https://translationbooksinsinhala.blogspot.com/

Wednesday, August 29, 2018

හඳුනානොගත් මළසිරුර (6 පරිච්ඡේදය) - Whose Body? By, Sayers, Dorothy Leigh

හඳුනානොගත් මළසිරුර

6 පරිච්ඡේදය

අැත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී ලන්ඩනය හැර යාම පාකර් මහතාට ඉතාමත් අපහසු විය. උදෑසන කාලයේදී ලෙවි අාර්යාව හමුවීම සඳහා  යාමට සිදුවිය. ඉන්පසුව ඔහු සැලසුම් කර තිබුණේ සග්ගේ විමර්ශනවලින් නිශ්චිතවම කිසිවක් සොයා ගත නොහැකි වූ තිප්ස් මහතාගේ නාන බදුනේ වූ මළසිරුර සම්බන්ධ ජූරි විභාගය පවත්වන අවස්ථාවට සහභාගීවීමටය. ජූරි සභාව විසින් සවස 3ට සාක්ෂිකරුවන් කැදවීම පටන් ගැනුණි. 

තව ටිකෙන් ඔහුට මේ අවස්ථාව මගහැරීමට තිබුණි. වාසනාවට මෙන් ඔහු සග්ගෙන් උදෑසන දැනගත් තොරතුරු මත මෙහි පැමිණියේය. අැත්තෙන්ම සග්ගෙන් යමක් දැන ගැනීම ඉතාමත් අපහසු විය. සග් සිතා සිටියේ පාකර් මහතා මෙයටද අැගිලි ගැසීමට සූදානම් වන බවයි. තවදුරටත් ඔහු සිතන්න අැති පීටර් විම්සෙ සාමිවරයාත් මේ පසුපස අැති කියලා. 

අැසූ ප්‍රශ්නවලට ඔහු කෙලින්ම උත්තර ලබානොදුන්නත් හවස පැවැත්වූ නඩු විභාගයේදී ඔහුට පිළිතුරු දීමට සිදු විය. මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු මෙන් සහභාගී වීමේ පාකර් මහතා සතු අයිතිය නැති කිරීමට එ් කිසිවෙකුටවත් නොහැකි විය. පාකර් මහතා තමන්ගේ ස්ථානයේ හිදිමින් සිදුවන සියල්ලක් මහත් උද්‍යෝගයෙන් යුතුව නරඹමින් සිටියේය. පාකර් මහතා එහි යන විට පැමිණ සිටියේ තිදෙනෙකු පමණි. එහෙත් ක්‍රමයෙන් එකිනෙකා පැමිණ කාමරය පිරෙන්නට විය. තමන්ගේ වාසිය උදෙසා කෙරෙන අල්ලස් දීම් හා අනිසි බලපෑම් සිදුවෙනවා නිසැකය. 

අනතුරුව හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණියේය. කිසිදු තෙතමනයක් ඔහුගේ පෙනුමේ නම් නොවුණි. ඔහු රැස්ව සිටි පිරිස දෙස නොරුස්සනා බැල්මක් හෙළීය. සියලුම ජනෙල් පියන් විවෘත කරනු ලැබීය. අැතැමෙකු මෙයට අකමැති වූයේ ජනෙල් තුළින් එකිනෙකා සභාවේ කටයුතුවලට හොස්ස පෙවිය හැකි බැවිනි. මේ සම්බන්ධව මානුෂීය ලෙස නොසිතූ හදිසි මරණ පරීක්ෂකවරයා ජනෙල් පියන් විවෘතව තැබීමට කටයුතු කළ අතර සභාවේ කටයුතු නිසි පිළිවෙලින් අැරඹිණි.  

නාසික උපැස් යුවළක් සහිතව තිප්ස් මහතාගේ නානබදුනේ තිබී හමුවූ මළසිරුර සම්බන්ධ පරීක්ෂණය මෙතැන් පටන් අැරඹිණි. එ් වෙනුවෙන් සාක්ෂි විමසීම සිදු කෙරිණි. රසකැවිලි කඩයක් පවත්වාගෙන ගිය කන්නාඩි පැළදි වයසක කාන්තාවගෙන් ප්‍රශ්න කෙරිණි. අැයට මේ අවස්ථාවෙන් පැන යාමට තරම් සිත් වන්නට අැතැයි මුහුණෙන් ප්‍රකාශ විය. හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සභාව කල්තබා මළසිරුර බැලීම සදහා නික්ම ගියේය. මේ අවස්ථාවේදී පාකර් මහතා නැවතත් සභාව දෙස ඕනෑකමින් බැලීය. එවිට ඔහුට දැක ගත හැකි වූයේ දැඩි පොලිස් රැකවල් මධ්‍යයේ ඉතාමත් කනස්සල්ලෙන් යුතුව තිප්ස් මහතා හා ග්ලැඩිස් නම් කාන්තාව යාබද කාමරයෙහි සිටින බවයි. කුඩා තොප්පියකින් හා සාළුවකින් සැරසී ගත් කෙට්ටු වයසක කාන්තාවද එහි විය. අැයට මේ අනර්ඝ කබාය හා තොප්පිය ලබාදෙන්නට අැත්තේ ඩෙන්වර්හි අාදිපාදවරිය විසිනි. අැගේ අදුරු පැහැ දෙනෙත් රැස්ව සිටි පිරිස අතර ඔබමොබ වේගයෙන් සැරිසරන්නට විය. ඊළග අවස්ථාවේදී අැගේ නෙතු පාකර් මහතා හමුවේ නතර විය. ඩෝවර් නිවහනේදී අැය ඔහුව බොහෝ වතාවක් දැක තිබේ. අැය ඔළුව වනා පොලිස් නිළධාරියාට කතා කරන්නට වූවාය. ඉතා ඉක්මනින්ම පාකර් මහතාට අාදිපාදවරිය අසලින් ඉදිරි පෙළ අසුන් ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය. අැය ඔහුට අාචාර කොට "අසරණ පීටර්ට මොකක්ද සිදුවුණේ?" යැයි විමසීය. පාකර් අැයට එ් ගැන පැහැදිලි කරන විට හදිසි මරණ පරීක්ෂකවරයා විසින් නොරුස්සනා බැල්මක් ඔහු වෙත හෙළීය. අයෙක් පැමිණ ඔහුගේ කනට කර යමක් කීවේය. ඔහුගේ මුවින් සිහින් කැස්සක් පිට විය. අනතුරුව වෙනත් යමක් අතට ගත්තේය. 

"අපි මෝටර් රථයෙන් අාවෙ" අාදිපාදවරිය කීවාය. ඩෙන්වර් සහ ගැන්බරි ශාන්ත වෝල්ටර්ස් අතර මාවත් එතරම් හොද තත්ත්වයේ නැති නිසා හරිම වෙහෙසකරයි .... අද දිවා අාහාරය වෙනුවෙන් පිරිසක් පැමිණීමට නියමිතව තිබුණා. නමුත් මට මේ වයසක කාන්තාව තනියම එවන්න බැරි නිසා එ්වා අවලංගු කළා. කොහොම වුණත් පල්ලියේ ප්‍රතිසංස්කරණ අරමුදලට වෙච්ච දේ නම් ටිකක් අමුතුයි නේද. දේවගැතිතුමා ...... ඕහ් අන්න නැවතත් ඔවුන් පැමිණෙනවා ... පසුව අපි කතා කරමු. බලන්න අර කාන්තාව දිහා ... අැය හොදටම කම්පනයට පත්වෙලා. අර තරුණියට අැයව මෙතෙක් කල් බලාගත්ත මහත්මයා ළගින් ඉන්න ඕනෙ වෙලා වගේ ... අැත්තටම මං අදහස් කළේ මේ ගැටලුව ගැන බිය නිසා අැය එහෙම හිතනවා අැති කියලයි ..... හදිසි මරණ පරීක්ෂකවරයාට හරිම දරුණු පෙනුමක් නේද තියෙන්නෙ. එහෙම නේද? ඔහු මං දිහාත් හරිම තියුණු විදිහට බැලුවෙ. ඔහු මාව උසාවියෙන් එළියට අැදලා දානවා කියලා තර්ජනය කරනවාද නැතිනම් මොකක්ද එ් බැල්මෙ තේරුම?

මුලින් දැක්වූ සාක්ෂි වලින් තිප්ස් මහතාට එතරම් හොදක් සිදුවූයේ නැත. අවාසනාවන්ත තිප්ස් මහතා බියෙන් වෙව්ලමින් කෙදිරිලි හඩින් කියා සිටියේ තමන් 8ට පමණ ස්නානය සදහා නාන කාමරයට යන විට මළසිරුර දුටු බවයි. 10 වන විට ඔහු ශාන්ත පැන්ක්‍රාස් වෙත පැමිණ තිබුණි. ඉන්පසු බ්රැන්ඩි ගෙන එ්ම සදහා තරැණිය පිටත් කර තිබේ. ඔහු එහි පැමිණි අාකාරය ගැන සදහන් කිරීමට ඔහු අපොහොසත් විය. පෙර දින ඔහු මැන්චෙස්ටර් වල සිටි අතර 10 වන විට පැන්ක්‍රාස් වලට පැමිණ තිබේ. අැදුම් කාමරයෙහි ඔහුගේ බෑගය තබා තිබේ. මේ අවස්ථාවේදී තිප්ස් මහතාගේ මුහුණ රතු විය. ඔහු අසතුටටත්, කැළඹීමටත් පත්වූ බවක් පෙනුණි. ඔහු විනිශ්චය ශාලාව දෙස බයාදු බැල්මක් හෙළීය. 

"දැන්, තිප්ස් මහත්මයා" හදිසි මරණ පරීක්ෂකවරයා ඉතා උනන්දුවෙන් අැසීය. "අපි මේ අවස්ථාවන් ටිකක් පැහැදිලි කරගනිමු. මෙම ගැටලුවේ වැදගත්ම සාධකය ඔබයි. ඔබේ සාක්ෂිය ඉතා පැහැදිලිව ලබා දෙනවා නම් තමයි හොද"

"හොදමයි" තිප්ස් මහතා ඉතා අපහසුවෙන් පැවසීය. 

"ඔබ මේ සාක්ෂිකරුට අවශ්‍යය උපදෙස් ලබාදුන්නාද?" පොලිස් පරීක්ෂක සග් දෙසට හැරී හදිසි මරණ පරීක්ෂකවරයා විමසීය. පොලිස් පරීක්ෂක සග් කියා සිටියේ ඔහු කියන ඕනෑම කරුණක් නඩු විභාගයේදී ඔහුට විරුද්ධව යොදා ගත හැකි බවට ඔහුව දැනුවත් කළ බවයි. තිප්ස් මහතාගේ මුහුණ අදුරු විය. ඔහු කෑ ගසා කියා සිටියේ ඔහු කිසිම වැරදි දෙයක් සිදු කිරීමට නොසිතූ බවයි. 

