https://translationbooksinsinhala.blogspot.com/

Wednesday, September 19, 2018

හඳුනානොගත් මළසිරුර (8 පරිච්ඡේදය) - Whose Body? By, Sayers, Dorothy Leigh

හඳුනානොගත් මළසිරුර

8 පරිච්ඡේදය

මධ්‍යම රාත්‍රියේදී පීටර් සාමිවරයා නිවසට ළගාවිය. නින්ද නම් ඔහු අසලකවත් නොවීය. ඔහුගේ මනසේ යමක් නලියමින් තිබුණි. අැවිස්සුනු මීවදයක් සේ ඔහුගේ සිත කැළඹී තිබුණි. උත්තරය දිවඅග තිබිලත් කල්පනාවට එන්නෙ නැති ප්‍රහේලිකාවකට මැදි වුණා වගේ හැගීමක් ඔහුට දැනුණි. 
“කොහේ හරි” පීටර් සාමිවරයා තමාටම මුමුණා ගන්නට විය. “කොහේදි හරි මේ දෙක සම්බන්ධ වෙන පොටක් මට හම්බවුණා. එ්ත් එ් කොතැනද. එ්ක මතකෙට එන්නෙම නෑනෙ. කවුරුහරි එ් ගැන කිව්වා. සමහර විට මගෙ කටින්ම කියවෙන්න අැති. එ් කොහෙදිදැයි මතකයක් නැහැ. නමුත් මං දන්නවා මං එ් පොට අල්ලාගත්තා. ගිහින් නිදාගන්න බන්ටර්. මං නිදන අැදුමට මාරුවෙලා මෙහෙම ටිකක් ඉන්නයි කල්පනාව.” ඔහු හිඳගෙන පයිප්පය දල්වාගත්තේය. ඔහු තමාගේ මනසේ නලියන කාරණය ගැන හොදින් සිත යොමු කරන්නට විය. ලෙවිව අවසාන වතාවට දැකලා තියෙන්නෙ රාත්‍රී 10ට ප්‍රින්ස් ඔෆ් වේල්ස් වීථියේදී. ඔහුගේ මනස නැවතත් තිප්ස් මහතාගේ නානබදුනේ තිබූ හාස්‍යජනක මළසිරුර වෙත දිව ගියේය. ඔවුන් වහලය මත දිවගියා... කොතැනකද මගහැරුණෙ... වැලිවලට යට වුණා වගෙ....ගඟ ගලන්නෙ වැලි මතින්... ගංගා පොළොව යටිනුත් ගලනවා... ගොඩක් යටින්... පීටර් සාමිවරයා හිස බිමට නැඹුරු කරගනිමින් ධ්‍යානයකට සමවැදුනාක් සේ සිටියේය. ඔහුගේ මනසේ සිතුවමක් අැඳෙන්නට විය. ඔහුට ඔවුන්ගේ හඬ අැසෙන්නාක් මෙන් විය. අඳුර තුළින් යන්තමින් අැසෙන ගොර ගොර හඬක්. නමුත් කොහිද? ඔහුට හොදටම විශ්වාසයි. ඔහුට කවුරුහරි එ් ගැන කිව්වා. නමුත් දැන් එ්ක අමතකයි. ඔහු නැගිට අාලෝකය දල්වාගෙන පොතක් අතට ගත්තේය. එය වෙහෙස නොබලා තම රාජකාරිය ඉටු කරන බන්ටර් විසින් ටයිම්ස් පොත්හලෙන් ගෙන අා පොතකි. සමහර විට එ්ක සර් ජූලියන් ෆ්රේක්ගේ “භෞතික විද්‍යාවේ හෘදසාක්ෂියේ භස්ම” නම් ග්‍රන්ථයේ තිබුණා විය හැකිය. දින දෙකකට පෙර තමන් එය පරිශීලනය කරන විට ඔහුට එය හමුවූවා විය හැකිය. 

“පොත අතට ගද්දිම නිදිමත හැදෙනවා” පීටර් සාමිවරයා තමාටම මුමුණා ගත්තේය. “මේ වැඩේ මගෙ හිතේ හංගාගන්න තිබුණා නම් මේ වැඩේ හෙටට කල් දාන්න තිබුණා” ඔහු පොත හෙමින් දිගහැරියේය. අනතුරුව ඕනෑවට එපාවට මෙන් එහි ප්‍රස්තාවනාව දෙස නෙත් හෙළීය. 

“මට හිතාගන්න බැහැ ලෙවී ලෙඩ වුණා කියන කතාව අැත්තක්ද කියලා.” ඔහු පොත පසෙක තබමින් කල්පනා කරන්නට වූයේය. “එ්ක එහෙමයි කියලා පේන්නෑ. මෙච්චර දෙයක් වුණාටත් පස්සෙ.. එ් ගැන හිතන එක නතර කෙරුවොත් හොදයි වගෙ” ඔහු ටිකක් වුවමනාවෙන් පොත කියවන්නට වූයේය. “මං හිතන්නෑ අම්මා ලෙවි ගැන හොදින් දැන හිටියා කියලා.” ඔහු ඊළගට සිතුවේය. “තාත්තා කොහොමත් කැමති වුණේ නැහැ ස්වෝත්සාහයෙන් දියුණු වුණු මිනිස්සුන්ට. ඉතින් ඔවුන් ඩෙන්වර් පැත්තෙ අාවෙත් නැහැ. එ් වගේම ජෙරල්ඩුත් එ් සාම්ප්‍රදායික සිරිත් එ් විදිහටම පවත්වාගෙන යනවා. අැය එ් දවස්වල ෆ්රේක්ව හොදින් දැනගෙන හිටියෙ නැතුව අැති. අැය මිලිගෑන්ට නම් පක්ෂපාතියි වගෙ. මං හිතනවා අම්මා හරි. අැය සල්පිලේ වැඩේ හොදටම හිතට අරගෙන. මං අැයට අනතුරු අැගෙව්වොත් හොදයි. අැය එක්වරක් කිව්වා...” ඔහු යමක් මතකයට නගාගන්න උත්සාහ කළත් එය බැරි වූ තැන නැවතත් පොත කියවන්නට වූයේය. 

“ෆ්රේක්ගෙයි වට්ස්ගෙයි සාක්ෂි තාත්ත්වික නොවුණා නම් එ් ඔස්සේ යමක් හොයාගන්න තිබුණා.” ඔහු මෙසේ සිත සිතා හිස වනමින් අවසාන කොටස කියවන්නට විය. 

සිතුවිලි සහ ක්‍රියා එකට බැඳී අැත. කායික විද්‍යාඥයා ප්‍රධාන වශයෙන් අදහස් කළේ එයයි. චෙෙතසිකය අනුව කාර්යයන් සිදුවේ. මොළයේ හටගන්නා සිතුවිලි අනුව පිහියෙන් හැඩතල මවාගත හැකිය. ඔෟෂධ භාවිතයෙන් ඔබේ කල්පනා ශක්තිය ගිලිහී යා හැක. එමෙන්ම කලක පටන් ලෙඩක් වැළදී තිබුණා සේ පෙනිය හැකිය. “යහපත් දැනුම සහ අයහපත් නිරීක්ෂිත ප්‍රපංචයන් යම් තත්ත්වයන් මත මොළයේ සෙෙල වල තැන්පත් වේ. එය ඉවත් කළ හැකිය.” එක් වැකියක එසේ සදහන් විය. නැවතත්, “අැත්තෙන්ම මිනිසාගේ හෘදසාක්ෂිය මීමැසි දෂ්ටනයකට සම කළහොත් එය අත්විඳින්නාට සුබසිද්ධියක් නොවේ. මරණයක් සිදුවුවහොත් මිස එවැන්නක් ගණනය කළ නොහැකිය. මේ එක් එක් අවස්ථාවන්හිදී ස්ථීය අගය හුදෙක් සමාජීය වේ. අැතැම් දර්ශනවාදීන් අනුමාන කරන පරිදි මනුෂ්‍ය වර්ගයා වත්මන් සමාජ සංවර්ධන අවධියේ සිට උසස් පුද්ගලභාවයකට පත්වුවහොත් මෙම සිත්අැදගන්නා සුළු මානසික ප්‍රපංචයන් ක්‍රමයෙන් වියැකී යා හැකි බව අපට සිතිය හැකිය. එනම් ස්නායු සහ මාංශපේශීන් මගින් එකවර අපගේ කන් සහ කුරු චලනයන් පාලනය කරනවා සේය. එ් තුළ සුරැකෙන්නේ වැහැරීයන පසුගාමී පුද්ගලයින් කිහිප දෙනෙකු පමණි. එය සිත්අැදගන්නා සුළු දෙයක් වන්නේ කායික විද්‍යාඥයින්ට පමණි.” 

