ් ගැන හිතුවෙ?"

"මං එ්ක පසුව කියන්නම්. දැන්න ඉතිරි ටික කියන්නකො"

"ඔහුට හොඳ දුර දෘෂ්ටිකත්වයක් තිබිලා තියෙනවා. එ්ක නම් ටිකක් පුදුමයි. කොහොම වුණත් ඔහුගෙ උපැස් යුවල වයසක පුද්ගලයෙක් පළඳින එකක් වගෙ. නමුත් ඊට අගනා චේන් පොටක් නම් එකතු කරලා තිබුණා. එ් ගැන මට ලොකු කුතුහලයක් අැති වුණා"

"මං එ් සම්බන්ධයෙන් ටයිම්ස් පුවත්පතේ දැන්වීමක් පළකළා ... දිගටම කියාගෙන යන්න"

"ඔහු සමහර අවස්ථාවලදි කන්නාඩි පාචිච්චි කරලා තියෙනවා. එ් වගේම අර උපැස් යුවළ දෙපාරක් අලුත්වැඩියා කරලා තියෙනවා."

"විශිෂ්ටයි පාකර් ... විශිෂ්ටයි. ඔබ එහි වැදගත්කම තේරුම් ගත්තද?"

"අැත්තටම එ් ගැන නම් විශ්වාසයක් නෑ මට ... අැයි?"

"කමක් නෑ ... තව මොනවාද?"

"ඔහු නිතරම බුම්මාගෙන හිටිය ඉක්මනින් තරහා යන පුද්ගලයෙක්. ඔහු නියපොතු හපන්න අැබ්බැහිවෙලා ඉඳලා තියෙනවා. එ් වගේම ඔහු අැඟිලිත් හපලා තියෙනවා. ඔහුට යම් සුවිශේෂී මුහුණුවරක් තියෙනවා."

"ඔබ එ් කාමරෙත් සම්පූර්ණයෙන්ම පරික්ෂාවට ලක් කළාද? මට එ්කට නම් කාලයක් තිබුණෙ නෑ"

"මට අඩි සළකුණු නම් හොයා ගන්න බැරි වුණා. සග් සහ එයාගෙ පිරිස හැම තැනම අැවිදලා. අර පුංචි හාදයා තිප්ස්ටයි සේවිකාවටයිත් කියන්න යමක් නෑ. නමුත් නාන බඳුනෙහි බඳෙහි යම් සළකුණක් තිබුණ බවට ලකුණක් තිබෙනවා. දැන්නම් එ්ක අඳුනාගන්නත් අමාරුයි."

"අැත්තෙන්ම ඊයේ රෑ ගොඩක් වැස්සනෙ"

"ඔව් ... ඔබ දුටුවද ජනෙල් පඩිය මතත් යම් අපැහැදිලි සළකුණක් තිබෙනවා."

"ඔව් මං දැක්කා." යි විම්සෙ කීය. "අර පුංචි හාදයා හිටිය නිසා මට එ්ක හරියට පරීක්ෂා කරන්න නම් බැරි වුණා. නමුත් එ්කෙන් කියන්න බෑ ජනෙල් පඩිය මත යමක් තිබුණා කියලා." යි කියමින් ඔහු සිය තනි කාචය ගෙන පාකර්ට දුනි. 

"දෙයියනේ ... මේක ගොඩක් හොඳ කාචයක්නෙ."

"ඔව් එහෙම තමයි ..." විම්සෙ කීය. එ් වගේම මේක ගොඩක් වැදගත් වෙනවා අැසට නොපෙනෙන දෙයක් වුණත් හොඳින් දැකගන්න. මිනිස්සුන්ට පේන විදිහට නිතරම එ්ක පැළඳගෙන ඉන්න ඕනෙත් නෑ. අපේ අැස්වලට ගොඩක්ම අපැහැදිලිව පෙනෙන දෙයක් වුණත් මේකෙන් හොඳට බලාගන්න පුළුවන්."

"මං සග් එක්ක ගිහින් ගොඩනැගිල්ලෙ පිටුපස භූමියත් හොඳින් පරික්ෂාවට ලක් කළා." පාකර් කියාගෙන ගියේය. "නමුත් එහි කිසිම සළකුණක් දක්නට ලැබුනෙ නැහැ."

"එ්ක නම් සිත් අැදගන්නා සුළුයි ... ඔබ වහලෙට නැගලා බැලුවෙ නැද්ද?"