මෙය ඔහු ගැන සංවේගයක් අැති වීමට හේතු විය. එමගින් හදිසි මරණ පරීක්ෂකවරයා පෙරට වඩා මදක් මෘදු විය. 

"තිප්ස් මහතා වෙනුවෙන් කවුරු හෝ පෙනී සිටිනවාද?" ඔහු අැසීය. නැද්ද? ඔබ කිව්වෙ නැතිද මොහු වෙනුවෙන් කාට හරි පෙනී සිටිය හැකි බව? ඔබ කිව්වෙ නෑ? පොලිස් පරීක්ෂක සග්, අැත්තටම ඔබ කිව්වෙ නැද්ද? ඔබ දැන සිටියෙ නැද්ද ඔබ වෙනුවෙන් පෙනී සිටීම සදහා කෙනෙක් යොදා ගැනීමට නීත්‍යානුකූලව අයිතියක් අැති බව?"

තිප්ස් මහතා තව තවත් පුටුවට අැලී "නැහැ" යැයි ඉතා සිහින් හඩින් කීවේය. 

"මේක නම් විශ්වාස කරන්නත් බෑ" හදිසි මරණ පරීක්ෂකවරයා කීවේය. "උගත් පුද්ගලයෙක් ඔහුගේ රටේ නීති කටයුතු පිළිබදව දන්නෙ නෑ. දැන්නම් මේ වැඩේ තවත් කරදරකාරී වෙනවා. මට හිතාගන්න අමාරුයි මේ සාක්ෂිකරු තිප්ස් මහතාගෙන් සියලුම සාක්ෂි ලබාගන්න එක සිදුකළ යුතුද කියලා, පරීක්ෂක සග් .... මේක ඉතා පරිස්සමින් කළ යුතු දෙයක්."

තිප්ස් මහතාගේ නළලේ දාඩිය බිදු නැගෙමින් තිබුණි. 

"අපේ මිතුරා රැක දෙන්න" අාදිපාදවරිය පාකර්ට අැසෙන සේ කොදුරා කීය. 

"කෙළ ගිලගන්නවත් බැරිව ඉන්න මේ පුද්ගලයින් 14 දෙනාටම පොදුවේ උපදෙස් ලබාදෙන්න අැති. එක් එක්කෙනාගෙ මුහුණුවලින් කියැවෙන දේවල් හරිම අපූරුයි. මං නිතරම හිතන දෙයක් තමයි පහළ මධ්‍යම පාන්තිකයින් බැටළුවන් වගේ. නැතිනම් තම්බපු වසු පැටවෙකුගෙ ඔළුවක් වගෙ. මිනීමරුවා හිතාමතාම මේ පුංචි මනුස්සසයාට කොතරම් අපරාධයක්ද කරලා තියෙන්නෙ. ඔහුට තමන් ගැනවත් හරියට කියා ගන්න බෑ."

"ඔබ දන්නවානෙ ඔහුට තමන්ටම විරුද්ධව චෝදනා නගාගන්න බෑනෙ" පාකර් කීවේය.

"විකාර" අාදිපාදවරිය කීවාය. "ඔහු තමන්ටම විරුද්ධව චෝදනා කරගන්නෙ කොහොමද ඔහු මේ විදිහට මුළු ජීවිත කාලෙම මුකුත් නොකියා හිටියොත්. ඔයාලා ඉතින් සාක්ෂි වලින් එහාට යමක් හිතන අය නෙමෙයිනෙ"

මේ අතරතුර තිප්ස් මහතා ලේන්සුවෙන් නළල පිසදාගෙන ධෙෙර්ය උපදවා ගත්තේය. පුංචි හා පැටියෙකු ගුලෙන් අැද ගන්නවාක් මෙන් ඔහු නැගී සිටියේය. 

"මම ඔබට කිව යුතුයි" ඔහු කියන්නට විය. "මං දැන් ඉන්න තත්ත්වයට මුහුණ දෙන ඕනෑම කෙනෙක් මා මෙන්ම දැඩි අපහසුතාවයට පත්වෙනවා. මේ මිනීමරු අපරාධය ගැන මගේ සම්බන්ධයක් නෑ කියලා කියන්න ඕනෙ. මං ඔබට සහතික කරලා කියන්නම් මහත්වරුනි, මං එ් පහත් වැඩේට සම්බන්ධ නෑ. මං ඔබට සත්‍ය කිව යුතුව තිබුණා. අැත්තටම මගේ ස්ථානයේ එය තිබීම ගැන මං බිය වුණා ... හොදයි මං එ් ගැන කියන්නම්."

"ඔබ මේ ප්‍රකාශනයේදී සෑම කරුණක්ම සදහන් කළ යුතුයි, තිප්ස් මහත්මයා" හදිසි මරණ පරීක්ෂකවරයා කීවේය. 

"සම්පූර්ණයෙනේම" තිප්ස් මහතා කීය. "ඊට කලින් මම වතුර වීදුරුවක් පානය කළාට කමක් නැද්ද?"

"ඔබේ වෙලාව ගන්න" හදිසි මරණ පරීක්ෂකවරයා කීවේය. ඔහුගේ බැල්මෙහි කිසිදු දයාවක් නම් නොවීය. 

"ස්තූතියි සර්" තිප්ස් මහතා කීවේය. "හොදයි, මං 10 වන විට ශාන්ත පැන්ක්‍රාස් වෙත ළගා වූ බව අැත්තයි. නමුත් කුලී රියක සිටි පුද්ගලයෙක් මා වෙනුවෙන් බලා සිටියා. මුලදී නම් මට ඔහුව හදුනා ගන්න හැකි වුණේ නැහැ. නමුත් පසුව මා හදුනා ගත්තා ඔහු මගේ පාසල් කාලයේ පරණ මිතුරෙකු බව."

"එම මහත්මයාගෙ නම කුමක්ද?" හදිසි මරණ පරීක්ෂකවරයා සටහන් තබා ගන්නා ගමන් අැසීය. 

තිප්ස් මහතා මෙම ප්‍රශ්නයෙන් දැඩි අපහසුතාවයට පත් වූ බවක් පෙනුණි. 

"මට සමාවෙන්න මට එ් ගැන කියන්න බැහැ." ඔහු කීවේය. "මං එ් ගැන කිව්වොත් ඔහුට ඉන් යම් හානියක් සිදු වේවි. ඔබට තේරුම් ගන්න පුළුවන්නෙ එ් ගැන. මගේ ජීවිතය එ් මත රදා පැවතියේ නැතිනම් මං කවදාවත් එය හෙළි කරන්නෙ නෑ. නෑ." ඔහු තවදුරටත් කියන්නට විය. "එ් නිසයි මං එ් ගැන කිව්වෙ නැත්තෙ"

"හොදයි හොදයි" හදිසි මරණ පරීක්ෂකවරයා කීවේය. 

අාදිපාදවරිය නැවතත් හෙමින් සැරේ පාකර් දෙස බැලුවාය. “දැන්නම් මට මේ පුංචි හාදයා ගැන ගෞරවයක් අැති වෙනවා.” අැය කීවාය. 

තිප්ස් මහතා නැවතත් කතාව පටන් ගත්තේය. “අපි ශාන්ත පර්‍ැන්කාස් වෙත ළගා වන විට මම ගෙදර යන අදහසිනුයි හිටියෙ. නමුත් මගේ මිතුරා කිව්වා අපි ගොඩක් කාලෙකට පස්සෙ මුණගැහුණ නිසා මේ අවස්ථාව මතක හිටින රාත්‍රියක් කරගනිමු කියලා. මං කැමති වුණේ නැහැ ඔහු දැනගන්නවාට මං ඔහුගෙ සමාගමයට නොගැළපෙන තරම් දුර්වලයෙක් කියන එක ගැන. නමුත් මං ඔබට සහතික කරලා කියන්න කැමතියි අපි යන්නෙ කොහෙද කියලා මං කලින් දැනගෙන හිටියානම් කවදාවත් මං එ් පැත්ත පළාතෙ අඩිය තියන්නෑ.... මගෙ බෑගය අපිට බාධාවක් ලෙස මගෙ මිතුරා සැළකූ නිසා මම එය බෑග් රඳවන කාමරයේ තබා ගියා. ඊට පසුව අපි ටැක්සියක නැගලා ටොටන්හැම් උසාවි පාරෙ කෙළවරට ළගා වී ඔක්ස්ෆර්ඩ් වීථියෙත් ගමන් කළා. එහි ටික දුරක් අැවිද ගොස් අතුරු පාරකට හැරුණා. එ් මොන පාරද කියන්න නම් මට මතකයක් නැහැ. එහි විවෘත වූ දොරක් තිබුණා. එහි පිටත හොඳින් අාලෝකමත් කරලා තිබුණා. එහි කවුන්ටරයේ මිනිසෙකු හිටියා. එතැනින් මගේ මිතුරා යම් ටිකට් දෙකක් මිලදී ගත්තා. මට අැහුණා කවුන්ටරයේ සිටි මිනිසා ‘ඔබේ මිතුරා’ යනුවෙන් මා සඳහන් කරමින් කුමක් හෝ මගේ මිතුරාගෙන් විමසුව අාකාරය. එවිට මගෙ මිතුරා කිව්වා ‘අාහ් ඔව් ඔහු මීට කලින් මෙහි අැවිත් තියෙනවා. එහෙම ෙන්ද අැල්ෆ්’ කියලා ඔහු මගෙන් විමසුවා. එ් මගෙ පැසල් කාලෙ මගේ මිතුරන් කියපු නම. ඉතින් මහත්මයාණනි මං මෙහිදි සහතික කරලා කියන්න කැමතියි ...... (තිප්ස් මහතා මහත් සැළකිල්ලෙන් යුතුව) ... මට කිසිම දවසක ඔ්න වුණෙත් නැහැ කිසිම පෙළඹවීමක් තිබුණෙත් නැහැ මේ වගේ තැනකට යන්න.” යැයි කියා සිටියේය.