“දෙවියනේ” පීටර් සාමිවරයාට කියැවුණි. “මේක අපරාධ අාදර්ශකයක් වගේ. මේක විශ්වාස කරපු පුද්ගලයා.. එ්ක කවදාවත්...” මෙතෙක් වේලා මනසින් ගිලිහී ගොස් තිබූ දෙය හදිසියේම ඔහුගේ කල්පනාවට අාවේය. ඔහුට හැමදෙයක්ම මතක් විය. හැම දෙයක්ම සර්ව සම්පූර්ණයි. පැහැදිලියි. ඔහුට හැමදෙයක්ම එසැණින් අවබෝධ වූයේය. නැවතත් එ් ගැන සිතන්නට හෝ අැවැසි නොවීය. හරියට අකුරු පටලවා ලියා තිබූ වචනයක් කිහිප වතාවක් උත්සාහ කොට උත්තරය ලබාගත්තා වගේ හැගීමක් ඔහු තුළ අැතිවිය. උත්තරය හොයාගත්තට පසුව එතැනින් එහාට මොනා සිතන්නද?

සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම පීටර් සාමිවරයාගේ මනසේ විසිරී තිබූ කරුණු එකට ගොනු වී ප්‍රහේලිකාව විසදුනි. එ් ගැන මින්මතුවට ඔහුගේ සිතේ සැකයක් නැත. කෙළවර් වූ නිවසේ වහලය මත යමක් තදින් ගැටීම— වර්ෂාවේ අධික සීතලේ බැට්ටර්සී පාර්ක් වීථිෙය් ලෙවී වෙෙශ්‍යාවක සමග කළ කතාබහ— රතු කෙස් ගස— තුවාල වෙලන වෙලුම් පටි— රෝහලේ කායවිච්ඡේදන කාමරයේ සිටි කීර්තිමත් ශල්‍යවෙෙද්‍යවරයාට ඉන්ස්පෙක්ටර් සග් කතා කිරීම— ලෙවි අාර්යාවට ස්නායු අාබාධයක් වැළඳීම— කාබොලික් සබන් සුවද— අාදිපාදවරියගේ හඬ... “අැත්තටම එ්ක විවාහ ගිවිසගැනීමක්ම නෙමෙයි. අැගේ පියා සමග වූ යම් එකගතාවක් පමණයි”— පෙරුවියන් ඔයිල් සමාගමේ කොටස්— නානබදුනෙහි සිටි පුද්ගලයාගේ වක ගැසුණු අඳුරු සමක් සහිත එල්ලා වැටුණු මස් සහිත සිරුරෙහි පෙනුම— වෙෙද්‍ය ග්‍රිම්බෝල්ඩ් දුන් සාක්ෂිය “මගේ මතයට අනුව පහර දීමෙන් පසු මරණය සිදුවීමට දිනගණනක් ගතවී නැත”— ඉන්දියා රබර් අත්වැසුම්— එපමණක් නොව යන්තමින් අැසෙන අැප්ලිඩෝ මහතාගේ හඬ “ඔහු මට කතා කළා, සර්, විද්‍යාත්මක පර්යේෂණවලට පණ අැති සතුන් යොදාගැනීමට එරෙහිවීම සම්බන්ධ පොතක් සමගින්”— මේ සියල්ල එක් හඬක් සේ රැව්දෙන්නට විය. “යහපත් දැනුම සහ නිරීක්ෂිත අයහපත් ප්‍රපංචයන් යම් තත්ත්වයන් මත මොළයේ සෙෙල වල තැන්පත් වේ. සහ එ්වා ඉවත් කළ හැකියි. ඉවත් කළ හැකියි. ඉවත් කළ හැකියි. යහපත් දැනුම සහ නපුර ඉවත් කළ හැකියි” 

පීටර් සාමිවරයා පුරුද්දක් ලෙස යමක් බරපතලව ගන්නා තරුණයෙක් නොවේ. නමුත් මේ අවස්ථාවේදී තත්ත්වය වෙනස්ය. “එය විය නොහැකියි” ඔහුගේ අැතුලාන්තයෙන් දුර්වල හඬක් මතු විය. එසේ සිතා ඔහු සිත සනසා ගැනීමට උත්සාහ කළේය. “හොදයි” ඔහුගේ හෘදසාක්ෂිය කියන්නට විය. “දැන් මොකක්ද ඔබ කරන්න යන්නෙ”

පීටර් සාමිවරයා නැගිට කාමරයේ අැවිදින්නට වූයේය. “අනේ දෙවියනේ” යි ඔහුගේ මුවින් පිටවිය. “අනේ දෙවියනේ” යි කියමින් ඔහු හිඳ ගත්තේය. “කාගෙ කවුද” ඔහු දුරකතන රදවනය මත තිබූ පොත ගෙන එහි පිටු පෙරලන්නට විය. 

සර් ජූලියන් ෆ්රේක්. Kt. er. 1916; G. C. V. O. er. 1919; K.C.V.O. 1917; K.C.B. 1918; M.D., F.R.C.P., F.R.C.S., Dr. en Méd. Paris; D. Sci. Cantabජෙරුසෙලමෙහි සර් ජෝන්ගේ අාඥාවෙන් නයිට් පදවිය ලබාඅැත. බැට්ටර්සී ශාන්ත ලූක්ස් රෝහලේ උපදේශන ශල්‍ය වෙෙද්‍ය. ග්‍රිලින්ග්හැම්හි එඩ්වර්ඩ් කර්සොන් ෆ්රේක්ගේ එකම දරුවා ලෙස 1872 මාර්තු මස 16 වන දින ග්‍රිලින්ග්හැම්හි ග්‍රිල් මැදුරෙහිදී උපත ලබා අැත. අධ්‍යාපනය; හරෝව් සහ ට්‍රිනිටි කොලේජ්, කේම්බ්‍රිජ්. හමුදා වෙෙද්‍ය සේවා උපදේශන මණ්ඩලයේ පැරණි සාමාජිකයෙකි. ග්‍රන්ථ බොහොමයක් ප්‍රකාශයට පත් කර අැත. වයිට්ස්, ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ්, අැල්පයින් යන සමාජශාලා වල සාමාජිකයෙකි. විනෝදාංශ; චෙස්, කඳුනැගීම, මාළුබෑම. ලිපිනය; 82, හාර්ලි වීථිය සහ ශාන්ත ලූක්ස් රෝහල, ප්‍රින්ස් ඔෆ් වේල්ස් වීථිය, බැට්ටර්සී පාර්ක් 

ඔහු පොත පසෙකට විසි කළේය. “තහවුරුයි” ඔහු කෙඳිරුවේය. “මට එ්ක අවශ්‍ය නම්”

ඔහු නැවතත් හිඳගෙන තම දෑත් මුහුණ මත තබාගත්තේය. ඔහුට අතීතය ස්මරණය විය. ඩෙන්වර් මැදුරෙහි උදෑසන කෑම මේසය අසල මහත් ශබ්දයෙන් ගැහෙන හදින් යුතුව නිල් පැහැති කොට කලිසමක් අැඳගත් සුදුමැලි පුංචි පිරිමි දරුවා හිටගෙන සිටියේය. පවුලේ උදවිය තවමත් පහළට අැවිත් සිටියේ නැත. එහි වටිනා රිදී තේ බදුනක් සහ ස්ප්‍රීතු ලාම්පුවක් විය. අලංකාර කෝපි බදුන වීදුරු ඩෝමය මත නටමින් තිබුණි. ඔහු මේස රෙද්ද අැද්දේය. තේ බදුන භයානක ලෙස ඉදිරියට අැදී එද්දී තේ හැදි මහත් ශබ්දයෙන් ගැටෙන්නට විය. ඔහු මේස රෙද්ද අල්ලා හැකි වෙර යොදා අැද්දේය. අනර්ඝ තේ මේසය මෙසේ විනාශ කර දැමීමෙන් ඔහුට තමා මහත් හපන්කමක් කළා සේ කුරිරු සතුටක් අැතිවිය. ප්‍රධාන මෙහෙකරුගේ තැතිගත් මුහුණත් අාරාධිත කාන්තාවගේ කෑගැසීමත් ඔහුට මතක් විය. 

කැඩුණු ලීයක් සුමුදු සුදු අළු ගංගාවක් තුළ ගිලී ගියේය. කවුළුවෙන් පිටත ප්‍රමාද වූ මෝටර්-ලොරි රථයකි. 

බන්ටර් අැත්තෙන්ම නිදා සිටියත් මේ විශ්වාසවන්ත සේවකයා සිහින් කෙඳිරිලි හඬින් වහා අවදි වූයේය. 

“බන්ටර්” 

“ඔව් මගෙ ස්වාමීනී” බන්ටර් නැගිට අාලේකය දල්වන ගමන් පැවසුවේය. 

“ඔය අාලේකය අහකට ගන්න. අහන්න. ඔබට එ්ක අැහෙනවද?”