"නෑ"

"හොඳයි හෙටම ගිහින් උඩට නැගලා බලන්න. පීල්ල තිබෙන්නෙ ජනෙල් පඩියට අඩි කිහිපයක් උඩින්. මං එ්ක මගෙ සැරයටියෙන් මැන ගත්තා. එ්ක මහත්මයෙකුට ගොඩක් උදව් වෙන උපකරණයක්. මෙහි කිනිස්සකුත් අමුණලයි තියෙන්නෙ. මටම කියලා මේක විශේෂයෙන්ම හදවා ගත්තා ... තව මුකුත් විස්තර තියෙනවද?"

"මං හිතන්නෙ නෑ. දැන් ඔබේ අදහස කියන්න, විම්සෙ"

"හොඳයි මං හිතන්නෙ ඔබ ගොඩක් දේවල් නිරීක්ෂණය කරලා තියෙනවා. මට තියෙන්නෙ එ්වාට යම් කරුණු ටිකක් එකතු කරන්න විතරයි. මෙහි සිටින මනුස්සයා ළඟ රත්තරන් රාමුවක් සහිත ඉතා මිල අධික උපැස් යුවලක් තිබෙනවා. එ් වගේම දෙවතාවක්ම එය අලුත්වැඩියා කරලා තියෙනවා. නමුත් ඔහුගෙ දත් ... එ්වා සම්පූර්ණයෙන්ම දුර්වර්ණ වෙලා විතරක් නෙමෙයි හොඳටම නරක් වෙලා. හරියට ඔහු සිය ජීවිත කාලෙම දත් මැදලා නෑ වගෙ. ඔහුගෙ එක් පැත්තක හක්කෙ දත් හතරක් නැහැ. එ් වගේම අනිත් පැත්තෙ හක්කෙ දත් තුනක් නෑ. ඉස්සරහ එක් දතක් හරියටම මැදින් කැඩිලා. නමුත් මේ මනුස්සයා ඔහුගෙ පෙනුම ගැනත් හිතලා තියෙනවා. විශේෂයෙන්ම ඔහුගෙ කොණ්ඩය  හා අත්දෙක බලද්දි එ්ක පේනවා. මොකක්ද ඔබේ අදහස එ් ගැන?"

"ඔහු ගොඩක් මහන්සි වෙලා දියුණු වුණ මනුස්සයෙක්. ඉතින් ඔහුගෙ දත් ගැන එතරම් සැළකිල්ලක් දැක්වුවෙ නැතුව අැති. එ්වගේම ඔහු දන්ත වෙෙද්‍යවරයෙක් හමුවට යන්න බිය අැති"

"අැත්ත .. නමුත් ඔහුගෙ හක්කෙ දත් බොහොම රළු විදිහට ඉවත් කරලා තියෙන්නෙ. එ් වගේම ඔහුගෙ දිවත් තුවාල වෙලා තියෙනවා. එ්ක වේදනාකාරී නැද්ද? ඔබ කියන්නෙ මනුස්සයෙක් දතක් පුරවාගන්න යනවට වැඩිය එ්ක ලේසියි කියලද?"

"හොඳයි ... මිනිස්සුන්ට යම් යම් අමුතු ගතිපැවතුම් තියෙනවා. දන්ත වෙෙද්‍යවරයෙකු හමුවට නොගොස් වේදනාව ඉවසගෙන ඉන්න සේවකයො කිහිප දෙනෙක් ගැන මං දන්නවා. අැත්තටම මොකක්ද එ් ගැන ඔබේ අදහස, විම්සෙ?"

"ඉලෙක්ට්‍රික් විදුලි පන්දමකින් අැතුළ බැලුවා නම් ඔබට එ්ක දැකගන්න තිබුණා." පීටර් සාමිවරයා කීය. "ඉතා හුරුබුහුටි පුංචි යමක් ... මේ ගිනි පෙට්ටියක් වගෙ .... හොඳයි මං එ් ගැන පසුව පැහැදිලි කරන්නම්. මට අැත්තටම ඕනෙ වුණේ එ් ගැන ඔබේ අවධානය යොමු කරන්න. දෙවෙනි කාරණය තමයි ඔහුගෙ හිසෙන් වයලට් සුවඳක් වහනය වුණා. එ් වගේම ඔහුගෙ නියපොතු අලංකාර කොට තිබුණා. නමුත් ඔහුගෙ කන් නම් කවදාවත්ම පිරිසිදු කරලා නෑ වගෙ. කළාඳුරු පිරිලා. හරිම අප්‍රසන්නයි."