“හොඳයි මගේ මිතුරා නම් බොහෝ වරක් එහි ගිහින් තිබුණ බවක් පෙනුණා. අපි පහළ තිබුණ බීම කාමරයට ගියා. මට එහිදී මත්පැන් වීදුරුවක් දෙකක් විතර ගන්න සිදුවුණා. ප්‍රතිපත්තියක් විදිහට මං ගොඩක් බොන්නෙ නැහැ. මගෙ මිතුරා එහි සිටි අනෙකුත් පිරිමින්ට සහ කාන්තාවන්ට කතා කළා. හරිම අසංවර මිනිස්සු වගයක් ලෙසයි මං ඔවුන් ගැන සිතුවෙ. නමුත් එහි ටිකක් විතර හොඳ පෙනුමක් තිබුණ කාන්තාවනුත් නොසිටියාම නොවෙයි. ඔවුන් දෙදෙනෙක් පැමිණ මගෙ මිතුරාගෙ දනහිස් මත වාඩි වී හිමින් සැරේ මොනවද කියා අපිව තවත් කාමරයකට කැටුව ගියා. එහි විශාල පිරිසක් නටමින් සිටියා. මගෙ මිතුරාත් ඊට එක්ව නටන්න ගත්තා. මම සෝපාවේ වාඩිවී සිටියා. එවිට එක්තරා තරුණ කාන්තාවක් පැමිණ ‘ඔබ නටන්නෙ නැද්දැ’යි මගෙන් විමසුවා. මං නැහැයි කිව්වා. ඊට පස්සෙ අැය කිව්වා අැයත් සමග බොන්න එන්න කියලා. ‘අපිත් එක්ක බොන්න එනවද ඩාලිං’ අැය එහෙමයි අැහුවෙ. ‘පස්සෙ වෙලාවක කමක් නැද්ද’ මම කිව්වා. මට බීම අැණවුම් කරන්න සිදුවුණා. මම අකමැති වුණත් අර තරුණ කාන්තාවගේ කැමැත්ත නිසා ඉතා සැර බීම තමයි අැණවුම් කළේ. තරුණ කාන්තාවකගෙ ඉල්ලීම එකපාරටම ප්‍රතික්ෂේප කරන්න බැරි නිසයි මං එහෙම කටයුතු කළේ. නමුත් මං මගේ හෘද සාක්ෂියට විරුද්ධවයි එහිදි කටයුතු කළේ. අනේ එ් වගේ ගැහැණු දරුවෙක්. අැය මගේ බෙල්ල වටේ අත යවා මාව සිපගත්තා ... හරියට මම බීම අරන් දුන්නට ස්තූති කරන්න වගෙ. එ්ක මට තදින්ම බලපෑවා....” යි තිප්ස් මහතා මදක් සැක සහිතව නමුත් අවධාරණයෙන් කියා සිටියේය. 

එවිටම පිටුපස සිටි අයෙක් “හුරේ...හ්” යනුවෙන් මහත් හඩින් කෑ ගැසීය.

“එ් නොහොබිනා කෑගැසීම කළ පුද්ගලයා ඉවත් කරන්න.” මරණ පරීක්ෂකවරයා දැඩි කෝපයෙන් කියා සිටියේය. “කරුණාකරලා දිගටම කියාගෙන යන්න තිප්ස් මහත්මයා”

“හොඳයි” තිප්ස් මහතා කීය. “මට මතක විදිහට 12.30ට විතර ටිකක් සිහිකල්පනාව අාවට පස්සෙ මං මගෙ මිතුරව සෙව්වා .. ඔහුට සුබ රාත්‍රියක් පතන්න. මොකද මට තවත් එතන ඉන්න ඔ්නෙ වුණේ නැහැ. මං මෙහිදි මොකක්ද දැක්කෙ... මගෙ මිතුරා තරුණ කාන්තාවන් සමගින් ඉතාමත් සමීපව උසුළු විසුළු කරමින් සිටින අාකාරයයි. එය ඔබට සිතාගන්න පුළුවන් අැගෙ උරහිසේ වූ රිබන් පටිය අදින්න තරම් ඔහු අැයට ළංව සිටියා කිව්වොත්. අර තරුණ කාන්තාව එයට මහ හඩින් සිනාසුණා. එ් වගේ දෙවල් තමයි මං දැක්කෙ.” තිප්ස් මහතා ඉක්මනින් කියාගෙන ගියේය.

“ඉතින් මං හිතුවා නොකියාම එතැනින් පිටවෙලා යන්න. එවිටම පොර බදන හඩකුත් කෑ ගැසීමුත් අැසුණා. මං දැනගත්තා පොලිස් නිලධාරීන් දුසිමක් විතර මෙහි අැතුල් වෙලා සිටි බව. අඳුරේ කළ කෑගැසීම් අඩි ශබ්ද .. හරිම භයානක දෙයක් තමයි එ්ක නම්. මම හදිස්සියෙන් පහළට බහිද්දි මගෙ ඔළුව පුටුවක ඉතා තදින් වැදුණා. එහෙමයි ඔවුන් මගෙන් ප්‍රශ්න කළ තුවාලය අැති වුණේ. එ් වෙලාවෙ මං හිතුවෙ මට මේකෙන් ගැළවීමක් නැහැ කියලයි. මං හොඳටම බය වුණා. සමහර විට මගෙ පින්තූරෙත් පත්තරේ වැටෙයි කියලා මං බය වුණා. එවිටම මං බීම අරන් දුන් එ් තරුණ කාන්තාව අැවිත් ‘මේ පැත්තෙන්’ යැයි කියා මාව පැසේජයකට තල්ලු කළා. මං එ්ක දිගේ කොහොම හරි එළියට අාවා. මං වීථි දිගේ දිව්වා. එවිට මට ජෝර්ජ් වීථිය හමුවුණා. එහිදි මං ටැක්සියක නැගී නිවසට පැමිණියා. පසුව පත්තරෙන් අර වැටලීම ගැන මං දැක්කා. මගෙ මිතුරාත් කොහොම හරි එ්කෙන් පලා ගිහින් අැති බව මං දුටුවා. එ්කයි මට ප්‍රසිද්ධියේ කියාගන්න බැරිව හිටියෙ. මට අර පුද්ගලයාව අපහසුතාවයට පත්කරන්න ඔ්නෙ නැහැ. මං මුකුත් නොකිව්වත් එ්කයි අැත්ත. ”

“හොඳයි තිප්ස් මහත්මයා” මරණ පරීක්ෂක කීය. “අපි මේ කතාවෙ අැත්ත නැත්ත හොයාගන්න ඔ්නෙ. ඔබෙ මිතුරාගෙ නම ....”

“නැහැ” තිප්ස් මහතා කීය. “එ්ක මේකට අදාළ නැහැ.”

“හරි” මරණ පරීක්ෂක පැවසුවේය. “දැන් අපිට කියන්න පුළුවන්ද ඔබ කීයටද අාවෙ කියලා.”

“එක හමාරට විතර. මං එහෙම හිතනවා. මොකද මං එ් වෙලාවෙ කලබල වෙලයි හිටියෙ.”

“හරි ඔබ කෙලින්ම අැඳට ගියාද?”

“ඔව්. ඊට කලින් මං මගේ කිරි වීදුරුවයි සැන්ඩ්විච් එකයි ලබාගත්තා. මං හිතුවා එ්කෙන්වත් මගෙ අැගට පණක් ලැබෙයි කියලා.” සාක්ෂිකරු කියා සිටියේය. ඔහු  නිදහසට කරුණු දක්වමින් කියා සිටියේ “ඔබ වුණත් කියාවි හිස්බඩට මද්‍යසාර භාවිතය රාත්‍රී කාලයේදී වුණත් හොඳ නැහැයි කියලා”

“එහෙම කියමුකො. ඔබ වෙනුවෙන් කවුරුවත් අවදි වී සිටියෙ නැතිද?”

“කවුරුවත්ම නැහැ”

“ඔබ අැවිත් අැඳට යන්න කොපමණ වෙලාවක් ගත්තද?”
තිප්ස් මහතා එය පැය කාලක් පමණ විය හැකි බව පැවසුවේය. 

“ඊට කලින් ඔබ බාත්රූම් එකට ගියාද?”

“නෑ”

“ඔබට රාත්‍රියේදී කිසියම් දෙයක් අැහුණද?”

“නෑ. මට දැඩි නිදිමතක් දැනුණා. ඉතින් හොඳ නින්දක් ගන්න හිතාගෙන මං නිදිපෙත්තක් ගත්තා. කිරි එකයි නිදි පෙත්තයි නිසා වැටුණු ගමන්ම මට හොඳට නින්ද ගියා. ග්ලැඩිස් කතා කරන තුරු මට අැහැරුණේ නැහැ.” වැඩිදුර විමසීම්වලදි තිප්ස් මහතා අනාවරණය කළ පරිදි ඔහු උදෑසන නානකාමරයට යන විට එහි වීදුරුව විවෘත කර තිබූ බවට සහතික විය. ඔහු එ් සම්බන්ධයෙන් අර ගැහැණු දරුවා ගැන තදින් කතා කළේය. මේ භයානක සිද්ධියට මුලසිටම මුහුණ දුන් පුද්ගලයා ඔහු බැවින් ඔ්නෑම අවස්ථාවක පිළිතුරුදීමට ඔහු සූදානමින් සිටියේය.

ග්ලැඩිස් හැරොක්ස්ගේ ප්‍රකාශයට අනුව අැය තිප්ස් මහතා ළග මාස තුනක කාලයක සිට සේවය කරයි. අැගේ මුල් ස්වාමිවරු අැගේ යහපත් චරිතය ගැන මෙහිදී සහතික කළහ.  තිප්ස් මහත්මිය 10ට පමණ අැඳට ගිය පසු රාත්‍රිෙය්දී නිවස හොඳින් සෝදිසි කිරීම අැගේ රාජකාරියක් විය. සදුදා රාත්‍රියේත් එය එලෙසම සිදුවිය. අැය සියලුම කාමර සෝදිසි කරනු ලැබීය. නානකාමරයේ ජනේලය වැහුවද කියන්න අැයට සහතික කර කියන්න බැරිවිය. උදෑසන තිප්ස් මහතා අැයට කතා කරන විට නානකාමරයේ ජනේලය විවෘතවයි තිබුණේ. තිප්ස් මහතාට කලින් අැය නාන කාමරයට ගිහින් තිබුණේ නැහැ. කලින්ම අැය නානකාමරයේ ජනේලය විවෘතව තිබෙන්න හරින්නැති. සුපුරුදු පරිදි තිප්ස් මහත්මිය සදුදා හවස නෑවට පස්සෙ ජනේලය වහන්න අමතක වෙන්න අැති. අැයට එ් ගැන කියන්න මතකයක් නැහැ. මෙහිදී සාක්ෂිකාරිය කඳුළු වගුරන්නට වූවාය. මරණ පරීක්ෂක ඔහුගෙ තුන්වන ලොසින්ජරයේත් රසබලමින් සිටින අතර අැයට වතුර ටිකක් පානය කිරීමට අවස්ථාව ලැබුණි. නැවතත් සාක්ෂිකාරිය කියා සිටියේ අැය නින්දට යාමට පෙර සියලුම කාමර පරීක්ෂා කළ බවයි. අැයට නොපෙනී නිවසේ මළසිරුරක් තිබීමට නොහැකි බව අැය කියා සිටියාය. තනි පුද්ගලයෙකුගේ රාත්‍රී කෑම වේලට එතරම් මහන්සි වෙන්න ඔ්නෙ නැති වුණත් අැය මුළු හවස්වරුවම කුස්සියෙයි ඉද අැත්තේ. වයසක තිප්ස් මහත්මිය විසිත්ත කාමරයේ සිටියා. ඔව් අැය කෑම කාමරයටත් ගිහින් තියෙනවා. මොකද අැය තිප්ස් මහතා වෙනුවෙන් කිරි සහ සැන්ඩ්විච් තබා තිබුණා. එවිට එහි කිසිවක් තිබුණේ නැතැයි අැය දිවුරා කියා සිටිනවා. නිදන කාමරයේවත් වෙන කොහේවත් කිසිම දෙයක් තිබිලා නැහැ. නිදන කාමරයේ අැති කබඩ් එකෙත් කුඩා කාමරයේත් අැය බලලා තියෙනවාද? නෑ. එහෙම කියන්න බැහැ. හැම රාත්‍රියකම අනිත් පුද්ගලයින්ගෙ පෞද්ගලික දේවල් හාරඅවුස්සලා බලන එක අැගේ රාජකාරිය නෙමෙයි. එ් කියන්නෙ කිසියම් පුද්ගලයෙකුට ගබඩා කාමරයෙහි හෝ අැඳුම් අල්මාරියෙහි හෝ සැගවී සිටින්න පුළුවන්? අැය කියන විදිහට ඔව් එසේ විය හැකියි. 