“මුකුත්ම අැහෙන්නෑ මගෙ ස්වාමීනී” ඉක්මනින්ම නිදාහුන් තැනින් ඉවතට පැන බන්ටර් පැවසුවේය. තම ස්වාමියා වත්තන් කරගෙන “හැමදේම හරි. මං ඔබව ඉක්මනින්ම අැඳට ගෙන යන්නම. ඔබ ගොඩක් වෙලා අවදි වෙලා හිටිය නිසා වෙව්ලනවා”

“නිශ්ශබ්ද වෙන්න. නෑ නෑ එ් වතුර” වෙව්ලන දත් අතරින් පීටර් සාමිවරයා පැවසුවේය. ඉඟ දක්වා යට වෙලා අසරණයො. නමුත් සවන් දෙන්න. ඔබට එ්ක අැහෙන්නෙ නැද්ද? ටප් ටප් ටප් ඔවුන් අපිට පතල් කණිනවා. නමුත් මං දන්නෑ එ් කොහෙද කියලා. අපි එ්ක නතර කරන්න ඕනෙ. අහන්න. ඕහ් දෙවියනේ මට අැහෙන්නෑ. මට තුවක්කු වල හඬ අැහෙන්නෑ. ඔවුන්ට තුවක්කු තහනම් කරන්න බැරිද? 

“අනේ” බන්ටර් තමාටම කියා ගත්තේය. “නැහැ සේරම හරි. ඔබට වද වෙන්න කිසිම දෙයක් නැහැ”

“නමුත් මට එ්ක අැහෙනවා” පීටර් විරෝධය පළකළේය. 

“මටත් අැහෙනවා” බන්ටර් ස්ථීර ලෙස පැවසුවේය. “මටත් එ්ක හොදින් අැහෙනවා මගෙ ස්වාමිනී. එ් අපේ රාජකීය ඉංජිනේරු හමුදා භටයින් සන්නිවේදන අගල් කණින හඬ. එ් ගැන හිතන්නෙපා සර්” 

පීටර් සාමිවරයා බන්ටර්ගෙන් අල්ලා ගත්තේය. 

“අපේම රාජකීය ඉංජිනේරු හමුදා භටයින්. ඔබට හොදටම විශ්වාසද?” ඔහු පැවසුවේය. 

“අැත්තෙන්ම ඔව්” බන්ටර් උද්යෝගයෙන් පිළිතුරු දුනි. 

“ඔවුන් කුලුන කඩා දමයි” පීටර් සාමිවරයා පැවසුවේය. 

“ඔව් අැත්තෙන්ම ඔවුන් එහෙම කරයි” බන්ටර් කීවේය. “එ් වගේම ඔබ ටිකක් මෙහින් වැතිරෙනවා නම් හොදයි. ඔවුන් මේ පැත්තටත් එන්න ඉඩතියෙනවා”

“ඔබට හොදටම විශ්වාසද එ්ක අතහරින එක අාරක්ෂිතයි කියලා” පීටර් සාමිවරයා විමසුවේය. 

“නිවසක් වගේම අාරක්ෂිතයි සර්.” තම ස්වාමියාගේ කරවටා අතක් යවමින් ඔහුව නිදන කාමරය වෙත ගෙන යන ගමන් බන්ටර් පැවසුවේය. 

පීටර් සාමිවරයා තම ඔෟෂධ මාත්‍රාව ගෙන කිසිදු විරෝධයකින් තොරව අැඳට ගියේය. 

ඍජු කළු පැහැ අවුල් වූ කොණ්ඩයත් ඉරි වැටුණු පිජාමාවත් නිසා බන්ටර්ගේ වෙතින් අසාමාන්‍ය පෙනුමක් දිස්විය. ඔහු තරුණයාගේ උල් වූ කොපුල් අස්ථීත් අැස් යට දම් පැහැවීමත් බලාසිටියේය. 
“මේ ප්‍රහාර අවසන් කියලා අපි හිතුවා”යි ඔහු කීවේය. “තමන් ගැන ඕනෑවට වඩා හිතගෙන ඉන්නවා. නිදිද?” ඔහු කලකිරීමට පත්වී සිටියේය. “අසරණ දරුවා” බන්ටර් දයාන්විතව පැවසුවේය. 

Friday, September 7, 2018

හඳුනානොගත් මළසිරුර (7 පරිච්ඡේදය) - Whose Body? By, Sayers, Dorothy Leigh

හඳුනානොගත් මළසිරුර

7 පරිච්ඡේදය

බැල්හැම් සහ වික්ටෝරියා දුම්රියපළ අසල සිදුකළ විමසීම් වලින් පසු පීටර් විම්සෙ සාමිවරයා දිවා අාහාරයට මද වේලාවකට පෙර නිවසට ළගාවිය. වෝටර්ලූ සිට කෙලින්ම නිවසට ගොස් සිටි බන්ටර් විසින් ඔහුව පිළිගනු ලැබීය. ඔහු වෙනුවෙන් තිබූ දුරකතන පණිවිඩයක් බන්ටර් විසින් ලබාදුනි. 
“ස්වාමීනී ස්වැප්හැම් අාර්යාව කතා කළා. අැයත් සමග දිවා අාහාරය ගැනීමට ඔබ අමතක නොකරාවි යැයි අැය බලාපොරොත්තු වෙනවා.”

“මට අමතක වුණානෙ බන්ටර්. මට ඕනෙ වුණෙත් එ්ක අමතක කරන්නයි. මං හිතනවා ඔබ අැයට හොද උත්තරයක් ලබාදෙන්න අැති කියලා”

“එතුමිය ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. අැය ඊයෙ ඩෙන්වර් අාදිපාදවරියත් මුණගැහිලා.”

“එහෙ මගෙ නෑනා ඉන්නවා නම් මං කොහොමවත්  යන්නෙ නැහැ” පීටර් සාමිවරයා තරයේ කියා සිටියේය.

“සමාවෙන්න ස්වාමීනී මං අදහස් කළේ වැඩිහිටි අාදිපාදවරිය ගැනයි.”

“අැය නගරයේ මොනවද කරන්නේ?”

“මං හිතන්නෙ එතුමිය ජූරි විභාගයට සහභාගිවෙන්න අැති ස්වාමීනී”

“ඕහ්... අැත්තමයි. අපිට එ්ක මගහැරුණනෙ බන්ටර්.”

“ඔව් ස්වාමීනී. මැතිනිය ස්වැප්හැම් අාර්යාව සමග දිවා අාහාරයට සහභාගී වෙලා ඉන්නවා.”

“බන්ටර් මට මේක කරන්න බැහැ. අැත්තෙන්ම බැහැ. මට දරුණු කැස්සක් හැදිලා අැඳට වෙලා ඉන්නෙ කියන්න. අම්මට කියන්න දිවා අාහාරයෙන් පසුව මෙහි එන්න කියලා.”

“හොදයි ස්වාමීනී. ටොමී ෆ්‍රයිලේ මහත්මිය ස්වැප්හැම් අාර්යාව සමග ඉදියි. සහ මිලිගෑන් මහත්මයා....”

“මොන මහත්තයා?”

“ජෝන් පී. මිලිගෑන් මහත්මයා ස්වාමීනී”

“දෙයියනේ බන්ටර්. අැයි ඕක කලින් කිව්වෙ නැත්තෙ. ඔහු එන්න කලින් මට එහෙට යන්න හැකි වෙයිද? කමක් නැහැ මං එහි යනවා. මං ටැක්සියක් අල්ලා ගන්නම්”

“ඔය අැඳුමින් නම් නෙමෙයි ස්වාමීනී” යි බන්ටර් දොරටුව අවහිර කරගනිමින් ගරුසරු අැතිව නමුත් දැඩිව කියා සිටියේය. 

“ඕහ් බන්ටර්” සාමිවරයා අයදින්නට විය. මට යන්න දෙන්න .. මේ පාර විතරක්. මේක කොච්චර වැදගත්ද කියලා ඔබ දන්නෙ නැහැ.”

“කිසිම හේතුවකටවත් බැහැ ස්වාමීනී. මට එ්ක කොහෙත්ම කරන්න බැහැ.”

“මේ කලිසම හොදටම හොදයි බන්ටර්”

“ස්වැප්හැම් අාර්යාව හමුවීමට නම් කොහෙත්ම හොද නැහැ. අනික් අතට ඔබට අමතක වෙලා සැලිස්බරිහිදී මනුස්සයෙක් ඔබේ හැප්පිලා ඔහුගෙ කිරිඑක ඔබේ අැඟට හැලුණ බව ස්වාමීනී”
අනතුරුව බන්ටර් විසින් සාමිවරයාගේ කතාව කනකට හෝ නොගෙන තමා කලින්ම සූදානම් කර පසෙක තබා තිබූ අනර්ඝ අැඳුම වෙත සිය දබරැඟිල්ල දික්කළේය. 

“අනේ දෙවියනේ මේක නම් හරි කරදරයක්” යැයි සාමිවරයා මැසිවිලි නගමින් කලබලයෙන් තම සැරයැටිය කුඩ රදවනය තුළට විසි කළේය. “මගෙ අම්මා එතන මොනවා හරි වැරැද්දක් කරගනියි කියලා ඔබට කිසිම අදහසක් නැහැ”
බන්ටර් මහතා මදක් සිනාසී හොදින් සූදානම්ව සිටි ඔහුට පිටවීමට අවසර දුන්නේය. 
පීටර් සාමිවරයා දිවා අාහාරයට මදක් පරක්කු වී පැමිණෙන අතරතුර ස්වැප්හැම් අාර්යාවගේ විසිත්ත කාමරයෙහි සෝපාවක  හිඳ සිටි ඩෙන්වර්හි වංශවත් වැන්දඹු අාර්යාව චිකාගෝහි පී. මිලිගෑන් මහතා සමග සංවාදයක නිරතව සිටියාය. 

