හඳුනානොගත් මළසිරුර
8 පරිච්ඡේදය
මධ්‍යම රාත්‍රියේදී පීටර් සාමිවරයා නිවසට ළගාවිය. නින්ද නම් ඔහු අසලකවත් නොවීය. ඔහුගේ මනසේ යමක් නලියමින් තිබුණි. අැවිස්සුනු මීවදයක් සේ ඔහුගේ සිත කැළඹී තිබුණි. උත්තරය දිවඅග තිබිලත් කල්පනාවට එන්නෙ නැති ප්‍රහේලිකාවකට මැදි වුණා වගේ හැගීමක් ඔහුට දැනුණි.
“කොහේ හරි” පීටර් සාමිවරයා තමාටම මුමුණා ගන්නට විය. “කොහේදි හරි මේ දෙක සම්බන්ධ වෙන පොටක් මට හම්බවුණා. එ්ත් එ් කොතැනද. එ්ක මතකෙට එන්නෙම නෑනෙ. කවුරුහරි එ් ගැන කිව්වා. සමහර විට මගෙ කටින්ම කියවෙන්න අැති. එ් කොහෙදිදැයි මතකයක් නැහැ. නමුත් මං දන්නවා මං එ් පොට අල්ලාගත්තා. ගිහින් නිදාගන්න බන්ටර්. මං නිදන අැදුමට මාරුවෙලා මෙහෙම ටිකක් ඉන්නයි කල්පනාව.” ඔහු හිඳගෙන පයිප්පය දල්වාගත්තේය. ඔහු තමාගේ මනසේ නලියන කාරණය ගැන හොදින් සිත යොමු කරන්නට විය. ලෙවිව අවසාන වතාවට දැකලා තියෙන්නෙ රාත්‍රී 10ට ප්‍රින්ස් ඔෆ් වේල්ස් වීථියේදී. ඔහුගේ මනස නැවතත් තිප්ස් මහතාගේ නානබදුනේ තිබූ හාස්‍යජනක මළසිරුර වෙත දිව ගියේය. ඔවුන් වහලය මත දිවගියා... කොතැනකද මගහැරුණෙ... වැලිවලට යට වුණා වගෙ....ගඟ ගලන්නෙ වැලි මතින්... ගංගා පොළොව යටිනුත් ගලනවා... ගොඩක් යටින්... පීටර් සාමිවරයා හිස බිමට නැඹුරු කරගනිමින් ධ්‍යානයකට සමවැදුනාක් සේ සිටියේය. ඔහුගේ මනසේ සිතුවමක් අැඳෙන්නට විය. ඔහුට ඔවුන්ගේ හඬ අැසෙන්නාක් මෙන් විය. අඳුර තුළින් යන්තමින් අැසෙන ගොර ගොර හඬක්. නමුත් කොහිද? ඔහුට හොදටම විශ්වාසයි. ඔහුට කවුරුහරි එ් ගැන කිව්වා. නමුත් දැන් එ්ක අමතකයි. ඔහු නැගිට අාලෝකය දල්වාගෙන පොතක් අතට ගත්තේය. එය වෙහෙස නොබලා තම රාජකාරිය ඉටු කරන බන්ටර් විසින් ටයිම්ස් පොත්හලෙන් ගෙන අා පොතකි. සමහර විට එ්ක සර් ජූලියන් ෆ්රේක්ගේ “භෞතික විද්‍යාවේ හෘදසාක්ෂියේ භස්ම” නම් ග්‍රන්ථයේ තිබුණා විය හැකිය. දින දෙකකට පෙර තමන් එය පරිශීලනය කරන විට ඔහුට එය හමුවූවා විය හැකිය.
“පොත අතට ගද්දිම නිදිමත හැදෙනවා” පීටර් සාමිවරයා තමාටම මුමුණා ගත්තේය. “මේ වැඩේ මගෙ හිතේ හංගාගන්න තිබුණා නම් මේ වැඩේ හෙටට කල් දාන්න තිබුණා” ඔහු පොත හෙමින් දිගහැරියේය. අනතුරුව ඕනෑවට එපාවට මෙන් එහි ප්‍රස්තාවනාව දෙස නෙත් හෙළීය.