කාන්තා ජූරි සභිකාවියට අැය කියා අැති පරිදි අැය තරුණ මහතෙකු සමග පිටත අැවිදීමට ගොස් තිබෙනවා. ඔහුගෙ නම විලියම්. බිල් විලියම්ස්. ඔහු වෘත්තිෙයන් වීදුරු සවිකරන්නෙක්. ඔහු මේ ප්ලැට් එකට කිහිප වරක්ම පැමිණ තිබෙනවා. ඔහු නිතරම මේ නිවසට අාව කෙනෙක් කියා කියන්න බැහැ. අැය වගකීමක් දැරිය හැකි තරුණියක් බව පෙර සාක්ෂිවලින් ඔප්පු වුණා. ශාන්ත මරියාහි දේවගැතිතුමා අැගේ චරිතය වෙනුවෙන් කතා කළා. විලියම්ස් මහතා මීට පෙර අවසන් වතාවට මේ නිවසට පැමිණ අැත්තේ සුමාන දෙකකට කලින්. නමුත් එය අැය විලියම්ස් මහතාව මුණ ගැසුණු අවසන් අවස්ථාව නොවෙයි. ඔවුන් අවසන්වතාවට මුණගැසුණේ සඳුදා. සඳුදා රාත්‍රියේදී. අැය කිව්වෙ අැත්ත නම් එ්ක එහෙමයි. අැයට නිලධාරියා මුලින්ම අවවාද කර අැති නිසා එල්ලුම්ගහට යනවාට වඩා අැත්ත කතා කරලා තමන් ඉන්න තැන නැති වුණත් කමක්නැහැ. මේ වගේ විකාර වැඩ නිසා තරුණ කාන්තාවකට පොඩි සතුටක්වත් ලබන්න තියෙන අවස්ථා නැති වෙනවනෙ. එ්ක මොන ලැජ්ජාවක්ද. කොහොම වුණත් අැය තිප්ස් මහත්මියව අැඳට යවලා අර තරුණයත් එක්ක බාල් නැටුමකට සහභාගී වෙන්න හොරෙන්ම ගිහින්. එය ඉවරවුණාට පස්සෙ විලියම්ස් මහතා අැය නැවතත් නිවසට අැරලා තිබෙනවා. එහිදී කිසිම දෝෂ සහගත දෙයක් සිදුනොවූ බව අැය දිවුරා කියා සිටිනවා. අැය පැමිණ අැත්තේ පාන්දර දෙකට පමණ. තිප්ස් මහත්මියට හොරෙන් අැගේ ලාච්චුවෙන් හොරෙන් ලබාගෙන තිබූ යතුරෙන් අැය නිවසට අැතුලු වුණා. මොකද අැය අවසර අරගෙන පිටතට යන්න හැදුවා නම් අැයට කවදාවත්ම යන්න වෙන්නෙ නැති නිසා. මොකද තිප්ස් මහතත් එ් රාත්‍රියේදී පිටතයි හිටියෙ. අැගෙන් සිදුවූ මේ වැරැද්දට අැය පසුතැවෙනවා. එ් වගේම එයට නිසි දඩුවම දැන් අැයට ලැබී අැති බව අැය සිතනවා. අැය අැතුළට එන විට කිසිම සැක කටයුතු දෙයක් තිබුණෙ නැහැ. අැය නිවස පරීක්ෂා කර කෙලින්ම අැඳට ගියා. ඉන්පසුව අැය දැඩි නින්දකට වැටී තිබෙනවා. තවදුරටත් අැයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අැය පැවසුවේ තිප්ස් මහතා හෝ තිප්ස් මහත්මිය මුණගැසීමට කිසිදු අමුත්තෙකු පැමිණියේ නැති බවයි. ඔවුන් ඉතා අප්‍රසිද්ධ ජීවිතයක් ගතකරන්නෙ. සුපුරුදු පරිදිම පිටත දොර අගුලු දා තිබූ බව අැය උදෑසන දැක තිබෙනවා. එ් වගේම තිප්ස් මහතා එවන් දේකට සම්බන්ධ වෙතැයි අැය විශ්වාස කරන්නෑ. මෙය තිප්ස් මහතාටත් මරණ පරීක්ෂකටත් යම් පහසුවක් විය. 

තිප්ස් මහත්මියගෙන් සාක්ෂි විමසීම ඉතා විනෝදජනක විය. විනාඩි පහළවක් පමණ වූ මේ විකාරයෙන් පස්සෙ මරණ පරීක්ෂකවරයා විසින් අැයව මේ කරදරයෙන් මුදවන ලදී. ඉන්අනතුරුව තරුණයා වෙතට හැරී “තරුණ මහත්මයා ජූරි සභාව අර වගේ අපහසුතාවයට පත් නොකොට ඔබේ සාක්ෂිය ලබාදීමට වගබලාගන්න.”

එ් අනුව එම තරුණ මහතා උසාවිය ඉදිරියේ සාක්ෂිදීම සඳහා නැගී සිටියේය. ඔහු විලියම්ස් නම් විදුරු සවිකරන්නායි. ඔහු දිවුරුම්දීමෙන් අනතුරුව ග්ලැඩිස්ගේ ප්‍රකාශය තහවුරු කරමින් සඳුදා රාත්‍රිෙය්දී ඔවුන් සහභාගී වූ බාල් නැටුම ගැන සාක්ෂි සැපයීය. 1.30ත් 2.00ත් අතර ඔවුන් යළි නිවසට පැමිණි බව ඔහු කියා සිටියේය. අැය බලකර පිටතට ගෙන්වා ගැනීම ගැන ඔහු සමාව අයැද සිටියේය. ඔහු අාපසු යන අතරතුර ප්‍රින්ස් කුමර වීථියේ කිසිම සැක කටයුතු දෙයක් හෝ අයෙක් නුදුටු බව කියා සිටියේය. 

ඉන්ස්පෙක්ටර් සග් ලබාදුන් සාක්ෂිවලට අනුව ඔහුට අැමතුම ලැබී අැත්තේ සඳුදා උදෑසන 8.30ට පමණය. තරුණ කාන්තාව සම්බන්ධයෙන් සැක සිතා ඔහු අැයව අත්අඩංගුවට ගෙන අැත. පසුව ලැබුණු තොරතුරුවලට අනුව මොහු පසුගිය රාත්‍රියේදී මරා දමා අැතැයි තිප්ස් මහතාව අත්අඩංගුවට ගෙන අැත. ඔහුට කිසිම අඩි සළකුණක් සොයාගැනීමට නොහැකි විය. කිසියම් කෙනෙක් ජනේලය හරහා අැතුලු වූ බවට නානකාමරයේ ජනෙල් පඩිය මත යම් සළකුණු වගයක් සොයා ගෙන තිබේ. මිදුලෙහි කිසිම පියසටහනක් හෝ ඉනිමගක සටහනක් හෝ නොමැත. ඊට හේතුව මිදුලෙහි ගල් සහ ගඩොල් අතුරා තිබීමයි. ඔහු වහලයත් පරීක්ෂා කර තිබෙනවා. නමුත් වහලයෙනුත් කිසිම දෙයක් හමු වී නැහැ. එ් අනුව යම් කිසිවෙක් කලින්ම මළසිරුර නිවස තුළට ගෙනැවිත් සවස් කාලයේ සිටම සැගවී සිට රාත්‍රියේ අයෙක් පිටතට යන තෙක් බලා හිඳ; තරුණ ගැහැණු ළමයාගේ කාරණයෙන්; නානකාමරයෙන් ලිස්සා ගොස් තිබෙනවා. අර තරුණ කාන්තාව ඔහුට දොරෙන් පිටවීමට ඉඩ අැරියෙ නැත්නම්. හොඳයි. එ්ක මෙහෙම වෙන්න පුළුවන්. ඔහුට ඕන වුණේ නැහැ ඔහු හෝ මළසිරුර මෙහි සැගවී සිටි බවට කිසිම සාක්ෂියක් ඉතුරු කරන්න. ඔහුට අවශ්‍ය වුණේ මරණය එම රාත්‍රියේදී සිදුව අැති බව අගවන්න. මේ අවස්ථාවේදී ඉන්ස්පෙක්ටර් සග් විසින් මහත් අායාසයෙන් අත් කරගත් වෘත්තීය ගරුත්වයට යම් පහරක් එල්ල විය. කොහොම වුණත් ඔහුට මෙහිදී සාක්ෂි ලබාදීමට සිදුවිය. 

ජූරි සභාව - මෙම නඩුවට අදාළව අපරාධකරුගේ යම් අැගිලි සළකුණක් සොයාගැනීමට හැකි වුණාද?

ඉන්ස්පෙක්ටර් සග් - නාන බේසමේ තිබී යම් සළකුණු වගයක් හමුවුණා. නමුත් අපරාධකරු අත්මේස් පැළඳ ඉද තිබෙනවා. 

මරණ පරීක්ෂක - ඔබගේ අත්දැකීම්වලට අනුව ඔබ මෙහිදී අපරාධකරු සම්බන්ධයෙන් සොයාගත් යමක් තිබෙනවාද?

ඉන්ස්පෙක්ටර් සග් - ඔහු මේ වැඩේට පුරුදුකාරයෙක් වගෙ

ජූරිය - තිප්ස් මහතාට එරෙහිව තිබෙන චෝදනාවලට එය විරුද්ධයි. එහෙම නේද?

ඉන්ස්පෙක්ටර් සග් නිහඩ විය.

මරණ පරීක්ෂක - මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව ඔබ තවමත් හිතනවාද අැල්ප්‍රඩ් තිප්ස් සහ ග්ලැඩිස් හොරොක්ස්ට විරුද්ධව නැගී සිටින්න?