“ඔබව මුණගැහීමට ලැබීම මට මහත් සතුටක් අාදිපාදතුමියනි.” ධනපතියා පළමු හමුවේදීම පැවසුවේය. “ඔබගේ කාරුණික අාරාධනාවට මං ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. එය ඉතාමත් අගය කළ යුතු ප්‍රශංසනීය දෙයක් බවට මං සහතික වෙනවා.” 
ඔහු කී දේ අර්ථය තේරුම්ගැනීමට මෙන් අාදිපාදවරිය ඔහු දෙස තියුණු බැල්මක් හෙළීය. 

“එන්න මෙතනින් වාඩිවෙලා අපි කතා කරමු මිලිගෑන් මහත්තයා.” අැය කීවාය. “ඔබ වගේ සාර්ථක ව්‍යාපාරිකයින් සමග කතා කරන්න මං ගොඩක් කැමතියි. ඉන්න මං මතක් කරගන්නකන්. ඔබ දුම්රිය මාර්ග සම්බන්ධ මොනවාහරි වැඩවලට නේද සම්බන්ධ වෙලා ඉන්නෙ. අඩුම තරමෙ ඊට සම්බන්ධ මොනවා හෝ දෙයකට... හරිම කරදර අැති එ් මිනිස්සුත් එක්ක වැඩ කරන එක...”
මිලිගෑන් මහතා ඉදගත්තේය. 

“හොදයි” ඔහු කීවේය. “මං හිතනවා මං වගේ ව්‍යාපාරිකයින්ට බ්‍රිතාන්‍ය වංශාධිපතීන් මුණගැසීමට ලැබීමත් බ්‍රිතාන්‍ය වැසියෙකුට අැමරිකානු දුම්රිය මාර්ගයන්හි රජු මුණගැසීමට ලැබීමත් ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් කියලා. එහෙම නේද අාදිපාදතුමියනි. අැත්තටම මගෙ වචන හැසිරවීමේදී යම් වැරැද්දක් වුණොත් මට සමාවෙන්න. මං මොන මෝඩයෙක්ද ... කලින් දවසක මට ඔබේ බාලපුතු විම්සෙ සාමිතුමා මුණගැසුණා. මං කලින් හිතුවෙ ඔහු ඔහුගෙ සහෝදරයා ලෙසයි”

මෙය අාදිපාදවරිය නොසිතූ අවස්ථාවක් විය. අැය පරික්ෂාකාරීව කතාකරන්නට වූවාය. 
“අනේ දරුවා” අැය කියන්නට වූවාය. “ඔබ ඔහුව මුණගැහුණ එක සතුටට කරුණක් මිලිගෑන් මහත්තයා. මගෙ පුතුන් දෙදෙනාම මට ලොකු අස්වැසිල්ලක්. ඔව් අැත්තෙන්ම ජෙරල්ඩ් නම් ටිකක් ගතානුගතික විදිහට තමයි නිවස පාලනය කරන්නෙ. හරියට හොද ගොවි මහත්තයෙක් වගෙ. පීටර් නම් ඩෙන්වර්හි නිතර දකින්නට ලැබෙන්නෙ නැහැ. ඔහු වැඩි කාලයක් ගතකරන්නෙ නගරයෙ. වෙලාවකට ඔහු හරිම විනෝදජනකයි. අසරණ දරුවා”

“පීටර් සාමිවරයාගේ යෝජනාවට මං ගොඩක් සතුටු වුණා.” මිලිගෑන් මහතා නැවත කියන්නට වූවේය. “මං හිතන්නෙ එහි වගකීම දරන්නෙ ඔබතුමියයි. මං මේ අැත්තමයි කියන්නෙ ඔබතුමිය කියන ඕනෑම දවසක මං එහි එන්න කැමතියි.”

“අහ් ... හොදයි” අාදිපාදවරිය පැවසුවාය. “මං දන්නෑ ඔබ මේ ගැන හොදින් විමසා බැලුවද කියලා. අැත්තටම මට මේවා ගැන වැඩි දැනීමක් නැහැ. මං ඉතින් පරණ පන්නයේ කෙනෙක්නෙ. ඔබ දන්නවනෙ. මගෙ පුතා ගැන මං විශ්වාස කරනවා. ඔහුගෙ දේවල් මට අහක දාන්න බැහැ.”
මේ කතාබහෙන් සතුටු වුණු මිලිගෑන් මහතා"
“හොදයි අාදිපාදතුමිය. පරණ තාලෙට හිතන එ් වගේම ඉතාම සුන්දර කාන්තාවක් කියන්නෙ තරුණ හිතුවක්කාරයෙක්ට හොද වාසියක්. අැය වැන්නියකට හොදින් සළකන පිරිමින් නොසිටින තැනකදී වුවත් අැයගෙ අගය නම් අඩුවෙන්නෙ නැහැ”

“නමුත් එ්ක මාව හිටපු තැනටම ගිහින් දානවා. ” අාදිපාදවරිය කීවාය. “මං විශ්වාස කරනවා මං ඔබට ස්තූතිවන්ත විය යුතුයි. මොකද ඔබ ඊයෙ ඩෙන්වර් අාදිපාදවරයා භාරයේ දේවගැතිතුමාට පල්ලියේ ප්‍රතිසංස්කරණ අරමුදල වෙනුවෙන් එවා තිබූ චෙක්පතට. අසරණ මනුස්සයා. ඔහු එයින් පුදුමයටත් මහත් සතුටටත් පත්වුණා.”

“ඕහ් එ්ක මොකක්ද” මිලිගෑන් මහතා පිළිතුරු දුන්නේය. “ඔබේ පැත්තෙන් බැලුවහම ඔබලට වාගෙ අපිට කදිම පෞරාණික ගොඩනැගිලි නැහැනෙ. ඉතින් එ් වගේ දෙයක් රැකගන්න පොඩි උදව්වක්වත් කරන්න බැරිද. ඔබේ පුතාගෙන් විස්තරේ දැනගත්තට පස්සෙ මං අවස්ථාව එනකන් බලානොඉද ඉක්මනින්ම මේ වෙනුවෙන් සම්මාදම් වෙන්න තීරණය කළා.”

“ඔබ හරිම කරුණාවන්තයි” අාදිපාදවරිය පැවසුවාය. “ඔබ කඩවීථියට එනවා. ඊට පස්සෙ?” ඔහුගෙ මුහුණ දෙස හොදින් බලමින් අැය විමසුවාය. 

“අනිවාර්යයෙන්ම” මිලිගෑන් මහතා පැවසුවේය. “එ්ක මට ලොකු ගෞරවයක්. පීටර් සාමිවරයා මට කිව්වා ඔබතුමිය දිනයක් දැනුම්දෙයි කියලා. නමුත් අපි නිතරම හොද වැඩ වෙනුවෙන් වෙලාව වෙන් කරගන්නවා. අනේ මගෙ තියෙන හදිස්සියට ඔබගෙ කාරුණික අාරාධනය වෙනුවෙන් බලා ඉන්න බැරි වුණානෙ. මං කොහොම හරි සහභාගී වී මගේ කොටස උපරිමයෙන් ඉටු කරනවා”

“ඔව් මං එහෙම හිතනවා” අැදිපාදවරිය පැවසුවාය. “මං බලන්නම් දිනය සම්බන්ධයෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා... අැත්තෙන්ම ... මට පොරොන්දු වෙන්න නම් බැහැ”

“නැහැ.. නැහැ..” මිලිගෑන් මහතා උද්යෝගයෙන් පැවසුවේය. “මං දන්නවා මේ වගේ දෙයක් සංවිධානය කරන එක කොච්චර අමාරුද කියලා. මං විතරක් නෙමෙයිනෙ එහි ඉන්නෙ...ඔබේ පුතා පැවසුව අාකාරයට රූත්ස්චයිල්ඩ් සහ කැඩ්බරි වගෙ සම්භාවනීය පුද්ගලයින්ගෙනුත් උපදෙස් විමසන්න තියනවනෙ.”

එය අැසුණු අාදිපාදවරිය හදිසියේම මේ විසිත්ත කාමරයට එවැනි කීර්තිමත් පුද්ගලයින් කඩාවදීවියැයි සිතුවිල්ලෙන් සුදුමැලි වී ගියාය. කෙසේ හෝ අැය මේ අවස්ථාවට මුහුණ දීමට හිත ශක්තිමත් කරගත්තාය. “මං ඔබට කොතරම් කෘතඥ වෙනවද කියලා වචනයෙන් කියන්න අමාරුයි. එය කදිමයි. දැන් කියන්න බලන්න ඔබේ අදහස මොකක්ද?”