“මට හිතාගන්න බැහැ ලෙවී ලෙඩ වුණා කියන කතාව අැත්තක්ද කියලා.” ඔහු පොත පසෙක තබමින් කල්පනා කරන්නට වූයේය. “එ්ක එහෙමයි කියලා පේන්නෑ. මෙච්චර දෙයක් වුණාටත් පස්සෙ.. එ් ගැන හිතන එක නතර කෙරුවොත් හොදයි වගෙ” ඔහු ටිකක් වුවමනාවෙන් පොත කියවන්නට වූයේය. “මං හිතන්නෑ අම්මා ලෙවි ගැන හොදින් දැන හිටියා කියලා.” ඔහු ඊළගට සිතුවේය. “තාත්තා කොහොමත් කැමති වුණේ නැහැ ස්වෝත්සාහයෙන් දියුණු වුණු මිනිස්සුන්ට. ඉතින් ඔවුන් ඩෙන්වර් පැත්තෙ අාවෙත් නැහැ. එ් වගේම ජෙරල්ඩුත් එ් සාම්ප්‍රදායික සිරිත් එ් විදිහටම පවත්වාගෙන යනවා. අැය එ් දවස්වල ෆ්රේක්ව හොදින් දැනගෙන හිටියෙ නැතුව අැති. අැය මිලිගෑන්ට නම් පක්ෂපාතියි වගෙ. මං හිතනවා අම්මා හරි. අැය සල්පිලේ වැඩේ හොදටම හිතට අරගෙන. මං අැයට අනතුරු අැගෙව්වොත් හොදයි. අැය එක්වරක් කිව්වා...” ඔහු යමක් මතකයට නගාගන්න උත්සාහ කළත් එය බැරි වූ තැන නැවතත් පොත කියවන්නට වූයේය.
“ෆ්රේක්ගෙයි වට්ස්ගෙයි සාක්ෂි තාත්ත්වික නොවුණා නම් එ් ඔස්සේ යමක් හොයාගන්න තිබුණා.” ඔහු මෙසේ සිත සිතා හිස වනමින් අවසාන කොටස කියවන්නට විය.
සිතුවිලි සහ ක්‍රියා එකට බැඳී අැත. කායික විද්‍යාඥයා ප්‍රධාන වශයෙන් අදහස් කළේ එයයි. චෙෙතසිකය අනුව කාර්යයන් සිදුවේ. මොළයේ හටගන්නා සිතුවිලි අනුව පිහියෙන් හැඩතල මවාගත හැකිය. ඔෟෂධ භාවිතයෙන් ඔබේ කල්පනා ශක්තිය ගිලිහී යා හැක. එමෙන්ම කලක පටන් ලෙඩක් වැළදී තිබුණා සේ පෙනිය හැකිය. “යහපත් දැනුම සහ අයහපත් නිරීක්ෂිත ප්‍රපංචයන් යම් තත්ත්වයන් මත මොළයේ සෙෙල වල තැන්පත් වේ. එය ඉවත් කළ හැකිය.” එක් වැකියක එසේ සදහන් විය. නැවතත්, “අැත්තෙන්ම මිනිසාගේ හෘදසාක්ෂිය මීමැසි දෂ්ටනයකට සම කළහොත් එය අත්විඳින්නාට සුබසිද්ධියක් නොවේ. මරණයක් සිදුවුවහොත් මිස එවැන්නක් ගණනය කළ නොහැකිය. මේ එක් එක් අවස්ථාවන්හිදී ස්ථීය අගය හුදෙක් සමාජීය වේ. අැතැම් දර්ශනවාදීන් අනුමාන කරන පරිදි මනුෂ්‍ය වර්ගයා වත්මන් සමාජ සංවර්ධන අවධියේ සිට උසස් පුද්ගලභාවයකට පත්වුවහොත් මෙම සිත්අැදගන්නා සුළු මානසික ප්‍රපංචයන් ක්‍රමයෙන් වියැකී යා හැකි බව අපට සිතිය හැකිය. එනම් ස්නායු සහ මාංශපේශීන් මගින් එකවර අපගේ කන් සහ කුරු චලනයන් පාලනය කරනවා සේය. එ් තුළ සුරැකෙන්නේ වැහැරීයන පසුගාමී පුද්ගලයින් කිහිප දෙනෙකු පමණි. එය සිත්අැදගන්නා සුළු දෙයක් වන්නේ කායික විද්‍යාඥයින්ට පමණි.”