ඉන්ස්පෙක්ටර් සග් - මං හිතන්නෙ මේ ඉදිරිපත් වුණ හැමදෙයක්ම ඉතාම සැක සහිතයි. තිප්ස් මහතාගේ කතාව තහවුරු වුණෙත් නැහැ තාම. එ් වගේම හොරොක්ස් තරුණියගෙ කාරණය වුණත් අපි කොහොමද කියන්නෙ මේ විලියම්ස් අැත්ත කියනවද කියලා...

විලියම්ස් - මාව සාක්ෂියට කැඳවලා දැන් ඔබ එ්වා බොරු කියලා කියනවාද...

මරණ පරීක්ෂක - කරුණාකරලා නිශ්ශබ්දවෙන්න. මට පුදුමයි ඉන්ස්පෙක්ටර් සග් ඔබ මේ නිගමනවලට අාපු විදිහ ගැන. එ්ක හරිම නොමනා කටයුත්තක්. කොහොම වුණත් ඔබට කියන්න පුළුවන් සඳුදා රාත්‍රියේදී ශාන්ත ගිලිස් සැණකෙලිබිම අාසන්නයේ රාත්‍රී සමාජශාලාවක යම් වැටලීමක් සිදුවුණාද කියලා කියන්න.

ඉන්ස්පෙක්ටර් සග් (තරහෙන්) - ඔව් මං හිතනවා එහෙම එකක් වුණා කියලා.

මරණ පරීක්ෂක - ඔබ මේ පිළිබඳව සෝදිසි කළ බවට කිසිම සැකයක් නැහැ. මං හිතන්නෙ පුවත්පත්වල එ් ගැන සදහන් වෙලා තිබුණ දේවල් නැවත මතක් කරගන්න වෙයි. ස්තූතියි ඉන්ස්පෙක්ටර්. එ්ක කරන්න. 

බොහොමයක් සාක්ෂිකරුවන් තිප්ස් මහතා සහ ග්ලැඩිස් හොරොක්ස් යන අයගේ යහපත් චරිතය ඔප්පු කිරීමෙන් අනතුරුව මරණ පරීක්ෂකවරයා විසින් වෙෙද්‍යමය සාක්ෂිවෙත අවධානය යොමු කරන ලදී. 

“සර් ජූලියන් ෆ්රේක්” 

විශේෂඥවරයා සාක්ෂි සැපයීමට ඉදිරියට එන විට සභාවේ යම් සැළකිය යුතු කැළඹීමක් අැති විය. ඔහු කීර්තිමත් පුද්ගලයෙකු නිසාම පමණක් නොව ඔහු සිත්ගන්නා සුළු පෙනුමකින් යුතු පුද්ගලයෙකුද වීම ඊට හේතුවයි. ඔහුගේ පුළුල් උරහිස් ඍජු ගමන් ලීලාව සිංහයෙකුගේ බඳු හිස ඔහුට ප්‍රතාපවත් පෙනුමක් ගෙන දුනි. ඔහුගෙ පිළිවෙලට අනුව ඔහු වෙත ලබාදුන් පොත සිප ගනු ලැබීය. එයට මරණ පරීක්ෂක කාර්යාලයේ නිලධාරියා වෙතින් යම් අප්‍රසාදය පළ කෙරෙන මිමිණුම් හඩක් නික්මිය. 

“මං හැමදාම හිතන විදිහට ඔහු නම් හරිම කඩවසම්”. අාදිපාදවරිය පාකර් මහතාට පැවසුවාය. “ඝනව වැඩුණු කෙස් සහ රැවුල අතරින් පෙනෙන කදිම දෙනෙත් නිසා ඔහු හරියට විලියම් මොරිස් වගෙ. හරිම කනගාටුදායකයි. ඔහු හැම වෙලාවෙම මොකක් හරි දේකට කැපවෙලයි ඉන්නෙ. මේ වගේ ශ්‍රේෂ්ට පුද්ගලයින් ඉන්නකොට සමාජවාදය වැරැද්දක් ලෙස හිතන්නෙ කොහොමද. ඔබට තේරෙනවානෙ මං කියන දේ. නමුත් එ්ක ප්‍රායෝගිකව අපහසුයි තමයි.... ඔහුගෙ අැස් නම් අපූරුයි. එ්වා සිත් අැදගන්නා සුළුයි. ඔබ එහෙම හිතන්නෙ නැද්ද?”

“ඔබ ජූලියන් ෆ්රේක්” මරණ පරීක්ෂකවරයා විමසුවේය. “එ් වගේම ඔබ බැට්ටර්සී වල ප්‍රින්ස් කුමර වීථියේ ශාන්ත ලූක්ස් නිවසේ පදිංචිව සිටිනවා. ඔබ වැඩකරන ශාන්ත ලූක්ස් ඉස්පිරිතාලෙට කෙලින්ම තියෙන ශල්‍යකර්ම සිදුවන පැත්තෙ” 
සර් ජූලියන් මෙයට එකග විය. 
“මෙම මරණය සම්බන්ධයෙන් කටයුතු කළ පළමු වෙෙදයවරයා ඔබයි.”

“ඔව් එහෙමයි”

“එ් වගේම ඔබ ස්කොට්ලන්ඩ්යාඩ් එක සහ වෙෙද්‍ය ග්‍රිම්බෝල්ඩ් සමග මෙම මරණ පරීක්ෂණ විභාගයේදී සහයෝගීව කටයුතු කළා.” 

“එහෙමයි”

“මරණයට හේතුව සම්බන්ධයෙන් ඔබලා යම් එකගතාවයකට පැමිණ තිබෙනවාද?”

“ඔව් එහෙම කියන්න පුළුවන්”

“ඔබගෙ උපකල්පනය ජූරියට ඉදිරිපත් කිරීමට ඔබ සූදානම්ද?”

“සදුදා උදෑසන 9ට පමණ ඉන්ස්පෙක්ටර් සග් මාව මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන පණිවිඩය ලැබෙන විට මං ශාන්ත ලූක්ස් රෝහලේ යම් පර්යේෂණ කටයුත්තක නියැලිලා හිටියෙ. ඔහු මට කිව්වා අංක 59 දරණ ක්වින්ස් කැරොලයින් මන්දිරයේ අමුතු අාකාරයේ පුද්ගල මළසිරුරක් හමු වී අැති බව. එ්ක යම් වෙෙද්‍ය සිසුවෙකුගෙ සමච්චලයක්ද කියලා සොයා බලන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියා. පොත්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මම ඔහුට සහතික කර කියා සිටියා කිසිම සිරුරක් කායචිච්ඡේදන කාමරයෙන් නැතිවී නොමැති බව”

“කවුද එ් මළසිරුරු භාරව ඉන්නෙ?”

“විලියම් වට්ස්. ඔහු තමයි කායවිච්ඡේදන කාමරයේ උපස්ථායකයා”

“විලියම් වට්ස් මෙහි සිටිනවාද?” මරණ පරීක්ෂකවරයා නිලධාරියාගන් විමසා සිටියේය. 
මරණ පරීක්ෂක කැදවන ඔ්නෑම අවස්ථාවකදී පෙනී සිටීමට විලියම් වට්ස් එහි රැදී සිටියේය. 

“මං හිතනවා කිසිම මළසිරුරක් ඔබේ අනුදැනුමෙන් තොරව රෝහලෙන් පිටතට යවන්නේ නැතුව අැති. එහේම නේද සර් ජූලියන්?”

“එ්ක හරි”

“ස්තූතියි. ඔබගෙ ප්‍රකාශය ඉදිරියට කරගෙන යන්න”

“ඉන්ස්පෙක්ටර් සග් ඊළගට මගෙන් අැහුවා එම මළසිරුර පරීක්ෂා කිරීමට කවුරුහරි වෙෙද්‍ය නිලධාරියෙක් එවන්න පුළුවන්ද කියලා. මං කිව්වා මම ම එන්නම් කියලා.”

“අැයි ඔබ එහෙම කළේ?”

“මං කියන්න කැමතියි පුද්ගලයෙකු සතු සාමාන්‍ය කුතුහලය ඊට මාව පෙළඹුවා කියලා මරණ පරීක්ෂකතුමනි.” කාමරයේ පිටුපස සිටි වෙෙද්‍ය සිසුන් සිනාසෙන්නට විය. “මම නිවසට ගියාට පසුව දුටු මළසිරුරේ පිටුපස කොටස නාන බේසමේ ගෑවෙන ලෙස සිරුර වැතිරී තිබුණා. මං ඔහුව පරීක්ෂා කළා. ඊට පසුව මං නිගමනයකට අාවා. එ් තමයි එම මරණය බෙල්ලෙහි පිටුපසට එල්ල වූ දරුණු පහරකින් සිදුවී අැති බව. සිව්වන සහ පස්වන බෙල්ලෙහි කශේරුකා අැට පැනලා. එයින් සුසුම්නාව තැළිලා. එමගින් අභ්‍යන්තර ලේ වහනයක් සහ අර්ධ වශයෙන් මොළයේ අක්‍රීය වීමක් සිදුවී අැති බව මම නිගමනය කළා. එ් වන විට ඔහු මිය ගිහින් අඩුම පැය 12ක් හෝ ඊට වැඩි කාලයක් ගත වී අැති බව මං නිරීක්ෂණය කළා. මළසිරුරෙහි අන් ස්ථාන වල හිරිහැරයකට ලක්වූ බවට කිසිම සළකුණක් තිබුණේ නැහැ. මළසිරුර අවුරුදු 40ක් හෝ 45ක් පමණ හොදින් වැඩුණු පුද්ගලයෙකුගේ සිරුරක්.”

“ඔබගේ නිගමනයට අනුව එම පහරදීම තමා විසින්ම කරගත හැක්කක්ද?”

“අැත්තෙන්ම නැහැ. එය ගොඩක් බර මොට අායුධයකින් පිටුපස සිට කළ පහරදීමක් බව අවධරණයෙන් කියන්න කැමතියි.”

“එය යම් හදිසි අනතුරකින් විය හැකිද?”

“එවැන්නක් විය හැකියි අැත්තෙන්ම”

“උදාහරණයක් ලෙස මෙම මිය ගිය තැනැත්තා ජනේලයෙන් පිටත බලන විට වීදුරු රාමුව ඉතා තදින් ඔහු මත පතිත වුණා නම් එවැන්නක් විය හැකිද?”

“නැහැ. මෙම සිද්ධියට අනුව බෙල්ල හිරකිරීමෙන් අැති වූ තැලුම් හොදින් දකින්න පුළුවන්”

“නමුත් මිය ගිය තැනැත්තාගේ මරණය සිදුව අැත්තේ යම් බර දෙයක් හදිසියේ ඔහු මත පතිත වීමෙන් එහෙම නේද?”

“එහෙම විය හැකියි”

“ඔබගේ නිගමනයට අනුව මෙය ක්ෂණිකව සිදුවූ මරණයක්ද?”