“හොදයි” මිලිගෑන් මහතා පටන්ගත්තේය. හදිසියේම සියලු දෙනාම අසුන්වලින් නැගිට අැසුණු හඬට අවධානය යොමු කළෝය. “අැත්තටම මට සමාවෙන්න. ඔබ දන්නවනෙ... මං හිතනවා ඔබ මට සමාව දෙයි කියලා ස්වැප්හැම් අාර්යාවනි. මොකක්ද? අාර්යාවනි මට ඔබේ අාරාධනාව අමතක කරන්න කොහෙත්ම බැහැ. කාරණය නම් මට සැලිස්බරි යන්න සිදුවුණා. එක්තරා පුද්ගලයෙක් මුණගැහෙන්න. එ්ක තමයි අැත්ත. මගෙ වචනය විශ්වාස කරන්න. එ් මනුස්සයා මට එන්න දුන්නෑනෙ. මං ඔබට කොතරම් අකාරුනික වුණාද ස්වැප්හැම් අාර්යාවනි. මං අර කොනකට ගිහින් මගෙ දිවා අාහාරය ගන්නද?”

ස්වැප්හැම් අාර්යාවගේ සමාව ඔහුට හිමිවිය. “ඔබේ අම්මා මෙහි ඉන්නවා” අැය පැවසුවාය.

“අැය කොහොමද මෙහෙ අාවෙ?” පීටර් සාමිවරයා අපහසුවෙන් මෙන් විමසුවේය. 

“ඔබට කොහොමද පුතා” අාර්යාව පිළිතුරු දුන්නාය. “ඔබ මේ වෙලාවෙම කඩාපැන්නනෙ. මිලිගෑන් මහත්තයා මේ දැන් මට කියමින් හිටියෙ ඔහු කඩවීථියෙදි කරන්න යන විස්මයජනක කතාව ගැන. ඔයා අැවිත් අපිට බාධා කළානෙ.”

දිවා අාහාරය අතරතුර කතාබහ ක්‍රමයෙන් බැට්ටර්සී ජූරි විභාගය වෙතට හැරුණි. හදිසි මරණ පරීක්ෂක විසින් ප්‍රශ්න කරනු ලැබූ තිප්ස් මහත්මිය ගැන අාදිපාදවරිය සදහන් කළාය. “එ් මනුස්සයා මූණත් රතු කරගෙන කන්දෙකත් හොදට ළං කරලා මහ හයියෙන් කෑගහලා තිප්ස් මහත්මියගෙන් අැහුවා ඔබට රාත්‍රියේදී මොනවා හරි අසාමාන්‍ය ශබ්දයක් අැහුණද කියලා. අර ටෙනිසන්ගෙ කවියක එන චෙරුබිම්ද චෙරුබ් බ්ලූද සෙරප්හිම්ද අන්න එ් වගෙ. කොහොම වුණත් මං කිව්වෙ ඔහු හැසිරුණු විදිහ ගැන. අනේ අසරණ තිප්ස් මහත්මිය කිව්වා ‘අැත්තෙන්ම ඔව් මේ අවුරුදු අට පුරාම’ කියලා. අැය කිව්වද දේ තේරුම මොකක්ද කියලා හොයාගන්න තුරු පුදුම කලබලයක් එහි තිබුණෙ. ඔබ අාලෝකය දල්වන්නැතිවද නිදාගන්නෙ කියලා අහද්දි හැමෝම හිනාවුණා. යකාට පලයන් මේ ගෑනි කියලා හදිසි මරණ පරීක්ෂකට ටිකක් හයියෙන්ම කියවුණා. එ්ක අැයට අැහුනා. තරුණ පිරිස එහි සේරම වැඩ අවුල් කළා” අාදිපාදවරිය පැවසුවාය. 
මේ අවස්ථාවේදී ටොමී මහත්මිය විසින් නානකාමරයක මනමාලියන් තිදෙනෙකු මරා දමා තිබූ කතාවක් කියන්නට වූවාය. 
“මම නිතරම හිතන්නෙ එ්වා නම් හරිම උපායශීලීව කරන වැඩ කියලයි.” පීටර් සාමිවරයා දෙස ඕනෑකමින් බලමින් අැය පැවසුවාය. “එ් වගේම ඔබ දන්නවාද එ්ක සිදුවුණ දවස්වල ටොමී මට ජීවිත රක්ෂණයක් ලබාගත්තා විතරයි. ඉතින් මං හොදටම බයවුණා. මං සුපුරුදු පරිදි උදෑසන ස්නානය කරන එක නතර කරලා ඔහු නිවසේ නැති සැන්දෑ කාලයේදී ස්නානය කරන්න පටන් ගත්තා.”

“අාර්යාවනි” පීටර් සාමිවරයා අවලාද නගන ස්වරයෙන් පවසන්නට වූවේය. “මම හොයාගත්ත විදිහට එ් මනමාලියන් තිදෙනාම කොහෙත්ම සුන්දර නැති අයයි. නමුත් එය ඉතාමත් උපායශීලී සැලසුමක්. ඔහු එ් ගැන එක වතාවයි පාපොච්චාරණය කළෙත්”

“මේ දවස්වල මිනීමරුවන්ටත් පුදුම ඉල්ලුමක්නෙ තියෙන්න” ස්වැප්හැම් අාර්යාව පැවසුවාය. “හරියට නාට්‍ය වගෙ. මේ කාලෙ ශේක්ෂ්පියර් හිටියා නම් හොද හොද නාට්‍ය හදයි. එහෙම නේද?”

“එ්ක තමයි. යමෙක් මිනීමරුවට පස්සෙ පුද්ගලයින් එක එක කතා ගොතනවා. බොහොමයක් කතා යටගියත් සමහර කතාවලින් හොද නිර්මාණ බිහිවෙනවා.”

“මගෙ මිතුරන්ට එවන් අදහස් නොමැති එක හොදට ගියා” ටොමී ෆ්‍රයිලේ මහත්මිය පැවසුවාය. 

“ගොඩක් පුද්ගලයින් එහෙම දෙයක් අැහුවට පස්සෙ අනේ දෙවියනේ නැත්නම් කොච්චර කනගාටුදායකද කියලා ටිකකින් එ්ක අමතක කරලා දානවා. ස්වැප්හැම් අාර්යාවනි මං ඔබට අාව ගමන්ම කිව්වනෙ මං සැලිස්බරි ගියා කියලා පුද්ගලයෙක්ව හමුවෙන්න. එ්ක අැත්ත. එ්ක මේ ඔබ දැනගත යුතු තරම් වැදගත් දෙයක් නෙමෙයි. ඔන්න ඔබ හෙට පත්තරෙන් දැනගත්තොත් සැලිස්බරිහි නීතීඥයෙක් මියගිහින් කියලා එතකොට නම් ඔබට එ්ක වැදගත් දෙයක් වෙයි. ඔන්න ඊළග සතියෙත් මං එහි ගිහින් අාවට පසු දවසෙ වෙෙද්‍යවරයෙක්ගෙ මළසිරුරක් හොයාගත්තොත් එතකොට නම් ඔබ හිතයි සැලිස්බරිවාසීන් එක්ක මගෙ මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා කියලා. නැවත නැවතත් මං එහිම ගියොත් ඔබ හිතන්න පුළුවන් මං මොකක්ද එහි කරන්නෙ කියලා. ඊට පස්සෙ ඔබ එහි ගිහින් හොයලා බලයි දුඹුරු පාට මේස් ජෝඩුවක් පැළදි තරුණ මහත්තයෙක් බිෂොප් මන්දිරය පැත්තෙ කැරකුණාද කියලා”

“අැත්තෙන්ම මං එහෙම කරනවා” ස්වැප්හැම් අාර්යාව පැවසුවාය.

“හරි ඔබ හොයාගත්තොත් අර බිෂොප්වරයා එහි දේවගැති ලෙස සිටින විට අර නීතීඥවරයාත් වෙෙද්‍යවරයාත් සමග වගුරුබිම අාශ්‍රිතව යම් ගනුදෙනුවක් තිබුණා කියලා. එතකොට ඔබට මතක් වෙයි මං එ් වගුර පැත්තෙ කරක් ගැහුව බවට ඔබට දැනගන්න ලැබුණ අාරංචිය. ඊට පසුව ඔබට වසමෙ ලේඛන වලින් හොයලා බලන්න පුළුවන් අර දේවගැතිතුමා මාව ව්‍යාජ නමකින් ධනවත් ගොවිමහතෙකුගෙ දුවෙක්ට බන්දලා දීලා අර වෙෙද්‍යවරයා විසින් යම් රෝගයකින් අර ගොවිමහතා හදිසියේ මියගිය බවට සහතික කරලා පසුව අර නීතීඥයා විසින් අැගේ සියලු ධනය මගෙ නමට හරවලාද කියලා. ඉතින් ඔබට සාධාරණව හිතන්න පුළුවන් බ්ලැක්මේල්කාරයින්ගෙන් එ් කියන්නෙ අර නීතීඥවරයගෙනුයි වෙෙද්‍යවරයගෙනුයි බිෂොප්වරයගෙනුයි නිදහස් වෙන්න මට වුවමනාවක් තිබුණද කියලා. ඉතින් ඔබ එතනින් එහාට වගුර පැත්තෙ ගිහින් බලන්න හිතන්නෑනෙ. ඔබ මං එහි සිටි බවවත් මතක තියාගන්න එකක් නැහැ”

“ඔබ අැත්තටම එහි ගිහින් තියෙනවාද?” ටොමී මහත්මිය පීටර් සාමිවරයාගෙන් විමසුවාය. 