“දෙවියනේ” පීටර් සාමිවරයාට කියැවුණි. “මේක අපරාධ අාදර්ශකයක් වගේ. මේක විශ්වාස කරපු පුද්ගලයා.. එ්ක කවදාවත්...” මෙතෙක් වේලා මනසින් ගිලිහී ගොස් තිබූ දෙය හදිසියේම ඔහුගේ කල්පනාවට අාවේය. ඔහුට හැමදෙයක්ම මතක් විය. හැම දෙයක්ම සර්ව සම්පූර්ණයි. පැහැදිලියි. ඔහුට හැමදෙයක්ම එසැණින් අවබෝධ වූයේය. නැවතත් එ් ගැන සිතන්නට හෝ අැවැසි නොවීය. හරියට අකුරු පටලවා ලියා තිබූ වචනයක් කිහිප වතාවක් උත්සාහ කොට උත්තරය ලබාගත්තා වගේ හැගීමක් ඔහු තුළ අැතිවිය. උත්තරය හොයාගත්තට පසුව එතැනින් එහාට මොනා සිතන්නද?
සිදුවීම් දෙක සම්බන්ධයෙන්ම පීටර් සාමිවරයාගේ මනසේ විසිරී තිබූ කරුණු එකට ගොනු වී ප්‍රහේලිකාව විසදුනි. එ් ගැන මින්මතුවට ඔහුගේ සිතේ සැකයක් නැත. කෙළවර් වූ නිවසේ වහලය මත යමක් තදින් ගැටීම— වර්ෂාවේ අධික සීතලේ බැට්ටර්සී පාර්ක් වීථිෙය් ලෙවී වෙෙශ්‍යාවක සමග කළ කතාබහ— රතු කෙස් ගස— තුවාල වෙලන වෙලුම් පටි— රෝහලේ කායවිච්ඡේදන කාමරයේ සිටි කීර්තිමත් ශල්‍යවෙෙද්‍යවරයාට ඉන්ස්පෙක්ටර් සග් කතා කිරීම— ලෙවි අාර්යාවට ස්නායු අාබාධයක් වැළඳීම— කාබොලික් සබන් සුවද— අාදිපාදවරියගේ හඬ... “අැත්තටම එ්ක විවාහ ගිවිසගැනීමක්ම නෙමෙයි. අැගේ පියා සමග වූ යම් එකගතාවක් පමණයි”— පෙරුවියන් ඔයිල් සමාගමේ කොටස්— නානබදුනෙහි සිටි පුද්ගලයාගේ වක ගැසුණු අඳුරු සමක් සහිත එල්ලා වැටුණු මස් සහිත සිරුරෙහි පෙනුම— වෙෙද්‍ය ග්‍රිම්බෝල්ඩ් දුන් සාක්ෂිය “මගේ මතයට අනුව පහර දීමෙන් පසු මරණය සිදුවීමට දිනගණනක් ගතවී නැත”— ඉන්දියා රබර් අත්වැසුම්— එපමණක් නොව යන්තමින් අැසෙන අැප්ලිඩෝ මහතාගේ හඬ “ඔහු මට කතා කළා, සර්, විද්‍යාත්මක පර්යේෂණවලට පණ අැති සතුන් යොදාගැනීමට එරෙහිවීම සම්බන්ධ පොතක් සමගින්”— මේ සියල්ල එක් හඬක් සේ රැව්දෙන්නට විය. “යහපත් දැනුම සහ නිරීක්ෂිත අයහපත් ප්‍රපංචයන් යම් තත්ත්වයන් මත මොළයේ සෙෙල වල තැන්පත් වේ. සහ එ්වා ඉවත් කළ හැකියි. ඉවත් කළ හැකියි. ඉවත් කළ හැකියි. යහපත් දැනුම සහ නපුර ඉවත් කළ හැකියි”
පීටර් සාමිවරයා පුරුද්දක් ලෙස යමක් බරපතලව ගන්නා තරුණයෙක් නොවේ. නමුත් මේ අවස්ථාවේදී තත්ත්වය වෙනස්ය. “එය විය නොහැකියි” ඔහුගේ අැතුලාන්තයෙන් දුර්වල හඬක් මතු විය. එසේ සිතා ඔහු සිත සනසා ගැනීමට උත්සාහ කළේය. “හොදයි” ඔහුගේ හෘදසාක්ෂිය කියන්නට විය. “දැන් මොකක්ද ඔබ කරන්න යන්නෙ”
පීටර් සාමිවරයා නැගිට කාමරයේ අැවිදින්නට වූයේය. “අනේ දෙවියනේ” යි ඔහුගේ මුවින් පිටවිය. “අනේ දෙවියනේ” යි කියමින් ඔහු හිඳ ගත්තේය. “කාගෙ කවුද” ඔහු දුරකතන රදවනය මත තිබූ පොත ගෙන එහි පිටු පෙරලන්නට විය.