“එ්ක නම් කියන්න අමාරුයි. එවැනි පහරකින් ක්ෂණික මරණයක් සිදුවීම විය හැකියි. හෝ යම් කිසි තත්ත්වයක් මත පුද්ගලයා අර්ධ වශයෙන් සක්‍රීය වී යම් වෙලාවක් ජීවත්ව සිටිය හැකියි. මෙම සිද්ධියට අනුව මම නිගමනය කරන්නේ මේ තැනැත්තා යම්කිසි පැය ගණනක් එලෙස සිටින්න අැති කියලයි. මං මේ කරුණු දක්වන්නේ මරණ පරීක්ෂණයේදී මොළයේ තත්ත්වය අනුව පැමිණි තීරණයන්ට අනුවයි. මම මෙහෙම කිව්වත් වෙෙද්‍ය ග්‍රිම්බෝල්ඩ් මෙන්ම මමත් එ් ගැන නිශ්චිත නිගමනයකට පැමිණ නැහැ.”

“මට තේරුම් ගන්න පුළුවන් එවැනි තීරණයක් මළ සිරුරෙහි යම් යම් හදුනාගැනීම් සමගයි ගළපන්න වෙන්නෙ. ඔබට ඔහුව හදුනාගත නොහැකිද?”

“අැත්තෙන්ම නැහැ. මං කවදාවත් මීට පෙර ඔහුව දැක නැහැ. ඔබ ව්‍යංගයෙන් අදහස් කළ දේ කිසිම දිනක සිදුවිය නොහැකියි. එම උදෑසන වනතුරුම මං එ් ගැන දැන හිටියේ නැහැ. එහෙම දැනගෙන හිටියා නම් මං එ් ගැන කටයුතු කරන විදිහත් දන්නවා. මං හොදින් හදුනන ගෞරවනීය කාන්තාව සම්බන්ධයෙන් මේ කෙරෙන නොහොබිනා කතාව මං හෙළා දකිනවා.”

මරණ පරීක්ෂක - “එය මගේ වැරැද්දක් නෙමෙයි සර් ජූලියන්. මට එ් ගැන කරන්න දෙයක් නැහැ. ඔබගෙන් එ් ගැන කරුණු විමසීමට සිදුවීම අවාසනාවන්ත දෙයක් බව මං පිළිගන්නවා.”

වාර්තාකරුවන් වහවහා කුරුටුගාන්නට විය. උසාවිය ව්‍යංගයෙන් අැසූ දෙය ජූරිය කලින්ම දැන සිටි බව පෙනුණි. 

“මෙම ගැටලුවේදී මෘත ශරීරයෙහි තිබී උපැස් යුවලක් හමුවුණා. වෙෙද්‍යවරයෙක් ලෙස මේ ගැන කුමක්ද කිව හැක්කේ?”

“එ්වා ටිකක් විතර අසාමාන්‍ය කාච. අක්ෂි වෙෙද්‍යවරයා මේ ගැන හරි විදිහට විස්තර කරයි. නමුත් මම හිතන විදිහට එය මේ මැරුණු තැනැත්තාට වඩා වයසක පුද්ගලයෙකුට අයිති වූවක් විය යුතුයි.”

“වෙෙද්‍යවරයෙකු ලෙස ඔබට ගොඩක් මිනිස් සිරුරු පරීක්ෂා කරන්න ලැබිලා තියෙනවා. එ් අනුව මෘත ශරීරයේ පෙනුම අනුව ඔහුගේ පෞද්ගලික පුරුදු ගැන මොනාද කියන්න පුළුවන්?”

“ඔහු සාමාන්‍ය ජීවිතයක් ගත කළ අයෙක් බවයි කිව හැක්කේ. ඔහුගෙ දත්වල තත්ත්වය නම් ඉතාම නරකයි. ඔහුගෙ දෑත්වලින් ඔහු කය වෙහෙසා වැඩකරන කම්කරුවෙකු බව කිව හැකියි.”

“උදාහරණයක් ලෙස මුදල් සෙවීමේ අරමුණින් පැමිණි ඔ්ස්ට්‍රේලියානු වැසියෙක්”

“අැත්තෙන්ම එ් වගේ දෙයක් තමයි. නමුත් මට එ්ක නිශ්චිතවම කියන්න අමාරුයි.”

“ඔව් අැත්තෙන්ම නැහැ. ස්තූතියි සර් ජූලියන්”

වෙෙද්‍ය ග්‍රිම්බෝල්ඩ් විසින්ද ඔහුගේ විද්වත් මිතුරා ප්‍රකාශ කළ සෑම කරුණක්ම තහවුරු කළ නමුත් ඔහුගේ මිතුරා කී පරිදි පහරදීමෙන් පසු මරණය සිදුවන්නට දවස් ගණනක් ගත නොවූ බව පැවසීය. එය සර් ජූලියන් ෆ්රේක්ගේ මතයට එරෙහි ප්‍රකාශයක් වුවත් අැතැම් විට ඔහුගේ මතය වැරදි වීමට ඉඩ අැත. ඔ්නෑම සිද්ධියකදී එවැනි කාරණයක් තහවුරු කිරීම අපහසු කරුණක් බවත් තමන් මළසිරුර දකින විට ඔහු මිය ගොස් පැය 24ක් පමණ ගතවී තිබූ බවත් පැවසීය. 

ඉන්ස්පෙක්ටර් සග් නැවතත් කැදවනු ලැබීය. “ඔබ කැමතිද මේ ජූරි සභාවට කියන්න ඔබ මිය ගිය තැනැත්තා හදුනාගන්න අනුගමනය කළ පියවර ගැන?”

“එ් සම්බන්ධ විස්තරය සියලුම පොලිස් ස්ථාන වෙත යවා තිබෙනවා. එ් වගේම පත්තරවලටත් දන්නවලා තියෙනවා.  ජූලියන් ෆ්රේක්ගේ නිගමනය අනුව යමින් සියලුම වරායවලින් විමසා බලා තිබෙනවා. නමුත් කිසිම ප්‍රතිඵලයක් මෙතෙක් නැහැ. මෘත දේහය හදුනාගැනීමට ගැනීමට කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ගොඩාක් පුද්ගලයො අාවත් කිසිම පුද්ගලයෙක්ට හදුනාගන්න බැරිවුණා.”

“උපැස් යුවල හරහා යමක් සොයාගැනීමට උත්සාහ කළාද?”

ඉන්ස්පෙක්ටර් එයට පිළිතුරු ලෙස සමාව ඉල්ලමින් විනිශ්චයකරුගේ කැමැත්ත මත එම උපැස් යුවළ ඉදිරිපත් කළේය. “ජූරි සභාව උපැස් යුවල දුටුවාද?” එවිට ජූරියට එය ලබාදුනි.

සර් ජූලියන් ෆ්රේක්ගේ සාක්ෂියට අනුව කායවිච්ඡේදන කාමරයේ කාරණය තහවුරු කිරීම සම්බන්ධයෙන් විලියම් වට්ස් කැදවනු ලැබීය. ඔහු එහි කටයුතු සිදුවන අාකාරය විස්තර කළේය. සාමාන්‍යයෙන් මහජන රෝහලෙන් සහ වැඩපළවල්වලින් ඔවුන්ට සැපයුම් ලැබේ. එ්වා බලාගැනීම ඔහුගේ වගකීමයි. නමුත් මේ තරුණ මහතාට එහි යතුරු ලබාගැනීමට කිසිම හැකියාවක් නොමැත. “සර් ජූලියන් ෆ්රේක්ට හෝ වෙනත් ශල්‍ය වෙෙද්‍යවරයෙකුට හෝ එම යතුරු ලබාගැනීමේ හැකියාවක් තිබෙනවාද?” “නැහැ. සර් ජූලියන්ටවත් බැහැ.”  “සදුදා රාත්‍රියේදී එම යතුරු ඔහු භාරයේද තිබුණෙ?” “ඔවුන් සතුව තිබුණා. නමුත් එය මෙයට අදාල නැහැ. මොකද එදින හෝ වෙනත් කිසිම දිනක එයින් කිසිම මළසිරුරක් අතුරුදහන් වී නැහැ.” අනතුරුව මරණ පරීක්ෂක විසින් ජූරිය අමතනු ලැබීය. ජූරිය විසින් මෙම මරණය පිළිබද වියහැකි හෝ වියනොහැකි කිසිම ඕපාදූපයකට අනුව තම මතය ඉදිරිපත් නොකළ යුතු බව පැවසීය. මරණය අනතුරක් නිසා සිදුවූවක්ද තමා විසින්ම සිදුකරගත්තක්ද හෝ සැලසුම්සහගතව කළ දෙයක් හෝ මිනීමැරුමක්ද යන්න පිළිබදව වෙෙද්‍යමය සාධක සළකා බලන ලෙස ඔහු තවදුරටත් මතක් කරදුන්නේය. එම සාධක සැළකිල්ලට නොගතහොත් තීරණයෙන් එම තැනැත්තා ඉවත් කිරීමට සිදුවන බව දැන්වීය. එ් වගේම ඔවුන්ගේ තීරණය මිනීමරුවාට හෝ කිසියම් පාර්ශවයකට පක්ෂපාතීව ලබාදුනහොත් විනිශ්චයකරුට නැවතත් සියලු සාක්ෂි කැදවීමට සිදුවනු අැත. අනතුරුව කිසිදු වාචික දිවුරුම්දීමකින් තොරව ඔවුන් ඉවත් කරනු අැත. 

සර් ජූලියන් ෆ්රේක් සාක්ෂි ලබාදීමෙන් පසුව අාදිපාදවරිය දැක අැය වෙතට ගොස් අාචාර කළේය. “ගොඩක් දවසකින් ඔබ දකින්න ලැබුණේ නැහැ.” කාන්තාව කීවාය. “ඔබට කොහොමද?” “වැඩවලට හිරවෙලා හිටියෙ” විශේෂඥවරයා කීවේය. “මගෙ අලුත් පොත පිටවුණා විතරයි. එ්වා කාලය යන වැඩ. ඔබ තවම ලෙවි අාර්යාව හමුවුණේ නැතිද?”

“නැහැ පව් අසරණී” අාර්යාව පැවසුවාය. “මං උදේම මේකට අාවෙත් එ් නිසයි. තිප්ස් මහත්මිය මාත් සමග කිව්වා පීටර් ගේ විකාර හැසිරීම ගැන. ඔබත් දන්නවනෙ. පව් ක්‍රිස්ටීන්. මං ගිහින් අැයව හමුවෙන්න ඔ්නෙ. මේ පාකර් මහතා. ඔහු තමයි එ් පරීක්ෂණය මෙහෙයවන්නෙ.” අැය කීවාය.

“ඔ්හ්...” සර් ජූලියන්ට කියැවුණි. “ඔබ දන්නවාද..” ඔහු පාකර් මහතාට සිහින් හඩින් කියන්නට විය. “ඔබව හමුවීමට ලැබීම ලොකු සතුටක්. ඔබ තවමත් ලෙවි අාර්යාව මුණගැහුණේ නැතිද?”