“නෑ” පීටර් සාමිවරයා පිළිතුරු දුනි. “නමුත් ළගදිම එහි යන්න ඉඩ තියෙනවා.”

“ඔබ මොකක් හරි අපරාධයක් ගැන පරීක්ෂණය කරනවා නම් ඔබට සාමාන්‍ය දේවල්වලින් පටන් ගන්න පුළුවන්නෙ. හරියට එ් පුද්ගලයා මොනවද කරමින් හිටියෙ. ඔහුට කවුද දුරකතනයෙන් කතා කරලා තියෙන්නෙ. එ් වගේම මේ වගේ දේකට මොනවද හේතු වෙන්න අැත්තෙ වගෙ දේවල්. ඔබ එ්වා ගැන හොයන්නැද්ද?” ස්වැප්හැම් අාර්යාව විමසුවාය. 

“ඕහ් ඔව්” පීටර් සාමිවරයා පැවසුවේය. “අහිංසක පුද්ගලයින්ව මරාදමන්න පොළඹවන අාකාරයේ කරුණු දුසිම් ගණනක් අපි තුළ තිබෙනවා. මට මරන්න හිතෙන පුද්ගලයො ගොඩක් ඉන්නවා. ඔබට නැද්ද?”

“එ්ක නම් ටිකක් දරුණුයි. එ්ක නොකියා ඉන්න එක තමයි හොද. පස්සෙ වෙලාවක ඔයාට එ්ක මතක් වුනොත් බය හිතෙයි” ස්වැප්හැම් අාර්යාව පිළිතුරු දුන්නාය. 

“හොදයි. මම නම් ඔබ වගේ වෙන්න කැමති නැහැ.” පීටර් සාමිවරයා කීවේය. “ඔබට කවදාවත්ම දැනගන්න ලැබෙන්නෙ නැහැ. පුද්ගලයෙක් ඉතාම දරුණු අාකාරයට හදිසියේම මැරෙන්න පුළුවන්” 

“මං හිතන්නෙ අර බැට්ටර්සී පටලැවිල්ල වගෙ” මිලිගෑන් මහතා කීවේය. “එ් පුද්ගලයාට සම්බන්ධ කිසිම දෙයක් හොයාගන්න නැහැ වගෙ”

“අසරණ සග් මහත්තයා මොන කරදරේකද වැටුණෙ.” අාදිපාදවරිය පැවසුවාය. “ඔහු එතන හිටගෙන අර වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා අන්තිමේදී කියන්න කිසිම දෙයක් නැතුව ඉද්දි මට ටිකක් ඔහු ගැන දුකත් හිතුනා”

පීටර් සාමිවරයා තාරා මස් රස විදිමින් සිටින අතරතුර කිසිවෙක් අාදිපාදවරියගෙන් අැය ලෙවි අාර්යාව හමුවුණාදැයි විමසනවා අැසුණි. 
“අැය ගොඩක් දුකට පත්වෙලා ඉන්නෙ.” අාදිපාදවරිය ෆ්‍රීමන්ටල් මහත්මියට පැවසුවාය. “අැය තදින්ම හිතාගෙන ඉන්නවා ඔහු නැවත එයි කියලා. මං හිතන්නෙ ඔබ ඔහුව දැනගෙන හිටියා. එහෙම නේද මිලිගෑන් මහත්තයා? අනේ ඔහු කොහේ හරි ජීවත්ව ඉන්නවා නම් එ් අැති”

ෆ්‍රීමන්ටල් මහත්මිය කීර්තිමත් දුම්රිය මාර්ග අධ්‍යක්ෂකවරයාගෙ බිරිදයි. එ් වගේම අැය මූල්‍යමය කටයුතු ගැන කිසිදු දැනුමක් නැති අයෙක් බවට ප්‍රසිද්ධයි. අැය සතුටු වන එකම දෙය වන්නෙ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ බිරින්දෑවරු සමග තේ පැන් සාදවලට සහභාගී වීමයි. 

“හොදයි මම ඔහු සමග රෑ කෑමකට සහභාගී වුණා.” මිලිගෑන් මහතා කීවේය. “අපි හැමදෙයක්ම පටලවා ගත්තා කිව්වොත් මං හරි ෆ්‍රීමන්ටල් මහත්මිය. මට පුළුවන් කමක් තිබුණා නම් ඔහුව අාරක්ෂිත තැනකට යොමු කරනවා. නමුත් මේ වගේ රටක අපිට එහෙම ව්‍යාපාර කරන්න බැහැනෙ. එහෙම නේද අාර්යාවනි”

“අැමරිකාවෙ නම් එහෙම නැතුව අැති” පීටර් සාමිවරයා විමසුවේය. 

“එ්ක එහෙම තමයි” මිලිගෑන් මහතා පැවසුවේය. “මං හිතන්නෙ මගෙ සහෝදරයින්ට නම් එහෙ දැන් හොද කාලයක් ලබලා තියෙන්නෙ. මට මෙහෙ තවත් ඉතිරි වැඩ වගයක් නොතිබුණා නම් මමත් එහෙ ගිහින් ගොඩක් කල්”

“හොදයි මම හිතන්නෙ ඔබ මගේ සල්පිලේ වැඩේ ඉවර වෙනකන් යන්නෙ නැතිවෙයි” අාදිපාදවරිය පැවසුවාය. 

***
පීටර් සාමිවරයා මුළු සන්ධ්‍යා කාලයම කැප කළේ පාකර් මහතා අල්ලා ගැනීමටයි. රාත්‍රී අාහාරයෙන් පසු ග්‍රේට් ඕර්මන්ඩ් වීථියෙන් ඔහුව අල්ලා ගැනීමට හැකිවිය. 

පාකර් සිය දෙපා උදුනිස තබාගෙන පරණ අැඳි පුටුවක වාඩි වී සිටියේය. ඔහු ඉතා සන්සුන්ව පසුවූවේය. ඔහු සතුටකින් එහෙත් වෙනදා මෙන් උද්යෝගයකින් තොරව පීටර් සාමිවරයා පිළිගෙන සෝඩා මිශ්‍ර විස්කි ඔහුට පිළිගැන්වීය. මිතුරා පසෙක තබා තිබූ පොත ගෙන පීටර් සාමිවරයා විසින් යන්තම් එහි තිබූ පිටු කිහිපයක් කියවා බැලුවේය. 
“මේ හැම මනුස්සයාම තමන්ගෙ සිතුවිලි අනුව තමයි වැඩ කරන්නෙ. මොන ක්‍රමේකින් හරි ඔවුන්ට ඕන දේ හොයා ගන්නවා” යි ඔහු කීවේය.

“ඕහ් ඔවුන් එහෙම කරනවා” රහස් පරීක්ෂකවරයා එකග විය. “නමුත් ඔබ දන්නවාද හැම ඉගැන්වීමකම යමක් ඉබේම ඉස්මතු වෙනවා. මං කොලේජ් යන කාලෙ හැමදේකම අනිත් පැත්තයි බැලුවෙ. ඔබ දන්නවානෙ... කෝනිබෙයාර්" රොබර්ස්ටන් එ් වගේම ඩ්රේව්ස් වාගෙ අය. ඔවුනුත් අර හදුනානොගත් ගෙවල් බිදින්නා හොයන්න මහන්සි වෙනවා කියලා මං දැනගන්නවිටත් ඔවුන් එ් නිවසින් කිසිම අඩි සළකුණක් හොයාගෙන තිබුණෙ නැහැ. ඉතින් මට කතා කරන්න සිදුවුණා. ඉතින් මං හොදින් විමර්ශනය කරන අාකාරය ගැන වසර දෙකක් ඉගෙන ගත්තා.”

“හ්ම්. සිද්ධාන්තමය මූලධර්ම පද්ධති ඉගෙන ගන්න එකත් මනසට හොද ව්‍යයාමයක්. ඔබ හොද සෝදිසිකාරයෙක් කියලා මං දන්නවානෙ. ඔබට පුළුවන් දිගටම පොත කියවන්න. මාත් කිසිම ලැජ්ජාවක් නැතිව ඔබ විවේකීව ඉන්න වෙලාවෙ කඩාපාත් වුණානෙ”

“එ්කට කමක් නෑ” පාකර් කීවේය.

දෙදෙනාම නිශ්ශබ්දව ටික වේලාවක් සිටියෝය. අනතුරුව පීටර් සාමිවරයා මෙසේ පැවසුවේය.
“ඔබ ඔබේ වෘත්තියට කැමතිද?”