"අැත්තටම  ... ඔබ එ් ගැන කියපු එක හොඳයි, විම්සෙ. මං එ් ගැන අවධානය යොමු කළේ නැහැ. මට පේන්නෙ මේ වයසක හාදයාට ඉතාම නරක පුරුදු තිබිලා තියෙන්නෙ"

"අැත්තෙන්ම .. එ්වා පැත්තකට දාන්නකො. තුන්වෙනි කරුණ තමයි ඔහුගෙ නිය සහ කේෂාලංකාරය වගෙම අනෙකුත් සෑම දෙයක්ම මකුණන් කා තිබුණා."

"දෙවියන්ගෙ නාමෙට ... ඔබ හරි  .. ඔව් මකුණන් සපා තිබුණා තමයි. මං එ්ක එච්චර ගණන් ගත්තෙ නෑ."

"කිසිම සැකයක් නෑ. එම සළකුණු ඉතා දුර්වලයි වගේම පරණයි. නමුත් පැහැදිලිව දක්නට තිබෙනවා."

"ඔව් අැත්තෙන්ම. ඔබ අැයි එ් ගැන සඳහන් කරන්න හිතුවෙ. අැත්තටම එ් වගේ දෙයක් ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. මීට සතියකට කලින් ලින්කොයින් වල හෝටලයකදි මාත් එ් වගෙ අත්දැකීමකට මුහුණ දුන්නා. මට හොඳටම විශ්වාසයි ඊළඟට එහි එන පුද්ගලයත් එ් අත්දැකීමට මුහුණ දෙනවා."

"ඕහ් ... අැත්තෙන්ම කාට වුණත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් තමයි. හතර වෙනි කරුණ තමයි මේ මහත්මයා වයලට් සුවඳ විලවුන් තමයි ඔහුගෙ හිස ගල්වලා තියෙන්නෙ. එ් වගේම ඔහුගෙ සිරුර ඉතා සැර විෂබීජනාශක සබන් වර්ගයකින් පිරිසිදු කරලා තියෙනවා. පැය 24ක ට පස්සෙත් එ්කෙ සුවඳ හොඳට දැනෙන්න තිබුණා."

"මකුණන්ගෙන් නිදහස් වෙන්න එ් සබන් වර්ගය පාවිච්චි කරන් අැති"

"මාත් එ්කමයි කියන්න හිටියෙ, පාකර්. ඔබට හැම දෙයක්ම හොඳින් වැටහෙනවා. පස්වන කාරණය තමයි මේ වගෙ නරක පුරුදු තිබුණ මනුස්සයා හදිසියෙම අර තරම් දරුණු වැස්සක් අැද හැලුණ රාත්‍රියේදී ... මරණයෙන් පැය විසි හතරකට පස්සෙත් ජනේලයෙන් මතුවුණා. ඊට පස්සෙ තිප්ස් මහත්තයගෙ නාන බඳුනට වෙලා නිසලව වැතිරී ඉන්නවා ... මේ ඍතුවට නොගැළපෙන අාකාරයේ අැඳුමකින් ... එ් වගේම නාසික උපැස් යුවලකුත් එක්ක."

"... ඔහුගෙ කෙස් වැටිය අවුල් වෙලත් නෑ. කොණ්ඩෙ ගොඩක් මෑතකදි කපලා තියෙන්නෙ. ඔහුගෙ බෙල්ලෙත් නාන බඳුනෙත් කෙස් කොට දක්නට ලැබුණා. එ් වගේම නොබෝදා ඔහු රැවුල බා තිබෙනවා. ඔහුගෙ කම්මුලක වියලුණු සබන් දැකගන්න ලැබුණා."

"විම්සෙ!"

"පොඩ්ඩක් ඉන්න ... ඔහුගෙ කටෙත් වියලුණු සබන් තිබුණා."

බන්ටර් වහා නැගිට රහස් පරීක්ෂකයාගේ වැලිමිටෙන් ඉතා විනීතව අල්ලා ගත්තේය. 

"සර්ට තව බ්රුන්ඩි ටිකක් ඕනෙද?" ඔහු මිමිණීය.