“මං අැයව අද උදේ හමුවුණා”

“අැය ඔබෙන් විමර්ශන කටයුතු ගැන අැහුවද?”

“ඔව්” පාකර් කීය. “අැය හිතනවා සර් රූබියන්ව කවුරුහරි මූල්‍යමය තරගකරුවෙකු හෝ සමහර විට යම් ප්‍රයෝගකාරයෙකු විසින් හෝ කප්පම් ලබාගැනීමේ අරමුණින් රඳවා තබාගෙන අැති බව.”

“ඔබේ මතයත් එ්කද?” සර් ජූලියන් විමසුවේය.

“මටත් හිතෙන්නෙ එහෙම තමයි.” පාකර් අවංකවම කීවේය.

සර් ජූලියන් මදක් පැකිලෙන්නට විය. “මං හිතනවා මේක ඉවර වුණාට පසුව ඔබ මාත් සමගින් යන්න එයි කියලා” ඔහු කීය. 

“එ්ක මට සතුටක්” පාකර් කීය. 

මේ අවස්ථාවේදී නැවතත් ජූරි සභිකයින් අාසනවලට පැමිණියෝය. ඔවුන් තීරණය මත එකගතාවයකට පැමිණියේදැයි මරණ පරීක්ෂකවරයා විසින් ජූරියේ ප්‍රධානියාගෙන් විමසන ලදී. 
“ඔව් අපි එකගතාවයකට පැමිණියා. කොදුඅැට පෙළ මත එල්ල වූ පහරෙහි බලපෑමෙන් මෙම මරණය සිදුවූ බවට අපි එකගතාවයට පැමිණියා මරණ පරීක්ෂකතුමනි. කොහොම නමුත් එය හිංසා සහගත පහරක් වුවත් එය නිශ්චිතවම තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපි සළකනවා.”

***
පාකර් මහතා සහ සර් ජූලියන් ෆ්රේක් පාරෙහි අැවිද යන්නට විය. 
“අද උදේ ලෙවි අාර්යාව මුණ ගැහෙන තුරුම සර් රූබියන්ගෙ අතුරුදහන්වීම මේකට සම්බන්ධයි කියන්න කිසිම අදහසක් මට තිබුණෙ නැහැ.” වෙෙද්‍යවරයා කීවේය. “එ් අදහස නම් හරිම භයානකයි. එ් වගේම අර විකාර පොලිස් නිලධාරියාගේ හිතේම පමණක් එ්වගේ සිතුවිල්ලක් හට ගත්තනෙ. ඔහුගෙ සිතෙහි එවැනි අදහසක් තියෙනවා කියලා මං දැනගත්තා නම් මුලින්ම එ් වැරැද්ද හරිගස්සලා මට මේ සියල්ලෙන්ම අෑත් වෙලා ඉන්න තිබුණා.”

“ලෙවිගෙ කාරණය සම්බන්ධයෙන් මට කතා කරපු ගමන්ම මං කළ හැකි සියල්ලක්ම සිදුකළා” පාකර් පැවසීය. 

“මට දැනගන්න පුළුවන්ද කවුද ඔබව කැදෙව්වෙ කියලා” සර් ජූලියන් විමසුවේය. 

“හොදයි මුලින්ම ගෙදර අය. එ් වගේම පර්ට්මන් චතුරසේ‍ර සිටින සර් රූබියන්ගෙ මාමා. ඔහු මට විමර්ශන කටයුතු දිගටම කරගෙන යන මෙන් ලිඛිතව දැනුම් දුන්නා.”

“දැන් එතකොට ලෙවි අාර්යාවත් එම උපදෙස්වලට එකග වුණාද?”

“අැත්තෙන්ම” පාකර් පුදුමයෙන් මෙන් කීය.

සර් ජූලියන් මදකට නිශ්ශබ්ද විය. 

“මං හිතනවා සග්ගෙ ඔළුවට මේ වගෙ අදහසක් දමපු පළවෙනි පුද්ගලයා මං කියලා.” පාකර් තරමක් පසුතැවෙන අාකාරයෙන් පැවසීය. “සර් රූබියන්ගෙ අතුරුදහන්වීමෙන් පසුව මගෙ පළමු පියවර වුණේ එදින සියලුම මාර්ග අනතුරු සියදිවි නසාගැනීම් වගෙ දේවල් ගැන අවදානය යොමු කිරීමයි. එ් විදිහටයි මං බැට්ටර්සී උද්‍යානයේ මළ සිරුර සම්බන්ධ ගැටලුවට ප්‍රවේශ වුණේ. අැත්තෙන්ම මං එහි ගියපු ගමන්ම දැනගත්තා එ්ක නම් මහ විහිළුවක් කියලා. නමුත් සග් එ්ක ඔළුවට ගත්තා. එ් වගේම මියගොස් සිටි තැනැත්තා සහ මං දුටුව සර් රූබියන්ගෙ පින්තූරය අතර යම් සමානාත්මතාවයක් දුටු බවත් අැත්තයි.”

“එකම මුහුණුවර තියෙන අය ඉන්න පුළුවන්.” සර් ජූලියන් පැවසුවේය. “නමුත් මේ මුහුණ නම් හරිම අසාමාන්‍යයයි. සහ සර් රූබියන්ට ඝන රැවුලක් තිබුණා. එ් වගේම කට සහ නිකටෙහිත් කිසිම සමාන බවක් නැහැ. මට වෙච්ච දේ හිතාගන්න පුළුවන්. නමුත් එ්ක එකහෙලාම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මට සමාවෙන්න. මේ හැමදෙයකින්ම ලෙවි අාර්යාවයි දුකට පත්වෙන්නෙ. ඔබ සමහර විට දන්නවත් අැති පාකර් මහත්තයා මං ලෙවිලගෙ ළගම හිතවතෙක් කියලා මට කියන්න බැහැ” 

“මට ටිකක් විතර තේරුම් ගන්න පුළුවන්”

“ඔව් මං තරුණ කාලෙදි පොඩි සම්බන්ධයක් තිබුණා පාකර් මහත්තයා. වරක් මං ලෙවි අාර්යාව කසාද බදින අදහසින් හිටියා. ඔබ දන්න පරිදි මං කවදාවත්ම කසාද බැන්දෙ නැහැ. අපි හොද මිතුරන්ව හිටියා. මං නිතරම අැයව වේදනාවෙන් ගලවාගන්න පුළුවන් හැමදෙයක්ම කළා.”

“මාව විශ්වාස කරන්න සර් ජූලියන්” පාකර් මහතා කීවේය. “මට ඔබ ගැනත් ලෙවි අාර්යාව ගැනත් අැත්තටම කනගාටුයි. ඉන්ස්පෙක්ටර් සග්ගෙ මතය හරිගස්සන්න මං හැමදෙයක්ම කළා. අවාසනාවට සර් රූබියන් අතුරුදහන් වූ සන්ධ්‍යාවෙම බැට්ටර්සී පාර්ක් වීථියේ සිදුවීමත් සිදුවුණානෙ.”

“අාහ් ඔව්” සර් ජූලියන් කීවේය. “මෙන්න අපි ගෙදර ළගටම අැවිත්. ඔබ සමහර විට මදක් අැතුළට එන්න කැමති වෙයි පාකර් මහත්තයා. එ් වගේම තේ හෝ සෝඩා එක්කළ විස්කි ටිකක් හෝ ගන්නත් බැරියැ”
පාකර් එම අාරාධනය පිළිගත්තේය. තවත් මොනවා හරි ඔහුට කියන්නට අැති යැයි ඔහු සිතුවේය. ඉතා අලංකාර ගෘහභාණ්ඩවලින් පිරුණු මෙන්ම දොර පසෙකින් උදුනක්ද සහිත අලංකාර ශාලාවකට ඔවුන් අවතීර්ණ විය. එහි විරුද්ධ පැත්තේ පඩිපෙළ විය. කෑම කාමරයේ දොර ඔවුන්ගේ දකුණු පසින් විවෘතව තිබුණි. සර් ජූලියන් සීනුව නාද කළ විට ශාලාවේ අෑත කෙළවරකින් පිරිමි සේවකයෙකු මතු විය. “ඔබ මොනවද ගන්නේ?” වෙෙද්‍යවරයා විමසුවේය. “ස්නායු විශේෂඥයෙක් වුණු ඔබතුමාගෙ අකමැත්තක් නැත්නම් මෙ වගෙ දරුණු සීතලකදි මට ඔ්නෙ කරන්නෙ උණු උණුවෙන් තේ වතුර ගැලුම් ගණනක්.”
“ඔබේ කැමැත්තක්” සර් ජූලියන්ද ඔහුගේ විහිළුවට එක් වෙමින් පැවසුවේය. “අපිට තේ ගේන්න පුස්තකාල කාමරයට” යි සේවකයාට කියමින් ඔහු පඩිපෙළ නගින්නට විය. 
“කෑම කාමරය හැර පහළ තට්ටුවේ කාමර මං වැඩිය පාවිච්චි කරන්නෑ.” තම අමුත්තාට පළමු මහලෙහි කුඩා නමුත් ඉතා කදිම පුස්තකාලයෙහි අසුන්ගන්නට තැනක් පෙන්වමින් පැවසීය. “මේ කාමරය මගෙ නිදන කාමරයට යාව තිබෙන නිසා හරිම පහසුයි. මගෙ කාලයෙන් භාගයක්ම මං මෙහි ගතකරන්නෙ. මගෙ පර්යේෂණ කටයුතු රෝහලේ ඉදන් කරන එක ලේසියි. න්‍යායික දේවල් වෙනුවෙන් ප්‍රායෝගික දේවල් ප්‍රමාද කරන එක හරිම භයානක දෙයක් පාකර් මහත්තයා. නිවැරදි හේතු නිර්ණයනුත් හොද න්‍යායනුත් දෙකම විච්ඡේදනයේදී එකසේ වැදගත්. එ් වෙනුවෙන් අතත් අැහැත් හොදට පුහුණු කරන්න ඔ්නෙ. හාර්ලි වීථියේ කටයුතු කරනවාට වඩා මට මේ තැන හොදයි. කවදාහරි උපදේශනයත් ප්‍රායෝගික භාවිතයත් අත්හැරලා මගේ ලේඛන වැඩවලට මෙහිම නතර වෙනවා. මේ ජීවිතේ ගොඩාක් දේවල් කාලෙ කෑමක් විතරයි පාකර් මහත්තයා” 
පාකර් මහතා එයට එකග විය. 
“බොහෝ වෙලාවට ඉතා වැදගත් පර්යේෂණ කටයුත්තකට අතගහපු ගමන්ම මුළු දවසම එ්කෙ වැඩත් කරලා රෑට කෘතිම අාලෝකයට අැස් හුරුකරගෙන ප්‍රායෝගික පරීක්ෂණවලටත් සම්බන්ධ වෙන්න සිදුවෙනවා. මං බොහෝ වෙලාවට කායචිච්ඡේදන කාමරයේ කෘතිම අාලෝකයට අැස් හුරු කරගන්න පුරුදු වෙලා ඉන්නෙ. ඔබටත් මේ වගෙ කරදරවලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිදුවෙනවා අැති.”