“ඔව්... ඔව් මං එ්කට කැමතියි. එ්ක ප්‍රයෝජනවත් වැඩක්. මට එ්ක හොදට ගැළපෙනවා. මං එ්ක ටිකක් විතර හොදින් කරගෙන යනවා. එතරම් සතුටුදායක නැතත්. සමහර විට එ්ක මට අාඩම්බරයක්. විවිධත්වයෙන් පිරුණු රස්සාවක්. හොද අනාගතයකුත් ඊට තිබෙනවා. ඔව් මං එ්කට කැමතියි. අැයි?”

“ඕහ් නෑ නිකන්” පීටර් සාමිවරයා පැවසුවේය. “එ්ක මගේ විනෝදාංශයක්. මේ වගේ දෙවල් දැනකියාගන්න එකෙන් මං තෘප්තියක් ලබනවා. මාත් රස්සාවක් කරන්න කැමතියි. එ්ක හරිම අපූරු දෙයක්. නමුත් එ්කෙන්ම ජීවත්වෙන පුද්ගලයෙක් එය විනාශ වෙලා ගියාම මොනා කරන්නද? එල්ලිලා මැරෙනවා හැර. නැත්නම් හිරේට යනවා වගේ දෙයක්. එ්ක අත්දකින්න මට බැරි වුණත් මං එහෙම කරලා බලනවා.” 
පාකර් මේ කතාව හොදින් අසාගෙන සිටියේය. 

“මං හිතන්නෙ ඔබ කියන දේ මට වැටහෙනවා” ඔහු කීවේය. 

“උදාහරණයක් විදිහට අර වයසක මනුස්සයා මිලිගෑන්” පීටර් සාමිවරයා කියන්නට විය. “කිසිම ලියවිල්ලක් නෑනෙ මිලිගෑන් මහත්තයා අල්ලාගන්න තරම්. ඔහු කලාතුරකින් දකින්න ලැබෙන විදිහෙ චාටු කතා කියන්නෙක්. අම්මා නම් ඔහුට කැමතියි. පල්ලියේ වියදම් ගැන සල්පිලේ කතාවෙන් මං හොද විනෝදයක් ලැබුවා. ඔහු පණුවෙක් වගෙ එ්කෙම එල්ලෙනවා. මට දැනගන්න ඕන වුනේ මිලිගෑන් හාදයා ලෙවිගෙ බෙල්ල කපලා තේම්ස් නදියට විසිකළාද කියලයි.”

“එ්ක නම් ඕනෑවට වැඩියි” පාකර් පැවසුවේය. “ඔබ වුණත් වෙන කවුරු හරි වුණත් මුදල් හෝ වෙනත් යමක් වෙනුවෙන් වුණත් එවැන්නක් කිරීම සුදුසු නැහැ.”

“ඔව් එ්ක එහෙම තමයි. ඔහුව දැකබලාගන්නයි මං එ් වගේ දෙයක් ඉස්සර කරගෙන ගියේ.” පීටර් සාමිවරයා පැවසුවේය. 

“හොදයි. නමුත් මේ බලන්න. ඔහුට ලෙවිගෙ බෙල්ල කපලා පොහොසත් වෙන්න මාර්ගයක් තිබුණා නම් අැර මිලිගෑන් මොකටද එහෙම දෙයක් කරන්නෙ? මට හිතාගන්න බැහැ ඔහු මොකටද £ 1000 ක් පල්ලියේ වහලෙ වෙනුවෙන් ඩෙන්වර් අාදිපාදවරයාට දෙන්නෙ කියලා. ඔහුත් පුහු අාඩම්බරකාරයෙක්වකත්ද?”

“එ්ක නම් මගෙත් හිතට හරි නැහැ” පීටර් සාමිවරයා පැවසුවේය. 

“හොදයි ඔහු ඔබට ප්‍රියමනාප නිසාද ...”

“නෑ නමුත්...”

“මේ බලන්න විම්සෙ ඔබ හිතනවාද ඔහු ලෙවිව මරන්න අැති කියලා?”

“හොදයි ඔහු එහෙම කරන්න ඉඩ තියෙනවා”

“නමුත් ඔබ හිතන්නෑ ඔහු එහෙම දෙයක් කරයි කියලා”

“මට එහෙම හිතන්න ඕන නැහැ”

“මොකද ඔහු ඔබට ප්‍රියමනාප පුද්ගලයෙක් නිසා”

“හොදයි. අැත්තෙන්ම එ් නිසා යම් පක්ෂපාතීත්වයක් අැති වුණා තමයි.”

“මං තදින්ම කියා සිටිනවා එ් සිතුවිල්ල හරි කියලා. ඔබ හිතන්නැහැනෙ දරුණු මිනීමරුවෙක් ඔබේ සිත්ගනියි කියලා.”

“හොදයි ඔහු ටිකක් මගෙ හිතට අැල්ලුවා”

“මං අායෙත් කියනවා එ්ක හරි. ඔබ ඔහුව නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලය තමයි එ්ක. ඔබ හිතන්නෙ නැහැ ඔහු එ්ක කළා කියලා. හොදයි. නමුත් අැයි? ඔබ එ්ක මතක තියාගන්න.”

“නමුත් සමහර විට මං වැරදි වෙන්නත් පුළුවන්”

“අහිසංක පුද්ගලයෙක් මරා දැමූ දරුණු මිනීමරුවෙක් අල්ලාගන්න ඔබේ පුද්ගලයින් හදුනාගැනීමේ හැකියාව යොදවන්නැත්තෙ අැයි?”

“මං දන්නවා... නමුත් මට දැනෙනවා මං හරි විදිහට සෙල්ලම කරගෙන යන්නෑ කියලා”

“මේ බලන්න පීටර්. ඔබ හැමදාම මෙහෙමයි. සර් රූබියන් ලෙවිට දරුණු යමක් සිදුවුණා කියන්න සැකකටයුතු කිසිම දෙයක් නැහැ. මිනීමැරුමක් සිදුවෙලා තියෙනවා කියන එක ශක්තිමත් තර්කයක්. සර් රූබියන් ඝාතනය කරලා නම් එ්ක සෙල්ලමක් නෙමෙයි. එ්ක සෙල්ලමක් විදිහට හිතන්නත් එපා.”

“අැත්තෙන්ම මටත් ලැජ්ජයි එ් ගැන. මාත් මේක විනෝදෙට වගෙ පටන් ගත්තෙ. නමුත් එයින් පුද්ගලයෙකුට පීඩාවක් අැති විය හැකි බව පෙණුන නිසා එ් අදහස ඉවත් කරගත්තා.”

“ඔව් ඔව් මං දන්නවා” රහස් පරීක්ෂකවරයා කීවේය. “ඔබ ඔබේ සිතුවිලි ගැන විතරමයි හිතන්නෙ. ටිකක් වෙනස් විදිහට හිතන්න බලන්න. ඔබට හැමදෙයක්ම විනෝදයක්. පොඩි ළමයෙක් වගෙ හැසිරෙන්න එපා. ඔබට නියම මිනීමරුවව හෙයලා මේ සමාජයට සේවාවක් කරන්න ඕනෙ නම් එ්ක හරි විදිහට කරන්න. එ්කට කමක් නැහැ. ඔබේ මාර්ගයෙන් ඔබ අැත්ත හොයාගත්තා කියමුකො. නමුත් එ්කට අගයක් නැහැ. ඔබ එ්ක වැදගත් විදිහට කරන්න ඕනෙ. ඔබට මේක සෙල්ලමකට ගන්න බැහැ. ඔබ වගකිවයුතු පුද්ගලයෙක්.”

“ඔබ සිද්ධාන්ත බොහොමයක් කියවලා තියෙනවා වගෙ. ඔබ නිකන් එ්වාගෙන් අාවේශ වෙලා වගෙ” පීටර් සාමිවරයා පැවසුවේය. ඔහු නැගිට පොත් රාක්කය දෙසට අැවිද ගියේය. නැවතත් පැමිණ අසුන් ගත්තේය. පයිප්පය දල්වා ගනිමින්"
“මං ඔබට ක්‍රිම්ප්ලෙෂම් මහත්තයා ගැන කිව්වොත් හොදයි වගෙ”
ඔහු තම සැලිස්බරි ගමන ගැන විස්තර කළේය. ක්‍රිම්ප්ලෙෂම් මහතා තමා නගරයට ගිය ගමන ගැන සියලු විස්තර අවංකවම ලබාදුන් බවට ඔහු සහතික කළේය. 
“මං එ් හැම විස්තරයක්ම තහවුරු කරගත්තා” පීටර් සාමිවරයා පැවසුවේය. “ඔහු රාත්‍රිය බැල්හැම්හි ගතකර තිබෙනවා. සවස් කාලයේදී ඔහු සිටියේ බැංකු නිලධාරීන් සමගයි. සැලිස්බරිවාසීන් භාගයක් විතර ඔහුව සදුදා දිවා අාහාරයට පෙර දැක තිබෙනවා. ඔහුගෙ පවුලෙ අයෙක්ට හෝ තරුණ වික්ස් මහතාට හෝ ඔහුගෙ මරණයෙන් ප්‍රයෝජනයක් නැති බවක් දකින්න පුළුවන්. ඔන්න තරුණ වික්ස් මහත්තයාට ඔහුගෙන් ගැළවෙන්න ඕනෙ වුණා නම් ඉතින් ඔහු කිසිම සම්බන්ධයක් නැති අර මනුස්සයාව මරලා ක්‍රිම්ප්ලෙෂම්ගෙ උපැස්යුවල එහි නාසය මත තිබ්බා කියන්න පුළුවන්.”