"විම්සෙ .." පාකර් මිමිණීය. "ඔබ මාව වික්ෂිප්ත කළා." ඔහු එක හුස්මට බ්රැන්ඩි ටික ගිල දැම්මේය. වීදුරුවෙහි බ්රැන්ඩි ඉවර බව දැනී පුදුමයෙන් මෙන් වීදුරැව දෙස බලා එය ඉවතින් තැබීය. ඉන් පසුව නැගිට පොත් රාක්කය දෙසට අැවිද ගියේය. නැවතත් හැරී පැමිණ සාමිවරයාගේ පිටුපස සිටගෙන මෙසේ කීවේය,
"මේ බලන්න විම්සෙ. ඔබ ගොඩක් රහස් පරීක්ෂක කතා පොත් කියවනවා වගේ. ඔබ කතා කරන්නෙ කොහෙත්ම විය නොහැකි දේවල් ගැන"

"අැත්තෙන්ම නැහැ." පීටර් සාමිවරයා උදාසීනව කීය. "මේවා කොහෙත්ම පොත්වල තියෙන එ්වා වගේ නෙමෙයි. මොකද කියන්නෙ බන්ටර් අපිත් පොතක් ලියමුද? ඔබට පුළුවන් එ්ක පින්තූරවලින් පුරවන්න."

"සබන් ... මොන විකාර කතාවක්ද එ්ක" පාකර් පැවසීය. "එ් වෙනත් යමක්. යම් දුර්වර්ණ වූ දෙයක්"

"නෑ ..."පීටර් සාමිවරයා පැවසීය. "එහි රැවුල් කොට දක්නට ලැබුණා. ඔහුට රැවුලක් තිබිලා තියෙනවා."

ඔහු සාක්කුවෙන් සිය ඔරලෝසුව එළියට ගත්තේය. එ්ත් එක්කම දිගු හා රළු කෙස් ගස් දෙකක්ද ඉවතට ගත්තේය. පාකර් එ්වා අාලෝකයට අල්ලා හොඳින් බැලීය. ඉන්පසුව තම කාචය අාධාරයෙන් තවදුරටත් පරීක්ෂා කරන්නට විය. අනතුරුව පැත්තකට වී බලා සිටින බන්ටර් වෙත එ්වා දිගු කර මෙසේ පවසන්නට විය,
"විම්සෙ, ඔබ මට කියන්න ජීවත් වෙලා ඉන්න කිසිම මනුස්සයෙකුට පුළුවන්ද ඔහුගෙ කට අැරගෙන රැවුල බාන්න" ඔහු රළු ලෙස සිනාසෙන්නට විය. "ඊට පස්සෙ තමන්ගෙ කට කෙස් වලින් පුරවාගෙන මැරෙන්න යන්න ... ඔබට පිස්සු හැදිලද?"

"මං ඔබට එහෙම කිව්වෙ නැහැ." යි විම්සෙ පැවසීය. "ඔබත් අර පොලිස් නිලධාරීන් වගෙ මොළේ එක පැත්තක් පමණක් පාවිච්චි කරන්න හදනවනෙ. මං විශ්වාස කරනවා ඔබ ඊට වඩා එහාට යමක් ගැන හිතනවා ... ඔහුගෙ රැවුල බාලා තියෙන්නෙ මරණින් පස්සෙ. එහෙම වෙන්න බැරිද? බාබර්ට මේ පාර නම් ඉතා විනෝදජනක කාර්යයක් ලැබිලා වගේ ... මොකක් ... කරුණාකරලා ඉඳගන්නවා මනුස්සයො. නිකන් මෝඩයෙක් වගෙ කාමරේ වටේ අැවිදින එක නතර කරනවා. යුද්ධයකදි කොච්චර නපුරු දේවල් සිද්ධ වෙනවාද. මේක එ් තරම්ම නරක දෙයක් නෙමෙයි. නමුත් මං ඔබට කියන්න ඕනෙ පාකර් අපි මේ හොයාගෙන යන්නෙ ලොකු අපරාධයක් ... ඔව් ඉතාම සාහසික අපරාධයක්. වල්පල් දෙඩවීම නතර කරලා අපි කෙලින්ම කාරණේට බහිමු. අපිට ගොඩක් දේවල් උපකල්පනය කරන්න පුළුවන් ... මං මේකෙන් ලොකු අාස්වාදයක් ලබනවා පාකර්"

No comments:

Post a Comment