“ඔව් සමහර වෙලාවට” පාකර් කීය. “වැඩ කරන එකට වඩා එ්වා පැහැදිලි කරන එකනෙ අමාරු. ඔබට පේනවානෙ එ්ක”

“අැත්ත අැත්ත.” සර් ජූලියන් පැවසුවේය. “උදාහරණයක් විදිහට ගෙවල් බිදින්නෙක් එ්ක දවල්ට කරන්නෑනෙ. එහෙම නැත්නම් ඔහු ඔබට පහසු වෙන්න ඔහුගෙ පා සටහන් පැහැදිලිව තෙත පස් මත තියලා යන්නෑනෙ.”

“එ්ක නම් අැත්ත.” රහස් පරීක්ෂක කීවේය. “ඔබගෙ මළසිරුරු නම් ගෙවල් බිදින්නෙක්ට වඩා ගුප්ත අැති.” 

“එ්ක එහෙම තමයි.” සර් ජූලියන් සිනාවෙමින් කීය. “යහපත් සමාජයක් උදෙසා ඔවුන්ව අල්ලාගැනීම ඔබේ වැඩක් වුණ එක හොදට ගියා. ඔබ දන්නවාද ස්නායු රෝගීන් ප්‍රායෝගිකව ඉතා දක්ෂ අපරාධකාරයින් බව. ඔවුන් එක එක විදිහෙ ප්‍රයෝගකාරයො....”

“ලියොන් කේර්ස්ටල් මාස්ටර් මමර් වගෙ” දුම්රියපළින් මිලදී ගත් රහස් පරීක්ෂක කතා වල එන චරිත ගෙනහැර දක්වමින් පාකර් කීය. 

“කිසිම සැකයක් නැහැ.” සර් ජූලියන් පැවසුවේය. “ඔවුන් හරි ලස්සනට එ්වා ලියලා තියෙනවා. කොහොම වුණත් ඔබ අඩි සළකුණු වලින් හොයන දේ මම වෙෙද්‍යමය කරුණු වලින් හොයාගන්නවා.”

“ඔබ හැමදෙයක්ම කායිකවයි නිරීක්ෂණය කරන්නෙ. එහෙමනේද?”

“එ් ගැන කිසිම සැකයක් නැහැ. මම ප්‍රාථමික කරුණු ගැන සළකමින් නෙමෙයි මේ කියන්නෙ. මේ පොත්වල මෝඩ තර්ක ඉවත දාලා මම දවසක ඔබට ප්‍රායෝගිකව මේවා පැහැදිලි කරලා දෙන්නම්.”

ඔහු නිශ්ශබ්දව ටික වේලාවක් අාලෝකය දෙස දෙනෙත් දල්වා බලා සිටියේය. 

පාකර් මහතා ඔහුව නිරීක්ෂණය කරමින් නිහඩවම තේ පානය කළේය. මෙහිදී ඔහුට සැලිස්බරිහි ක්‍රිම්ප්ලෙෂම් එක්ක ගනුදෙනුවක යෙදෙන පීටර් සාමිවරයා මතක් විය. පීටර් සාමිවරයා ඔහු එනතෙක් එහි බලා හිදියි. එක්කො ක්‍රිම්ප්ලෙෂම්ගෙන් යම් විරෝධයක් පැන නැගිලා නැත්නම් යම් හෝඩුවාවක් පසුපස පන්නන්න වෙන්න අැති. නමුත් බන්ටර් කිව්වෙ පුළුවන්නම් හෙට එන්න කියලයි. මේක පාකර්ගෙ පරීක්ෂණයට අදාළ නැතත් බැට්ටරසී සිද්ධියට සම්බන්ධ වූවක්. දැනටමත් ඔහු ජූරි සභාවේ කටයුතු වෙනුවෙන් තමන්ගෙ වටිනා කාලය අපතේ යවාගත්තා. ලෙවිගෙ ලේකම් මුණගැහෙන්නත් යන්න තියෙනවා. පාකර් නැගී සිටියේය. සර් ජූලියන් ඔහු දෙස බැලීය. 

“මට සමාවෙන්න. මං මේ...”

“ඔබේ වැඩ ඔබට කතා කරනවා වගෙ” ඔහු සිනහා වෙමින් කීය. “මට තේරුම්ගන්න පුළුවන්. මට ඔබව රඳවාගන්න ඔ්නෙ වුණේ නැහැ. මට ඔ්නෙ කළේ ඔබේ විමර්ශනයට අදාළව මම දන්නා කරුණු ටිකක් කියන්නයි.” පාකර් නැවතත් ඉදගත්තේය. “ඔබට යම් උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්” පාකර් පැවසුවේය.

“එ්ක හරියටම කියන්න බැහැ. මේක ඔබෙයි මගෙයි දෙන්නගෙම වෘත්තීන්ට බලපෑමක් එල්ල කරන දෙයක්. කොහොම වුණත් අැත්ත එළිවෙනවා.”
පාකර් ඉතා උනන්දුවෙන් අසා සිටියේය. 

“ඔව් සර් රූබියන් ලෙවි සදුදා රාත්‍රියේදී මාව මුණගැහුණා.” සර් ජූලියන් පැවසුවේය. 

“එහෙමද” හැගීම් විරහිත මුවින් පාකර් විමසීය.

“ඔහු මාව මුණ ගැහෙන්න අාවෙ වෙෙද්‍ය උපදෙස් ගන්න අදහසින්. ඔහුට යම් රෝගයක් තිබෙන බව ඔහුට දැනිලා තිබුණා. මීට පෙර ග්‍රීස්ම ඍතුවෙදි ස්නායු අාබාධයක් අැති වෙලා ලෙවි අාර්යාවත් මගෙන් ප්‍රතිකාර ලබා ගත්තා.”

“ඔහු කල්තියා දැනුම් දීලාද අාවෙ?” පාකර් අැසීය.

“මොකක්ද?”

“ඔහු කලින් දැනුම් දීලාද අාවෙ?”

“දැනුම්දීලා. ඕහ් නැහැ. රාත්‍රී අාහාරයත් ගත්තට පසුව මං ඔහුව කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැති වෙලාවකයි ඔහු පැමිණියේ. මං මෙහිදී ඔහුව පරීක්ෂා කළා. ඊට පස්සේ 10ට විතර ඔහු මෙහින් ගියා.”

“මොකක් සම්බන්ධයෙන්ද ඔබ ඔහුව පරීක්ෂා කළේ?”

“අැයි ඔබට එ්ක දැනගන්නම ඕනෙද?”

“මට ටිකක් එ්ක පැහැදිලි කරගන්න ඕනෙ.හොදයි. මේක ටිකක් අපේ කාරණයට අදාළයි වගෙ. මං කියන්නෙ ඔහු වෙෙද්‍යවරයා හමුවුණ රාත්‍රියේදීම මෙහෙම අතුරුදහන් වුණ එක...”

“එහෙමද. ඔව් හොදයි. මට සැක කටයුතු දරුණු යමක් සොයාගන්න පුළුවන් වුණා. නමුත් දැනට එ්ක නිශ්චිතවම කියන්න බැහැ.”

“ස්තූතියි. සර් රූබියන් මෙහින් ගියෙ 10ට විතරද?”

“10 හෝ ඊට අාසන්න වෙලාවක. සර් රූබියන්ට ඔ්නෙ වුණා මේ හමුවීම කවුරුවත් දැනනොගන්න. එ්කයි මුලින් මං මේ ගැන කිව්වෙ නැත්තෙ. රිය අනතුරක් හෝ එවැනි යමක් සිදුවී නොමැති නිසා මධ්‍යම රාත්‍රිය වන විට ඔහුට සුරක්ෂිතව නිවසට ළගා වෙන්න තිබුණා.”

“එ් වගෙ” පාකර් කීය.

“මෙවැනි තත්ත්වයක් අැති නොවුණා නම් සර් රූබියන් මා වෙත තැබූ විශ්වාසය කඩ කරලා මං ඔබට මේ ගැන කියන්නෑ. ඔබ මේකට සම්බන්ධ නිසා මං කැමති නැහැ ඔබ මෙහෙ අැවිත් මගෙ මෙහෙකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් මේ ගැන හාරඅවුස්සනවට. එ්කයි මං පෞද්ගලිකවම හමුවෙලා ඔබට මේ ගැන කියන්න හිතුවෙ. මං අවංකවමයි කියන්නෙ. මාව විශ්වාස කරන්න.”

“අැත්තෙන්ම” පාකර් පැවසීය. “මං මගෙ වෘත්තීය කටයුතුවලදි ටිකක් නම්‍යශීලියි සර් ජූලියන්. ඔබ මේ ගැන කිව්වට ස්තූතියි. නැත්නම් මම වැරදි පාරකයි යමින් හිටියෙ.”

“මට ඔ්නෙ කරන්නෑ ඔබේ වැඩ නතර කරන්න. මේ ගැන ප්‍රසිද්ධ කරන එක සර් රූබියන්ටයි ඔහුගෙ අාර්යාවටයි ප්‍රශ්නයක් වෙයි. එ් වගේම එහෙම වුණොත් තවදුරටත් රෝගීන් මාව විශ්වාස කරලා මා වෙත එන්නෙ නැති වෙයි.”

“මං මේ ගැන කාටවත් කියන්නෑ. පොරොන්දු වෙනවා. නමුත් මගෙ සහායකයාව මේ ගැන දැනුවත් කරන්න වෙනවා.”

“මේ කාරණයේදී ඔබට සහායකයෙකුත් ඉන්නවාද?”

“ඔව්”

“ඔහු මොන වගේ කෙනෙක්ද?”

“ඔහු ගොඩක් විචක්ෂණශීලී අයෙක් සර් ජූලියන්”

“ඔහු පොලිස් නිලධාරියෙක්ද?”

“මේ ගැන ස්කොට්ලන්ඩ්යාඩ් එකේ වාර්තා වෙයි කියලා කොහෙත්ම බය වෙන්න එපා”

“ඔබ නුවණක්කාරව කටයුතු කරයි කියලා මම හිතනවා”

“අපිට අපේ වෘත්තියෙ අාචාර විධි තිබෙනවා සර් ජූලියන්”

***
පාකර් මහතා නැවත ග්‍රේට් ඕර්මන්ඩ් වීථියට පැමිණි පසු ඔහු වෙනුවෙන් තිබූ විදුලි පුවතක් ලැබුණි. “එන්න එපා. හැමදේම හොදින්. හෙට එනවා. විම්සෙ” යනුවෙන් එහි සදහන් විය.