සර් ජූලියන් ෆ්රේක්. Kt. er. 1916; G. C. V. O. er. 1919; K.C.V.O. 1917; K.C.B. 1918; M.D., F.R.C.P., F.R.C.S., Dr. en Méd. Paris; D. Sci. Cantab. ජෙරුසෙලමෙහි සර් ජෝන්ගේ අාඥාවෙන් නයිට් පදවිය ලබාඅැත. බැට්ටර්සී ශාන්ත ලූක්ස් රෝහලේ උපදේශන ශල්‍ය වෙෙද්‍ය. ග්‍රිලින්ග්හැම්හි එඩ්වර්ඩ් කර්සොන් ෆ්රේක්ගේ එකම දරුවා ලෙස 1872 මාර්තු මස 16 වන දින ග්‍රිලින්ග්හැම්හි ග්‍රිල් මැදුරෙහිදී උපත ලබා අැත. අධ්‍යාපනය; හරෝව් සහ ට්‍රිනිටි කොලේජ්, කේම්බ්‍රිජ්. හමුදා වෙෙද්‍ය සේවා උපදේශන මණ්ඩලයේ පැරණි සාමාජිකයෙකි. ග්‍රන්ථ බොහොමයක් ප්‍රකාශයට පත් කර අැත. වයිට්ස්, ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ්, අැල්පයින් යන සමාජශාලා වල සාමාජිකයෙකි. විනෝදාංශ; චෙස්, කඳුනැගීම, මාළුබෑම. ලිපිනය; 82, හාර්ලි වීථිය සහ ශාන්ත ලූක්ස් රෝහල, ප්‍රින්ස් ඔෆ් වේල්ස් වීථිය, බැට්ටර්සී පාර්ක්
ඔහු පොත පසෙකට විසි කළේය. “තහවුරුයි” ඔහු කෙඳිරුවේය. “මට එ්ක අවශ්‍ය නම්”
ඔහු නැවතත් හිඳගෙන තම දෑත් මුහුණ මත තබාගත්තේය. ඔහුට අතීතය ස්මරණය විය. ඩෙන්වර් මැදුරෙහි උදෑසන කෑම මේසය අසල මහත් ශබ්දයෙන් ගැහෙන හදින් යුතුව නිල් පැහැති කොට කලිසමක් අැඳගත් සුදුමැලි පුංචි පිරිමි දරුවා හිටගෙන සිටියේය. පවුලේ උදවිය තවමත් පහළට අැවිත් සිටියේ නැත. එහි වටිනා රිදී තේ බදුනක් සහ ස්ප්‍රීතු ලාම්පුවක් විය. අලංකාර කෝපි බදුන වීදුරු ඩෝමය මත නටමින් තිබුණි. ඔහු මේස රෙද්ද අැද්දේය. තේ බදුන භයානක ලෙස ඉදිරියට අැදී එද්දී තේ හැදි මහත් ශබ්දයෙන් ගැටෙන්නට විය. ඔහු මේස රෙද්ද අල්ලා හැකි වෙර යොදා අැද්දේය. අනර්ඝ තේ මේසය මෙසේ විනාශ කර දැමීමෙන් ඔහුට තමා මහත් හපන්කමක් කළා සේ කුරිරු සතුටක් අැතිවිය. ප්‍රධාන මෙහෙකරුගේ තැතිගත් මුහුණත් අාරාධිත කාන්තාවගේ කෑගැසීමත් ඔහුට මතක් විය.
කැඩුණු ලීයක් සුමුදු සුදු අළු ගංගාවක් තුළ ගිලී ගියේය. කවුළුවෙන් පිටත ප්‍රමාද වූ මෝටර්-ලොරි රථයකි.
බන්ටර් අැත්තෙන්ම නිදා සිටියත් මේ විශ්වාසවන්ත සේවකයා සිහින් කෙඳිරිලි හඬින් වහා අවදි වූයේය.
“බන්ටර්”
“ඔව් මගෙ ස්වාමීනී” බන්ටර් නැගිට අාලේකය දල්වන ගමන් පැවසුවේය.