“තරුණ වික්ස් හාදයා සදුදා කොහිද ඉදලා තියෙන්නෙ?” පාකර් විමසුවේය.

“ප්‍රධාන ගීතිකාකාරයා සංවිධානය කරපු නැටුමක” පීටර් සාමිවරයා පිස්සුවෙන් මෙන් කීවේය. “ඩේවිඩ් ... ඔහුගෙ නම ඩේවිඩ්. ඔහු පල්ලියෙ නර්තන කටයුතුවලට සම්බන්ධ වෙනවා.... මට ජූරි විභාගෙ ගැන කියන්න” විම්සෙ කීවේය.

පාකර් මහතා සාරාංශයක් ලෙස සාක්ෂි ගැන පැවසුවේය. 
“ඔබ හිතනවාද මළසිරුර එ් විදිහට නිවසේ සැගවී තියෙන්න අැති කියලා? මං දන්නවා අපි නිරීක්ෂණය කළා. නමුත් අපිට යමක් මගහැරෙන්න පුළුවන්” ඔහු කීවේය.
“ඔව් අපිට එහෙම වෙන්න පුළුවන්. නමුත් සග් හොදින් බැලුවනෙ”

“සග්...”

“සග්ගෙ අකටයුතුකම් ඔබ දන්නවානෙ” පීටර් සාමිවරයා කීවේය. “තිප්ස් මේ අපරාධයට සම්බන්ධයි කියලා කියන්න මොනා හරි දෙයක් ඔහු හොයාගෙනද?”

“අැයි?”

“මොකද ඔහු ඔවුන් ගැන හොයමින් හිටියෙ. ඔහු හිතන්නෙ තිප්ස් හෝ අර ග්ලැඩිස් හොරොක්ස් හෝ නැත්නම් අැගේ පෙම්වතා මේක කළා කියලයි. ඉතින් අර තරුණයා ග්ලැඩිස් හොරොක්ස්ට මොනාහරි දෙයක් දෙන්න එද්දි ජනෙල් පඩිය මත යම් සළකුණක් අැති වුණාද දන්නෑනෙ. ඔහු නිරීක්ෂණය නොකළ නිසා වහලෙන් නම් ඔහුට කිසිම සළකුණක් හොයාගන්න ලැබුණෙ නැහැ.”

“නමුත් ඔහු මට කලින් වහලෙට ගියා”

“ඔව් නමුත් එ්කෙන් කියන්න බැහැ එහි කිසිම දෙයක් තිබුණෙ නැහැ කියලා. ඔහු කියන විදිහට ග්ලැඩිස් හොරොක්ස්ගේ පෙම්වතා වීදුරු සවිකරන්නෙක් නිසා ඔහු ඉනිමගක් පාවිච්චි කරනවා. ඔවුන්ට එ්වා හොදින් පාවිච්චි කරන්න පුළුවන්. එ් අනුව තරුණයා ඉනිමග දිගේ අාවා. එ් නිසයි වහලෙ මුකුත් සළකුණක් නැතිව ජනෙල් පඩියෙ විතරක් සළකුණක් අැති වුණේ. ඔහුට පොළොවෙන් කිසිම සළකුණක් හොයාගන්න බැරිවුණා. මොකද බිම ගල්අතුරලා තිබුන නිසා. එ්ත් එක්කම ඔහු හිතනවා තිප්ස් මහත්තයා ගබඩා කාමරයේ හෝ වෙනත් තැනක මළසිරුර සගවා තැබුවා කියලා. එ් නිසා ඔහු එ් ස්ථානවල හොයා බැලුවද කියලා ඔබ දැනගන්න. ඔහු එහෙම හෙව්වා නම් යම් සලකුණක් ලැබිලා තියෙන්න පුළුවන්. එහෙම දෙයක් හමුවුණේ නැත්නම් එ් කියන්නෙ එහෙම දෙයක් එහි තිබිලා නැහැ.”

“හරි මං හිතනවා ඔබ හරි කියලා” පාකර් කීවේය. ඔහු වෙෙද්‍යමය සාක්ෂි ගැන පවසන්නට විය. 

“කොහොම වුණත් ඔබේ කාරණයත් මේකට සම්බන්ධ කරගත්තොත් ලෙවි සමහර විට ෆ්රේක්ව මුණගැහෙන්න සදුදා රාත්‍රියේදී ගියා වෙන්න බැරි නැද්ද?” පීටර් සාමිවරයා කියන්නට විය.

“ඔහු ගියා.” පාකර් පැවසුවේය. “බලාපොරොත්තු නොවූ අවස්ථාවක ඔහු ස්නායු විශේෂඥවරයා හමුවීමට ගිහින් තියෙනවා.”

“හහ්. මං කිව්වනෙ පාකර්. මේක නම් කදිම විහිළුවක්. හැම සොයාබැලීමක්ම අපතේ ගියා. දැන් තමයි නියම තැනට අාවෙ.”

“ඔව්” පාකර් පැවසුවේය. “අද උදේ තව දෙයක් මට මගහැරුණා.” 

“එ් මොකක්ද?”

“ඕහ් .. මං ලෙවිගෙ ලේකම්ගෙන් ඔහුගෙ ව්‍යාපාර කටයුතු ගැන දැනගනිමිනුයි හිටියෙ. මට වැඩි යමක් දැනගන්න ලැබුණේ නැහැ. ඉතින් මං නගරයට ගිහින් විමසා බලන්න හිතුවා. පෙරුවියන් ඔයිල් සමාගමේ කොටස් ගැන විමසා බැලුවත් ඔවුන් ලෙවිගෙ නම අහලවත් තිබුණෙ නැහැ. ඉතින් මං හැරිලා අාවා. ඊට පස්සෙ මං තැරැව්කාරයන්ගෙන් විමසා බලද්දි සැකකටයුතු යමක් දැනගන්න ලැබුණා. එ් තමයි යමෙක් විසින් වෙළදපොලේ යටිගැසීම් සිදුකරනවා. මට එ්ක පිටිපස්සෙ ඉන්න පුද්ගලයාගෙ නම දැනගන්න ලැබුණා. නමුත් එ් ලෙවි නෙමෙයි”

“නෑ.. එහෙනම් කවුද?”

“එ්ක නම් ටිකක් අමුතුයි තමයි. එ් ෆ්රේක්. ඔහු පසුගිය සතියෙ කොටස් බොහොමයක් මිලදීගෙන තිබෙනවා. යම් රහස් මාර්ගයකින්. සමහර එ්වා ඔහුගෙ නමටම අරන්. ඊට පස්සෙ අගහරුවාදා ඔහු එ්වා පොඩි ලාභයක් තියාගෙන විකුණලා. මේ වගෙ පොඩි මුදලකට ඔහු මොකට කරදර වුණාද කියලා හිතාගන්න බැහැ. ඔබට එහෙම හිතෙන්නැද්ද?”

“ඔහු කලිනුත් මේ වගේ දේවල් කරලා තියෙනවාද දන්නෑ”

“එ්ක නම් ඔහුගෙ විදිහ නෙමෙයි. එ්ක තමයි මෙහි හොදම විහිළුව”

“හොදයි ඔබට හිතාගන්න බැහැ. සමහර වෙලාවට සමහර පුද්ගලයින් තමන්ගෙ බලය පෙන්නන්නත් මේ වගේ දේවල් කරනවා. මමත් එ් වගෙ පොඩි පොඩි දේවල් කරලා තියෙනවා.” ඔහු පිටත්වීම සදහා නැගී සිටියේය. පාකර් විසින් ඔහුට පිටවීමට දොර විවෘත කරදෙන අතරතුර හදිසියේම ඔහු මෙසේ පැවසුවේය. “ඔබ හිතනවාද සදුදා රාත්‍රී කෑම වේල අතරතුර ඔහු ඉතාමත් ප්‍රසන්නව සිටි බවට අැන්ඩර්සන් කළ ප්‍රකාශයත් එකක් ෆ්රේක්ගේ කතාව ගැළපෙන්නෑ කියලා. ඔබ හිතනවාද ඔබ එයින් යමක් අල්ලාගත්තා කියලා?”

“නෑ මං එහෙම හිතන්නෑ.” පාකර් පැවසුවේය. “නමුත් සමහර පුද්ගලයො දන්ත වෙෙද්‍යවරයා හමුවීමට කාමරයේ රැඳී සිටින අතරතුරත් ඉතාමත් විනෝදයෙන් ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක්.”

“හොදයි එ්ක අැත්ත.” පීටර් සාමිවරයා පහළට බහින ගමන් පැවසුවේය.