“ඔය අාලේකය අහකට ගන්න. අහන්න. ඔබට එ්ක අැහෙනවද?”
“මුකුත්ම අැහෙන්නෑ මගෙ ස්වාමීනී” ඉක්මනින්ම නිදාහුන් තැනින් ඉවතට පැන බන්ටර් පැවසුවේය. තම ස්වාමියා වත්තන් කරගෙන “හැමදේම හරි. මං ඔබව ඉක්මනින්ම අැඳට ගෙන යන්නම. ඔබ ගොඩක් වෙලා අවදි වෙලා හිටිය නිසා වෙව්ලනවා”
“නිශ්ශබ්ද වෙන්න. නෑ නෑ එ් වතුර” වෙව්ලන දත් අතරින් පීටර් සාමිවරයා පැවසුවේය. ඉඟ දක්වා යට වෙලා අසරණයො. නමුත් සවන් දෙන්න. ඔබට එ්ක අැහෙන්නෙ නැද්ද? ටප් ටප් ටප් ඔවුන් අපිට පතල් කණිනවා. නමුත් මං දන්නෑ එ් කොහෙද කියලා. අපි එ්ක නතර කරන්න ඕනෙ. අහන්න. ඕහ් දෙවියනේ මට අැහෙන්නෑ. මට තුවක්කු වල හඬ අැහෙන්නෑ. ඔවුන්ට තුවක්කු තහනම් කරන්න බැරිද?
“අනේ” බන්ටර් තමාටම කියා ගත්තේය. “නැහැ සේරම හරි. ඔබට වද වෙන්න කිසිම දෙයක් නැහැ”
“නමුත් මට එ්ක අැහෙනවා” පීටර් විරෝධය පළකළේය.
“මටත් අැහෙනවා” බන්ටර් ස්ථීර ලෙස පැවසුවේය. “මටත් එ්ක හොදින් අැහෙනවා මගෙ ස්වාමිනී. එ් අපේ රාජකීය ඉංජිනේරු හමුදා භටයින් සන්නිවේදන අගල් කණින හඬ. එ් ගැන හිතන්නෙපා සර්”
පීටර් සාමිවරයා බන්ටර්ගෙන් අල්ලා ගත්තේය.
“අපේම රාජකීය ඉංජිනේරු හමුදා භටයින්. ඔබට හොදටම විශ්වාසද?” ඔහු පැවසුවේය.
“අැත්තෙන්ම ඔව්” බන්ටර් උද්යෝගයෙන් පිළිතුරු දුනි.
“ඔවුන් කුලුන කඩා දමයි” පීටර් සාමිවරයා පැවසුවේය.
“ඔව් අැත්තෙන්ම ඔවුන් එහෙම කරයි” බන්ටර් කීවේය. “එ් වගේම ඔබ ටිකක් මෙහින් වැතිරෙනවා නම් හොදයි. ඔවුන් මේ පැත්තටත් එන්න ඉඩතියෙනවා”
“ඔබට හොදටම විශ්වාසද එ්ක අතහරින එක අාරක්ෂිතයි කියලා” පීටර් සාමිවරයා විමසුවේය.
“නිවසක් වගේම අාරක්ෂිතයි සර්.” තම ස්වාමියාගේ කරවටා අතක් යවමින් ඔහුව නිදන කාමරය වෙත ගෙන යන ගමන් බන්ටර් පැවසුවේය.
පීටර් සාමිවරයා තම ඔෟෂධ මාත්‍රාව ගෙන කිසිදු විරෝධයකින් තොරව අැඳට ගියේය.
ඍජු කළු පැහැ අවුල් වූ කොණ්ඩයත් ඉරි වැටුණු පිජාමාවත් නිසා බන්ටර්ගේ වෙතින් අසාමාන්‍ය පෙනුමක් දිස්විය. ඔහු තරුණයාගේ උල් වූ කොපුල් අස්ථීත් අැස් යට දම් පැහැවීමත් බලාසිටියේය.
“මේ ප්‍රහාර අවසන් කියලා අපි හිතුවා”යි ඔහු කීවේය. “තමන් ගැන ඕනෑවට වඩා හිතගෙන ඉන්නවා. නිදිද?” ඔහු කලකිරීමට පත්වී සිටියේය. “අසරණ දරුවා” බන්ටර් දයාන්විතව පැවසුවේය.
No comments:
Post a Comment